මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය ගැන CIDය නිසි පරිදි ක්රියාත්මක නොවූ බව ජනපති කොමිසමේදී අනාවරණ වෙයි
(24.01.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්රියාත්මක නොවූ බව පාස්කු ප්රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) අනාවරණ වුණා. ඒ එම කොමිසම හමුවේ එවක කෑගල්ල ප්රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදුන් …