Monthly archives: අගෝස්තු, 2019

පැල්මඩුල්ලේ මැණික් කොල්ලයට 5 ක් අල්ලයි – ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුත් ඒ අතර

(07.08.2019 – 07:47 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 3 ක මැණික්, මුදල් සහ රන් ආභරණ පැල්මඩුල්ල ප්‍රදේශයේ ආයතනයකින් කොල්ලකෑමේ සිද්ධියට ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුන් ඇතුලු පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 28 වනදා එම ආයතනයට පැමිණි සැකකරුවන් එහි තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් 604 ක්, මුදලින් රුපියල් හාරලක්ෂ 47,000 …

නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු රිමාන්ඩ්

(06.08.2019 – 18:24 +0530 – hirunews.lk/sinhala) නවකවදය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴ රුහුණේ චන්ඩි පොලිසිටය බයේ හඬා වැටෙයි.. (07.08.2019 – webgossip.lk) රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම …

මාරවිල මාර රෝහලේ වෛද්‍ය බූරුවෙක් ගර්භාශ සැත්කමට ආ මවගේ අත කපලා !

(06.08.2019 – mawbima.lk) උදරයේ සැත්කමක් සඳහා පැමිණි මවකගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාර්තා වේ. මේ අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ මාදම්පේ පදිංචි මවක වන පැට්‍රීෂියා ලීලාවතී (78) මහත්මියයි. මේ මව ගර්භාශය ඉවත් කර ගැනීමේ සැත්කම කිරීම සඳහා මාරවිල රෝහලට දෙපයින් ඇවිදගෙන පැමිණ ඇත්තේ පසුගිය මස විසි වැනි දිනයි. ඉන් දින දෙකකට පසු …

ත්‍රස්ත සැකකරුවන් වන්දි සමඟ උත්සවාකාරයෙන් පවුලේ අයට භාරදෙන්න – ගම්මන්පිල

(05.08.2019 – 21:03 +0530 – sinhala.adaderana.lk) රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. “පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමඟ නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා. එතුමා ගැන …

පල්ලෙවෙල විෂ මත්පැන් සිද්ධියේ හිමිකරු සහ සහයකයා රිමාන්ඩ් – සාම්පල රස පරීක්ෂකට

(05.08.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවමින් පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය හිරු පුවත් අනාවරණයෙන් පසු පොලීසිය ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි තිබී නිෂ්පාදනය කරන ලද මත්පැන් සහ ඊට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඒවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කර තිබෙනවා. …

වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් හයදෙනෙක් (06) මරුට – 52 ක් රෝහලේ

(04.08.2019 – 06:39 +0530 – sinhala.adaderana.lk) වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇත. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් තවත් පුද්ගලයින් 52 ක් තුවාල ලබා ඇති අතර ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතර පිරිමි 43 ක් , කාන්තාවන් 08 ක් …

ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක්…

(02.08.2019 – 16:40 +0530 – lankacnews.com) ජනාධිපතිවරණය කැදවීමට දින 69 යි.. ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක්… විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය : අද මේ රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ ජනාධිපතිවරණය කියන මාතෘකාවයි. ජනාධිපතිවරණයට තව දින 113 යි ඉතිරි වෙලා තිබෙන්නේ. දවස් …

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ඖෂධ රැසක හිඟයක්

(01.08.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala) මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ රැසක හිඟයක් පවතින බවට අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම රෝහලේ වෛද්‍යවරුන් කරුණු අනාවරණය කළා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ්‍යවරයා පවසන්නේ කිසිදු ඖෂධ හිඟයක් නොමැති බවයි. දිවයින පුරා බොහෝ රෝහල් මුහුණපා සිටින ඖෂධ හිඟය පිළිබඳ අප තොරතුරු …

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…! – ආචාර්ය සූරිය ගුණසේකර

(28.07.2019 – divaina.com) ලෝක ඉතිහාසයට අනුව ආගම් බිහිවීම සිදුවී ඇත්තේ කාන්තාර දේශගුණයේය. ඊට හේතුව ලෙස මානව විද්‍යාඥයන් දකින්නේ අධික උෂ්ණයෙන් පීඩිතව කූඩාරම තුළ කොටුවී ඉන්නා කාන්තාර වැසියා විසින් සොබාදහම නොදැකීමය. සිසිල් වූ රාති‍්‍රයේදී පවා ඔහු දකින්නේ සඳ සහ තාරකා වැලි කඳු සහ තම බැටළු පට්ටිය පමණි. එබැවින් මහා බලසම්පන්න දෙවියකු විසින් මේ සියල්ල නිර්මාණය කර …

පොලීසිය බදියුදීන්ට පක්ෂග්‍රාහී බවට චෝදනාවක්

(01.08.2019 – 11:03 +0530 – sinhala.adaderana.lk) වර්තමාන ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් මහතාට නැවත වරක් අමාත්‍යධූරයක් ලබාදීම මහජන මතය නොසලකා හැරීමක් බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සදහන් කළේය. රිෂාඩ් බදියුදීන් මහතාට ඇති චෝදනා ඉදිරියේ ඔහු අත්අඩංගුවට නොගැනීම මඟින් පොලීසිය පක්ෂග්‍රාහීව ක්‍රියාකරනවාය යන චෝදනාව …