මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් පසුගිය මාස 4 තුළදී සේවයෙන් ඉවතට
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් පසුගිය මාස 4 තුළදී සේවයෙන් ඉවතට
(11.02.2025 – 19:44 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු පසුගිය මාස 4 තුළදී ස්ථීර වශයෙන්ම සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
පොලිසියේ රාජකාරී කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනූව නිලධාරී ලැයිස්තුවක් ලබාගෙන එය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හරහා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඒ අනුව එම ලයිස්තුගත නිලධාරීන් පිළිබදව විමර්ශන පවත්වා ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් පොලිස් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මත්ද්‍රව්‍ය භාවිත කරන තවත් නිලධාරීන් ගණනාවක් පිළිබදව විමර්ශන සිදුකරන බවත් එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් කිසිදු සමාවක් නොමැතිව දැඩි තීරණ ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවා ෴
වාලම්පුරි 04 ක් රුපියල් කෝටි හතරහමාරකට (4½) විකුණන්න ගිය තිදෙනෙක් (3) අත්අඩංගුවට
(11.02.2025 – 18:28 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිකුණාමලය, කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04 ක්, රුපියල් කෝටි හතර හමාරකට (4½) අලෙවි කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු (3) එම වාලම්පුරි ද සමඟ ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිසියම් පිරිසක් වාලම්පුරි 04 ක් අලෙවි කිරීමට සූදානම් වන බවට ලැබි තිබූ තොරතුර අනුව, ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයින් ලෙස වනජීවි නිලධාරීන් පිරිසක් වෙස්වලාගෙන ගොස් තිබෙනවා.
ඒ අනුව, ව්‍යාපාරික වෙසින් පෙනී සිටි වනජිවී නිලධාරීන්ට එම වාලම්පුරි 04 රුපියල් කෝටි හතරහමාරකට (4½) අලෙවි කිරීමට සැකකරුවන් එකඟව ඇති අතර, ත්‍රීකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථානයකදී ඒවා අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිලාවේලි හා වව්නියාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33, 38 හා 45 යන වයස්වල පසුවන්න බවත්, ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් නිලාවේලි වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කළා.
පහරදීමකින් බෝමිරිය පාසලේ සිසු සිසුවියන් පිරිසක් රෝහලේ
(11.02.2025 – 22:52 +0530 – hirunews.lk/sinhala)
බෝමිරිය ජාතික පාසලට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් සිසු සිසුවියන්ට අමානුෂික ලෙස පහරදීම නිසා තුවාල ලැබූ සිසු සිසුවියන් 10 කට වැඩි පිරිසක් අද (11) සවස රෝහල් ගත කළ බව එම විද්‍යාලයේ විදුහල්පති අසංග මනෝජ් පවසනවා.
මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දින කිහිපයකට පෙරත් පාසල් දරුවන් කිහිප දෙනෙකුට පහර දී ඇති අතර අද (11) දිනයේදී තවත් පිරිසක් සමග පැමිණ පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම සිදුකර තිබෙනවා.
පිරිමි දරුවන්ට පහර දීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් බේරීමට ගිය පාසල් දැරියන්ටද මල් පෝච්චි ඉදල් කොසු මිටවල් ආදියෙන් පහරදීම සිදුකර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවද විදුහල්පතිවරයා පැවසුවා.
තුවාල ලැබූ දැරියන් 06 දෙනෙකු සහ පිරිමි දරුවන් 05 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබනවා.
ඉන් එක් (1) දරුවෙකු ගිලන් රථ මාර්ගයෙන් වෙනත් රෝහලකට ඇතුළත් කළ බවත් රෝහලේ ප්‍රතිකාර ලබන ඉතිරි දරුවන් පිරිස බස් රථයක් ගෙනවිත් කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට කටයුතු කරන බවත් විදුහල්පති අසංග මනෝජ් වැඩිදුරටත් පැවසුවා.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය කටයුතු කරමින් සිටිනවා ෴
ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් පාසල් සිසුන් 11 දෙනෙකු නවගමුව, මුල්ලේරියාව සහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි පොලිසිය සදහන් කළේ.
ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිරිසක් සහ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළලේ පුහුණු වීම් සිදුකරන සිසුන්ට මෙලෙස පහර දී ඇති බව සදහන් ෴
+
+
සංස්කෘතිය බිඳවට්ටන හැටි මෙන්න – ආණ්ඩු පෙරළුව හැටි – ඔක්කොම හෙළිදරව් වෙමින් තියෙන්නේ (11.02.2025)
+
මගේ රෙද්ද අස්සේ ගුරුවරු නෑ – අහිංසක පාසල් දරුවන්ගේ මව්පියන්ට අන්තිමට දකින්න ලැබුණු අශෝභන දර්ශනේ (11.02.2025)
+
ටිල්වින් පැලවත්තේ ලෙනින් කියවද්දී ජනාධිපති කාර්යාලය මෙහෙයවන්නේ ජෝන් කීල්ස්ලා (11.02.2025)
+
‘සේවක අර්ථ සාධක අරමුදල’ට කළමනාකරණ පද්ධතියක්
(12.02.2025 – 09:22 +0530 – hirunews.lk/sinhala)
‘නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක්’ නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව සඳහන්කර සිටියා.
ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන ‘සේවක අර්ථසාධක අරමුදලේ’ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5 ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000 ක් පමණවෙන බව සඳහන්.
2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2 ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම්වල වාර්ෂික වර්ධනය 9% ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන තිබෙනවා.
‘සේවක අර්ථසාධක අරමුදලේ’ කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශිලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර ඒ අනුව, ‘නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක්’ නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ Price water house Coopers Private Limitedහි උපදේශකත්වය යටතේ නව කළමනාකරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර ඇති බව සඳහන්.
එම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ‘පද්ධති සම්බන්ධකයෙක්’ (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙසේ ලැබී තිබෙනවා ෴
+
‘ඇස් වාට්ටුවේ’ නියෝජ්‍ය අධ්‍යක්ෂකට තර්ජන
(12.02.2025 – 09:25 +0530 – hirunews.lk/sinhala)
‘ජාතික අක්ෂි රෝහලේ’ ආහාර සොරකම් සම්බන්ධයෙන් විමර්ශන කල එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට ‘මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයෙන්’ තර්ජනය එල්ල වී තිබෙනවා.
ඒ පෙරේදා (10) සිදු වූ ආහාර සොරකමක් සම්බන්ධයෙන් මුළුතැන්ගෙයි පරීක්ෂකවරයෙකු (1) ඇතුඵ සේවකයින් දෙදෙනෙකු (2) කැදවා ප්‍රශ්න කිරීමත් සමඟයි.
රෝගීන්ට ලබා දෙන ආහාර මෙන්ම ආහාර පිසීම සදහා රැගෙන එන ද්‍රව්‍ය හොර රහසේ රෝහලෙන් පිටතට රැගෙන ගොස් අලෙවි කිරීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට තොරතුරු ලැබී තිබුණා.
ඒ පිළිබද පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට මීට මාස 3 කට පමණ පෙර දැනුම් දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ‘ජාතික අක්ෂි රෝහලේ’ ආහාර පිටතට රැගෙන යන සීසීටීවි දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
අප මේ සම්බන්ධයෙන් ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් කළ විමසීමක දී ඔහු සදහන් කළේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇති බවයි.
ඒ අනුම අමාත්‍යාංශය මට්ටමින් නිසියාකර පරීක්ෂණයක් සිදු වනු ඇති බව ඔහු සදහන් කළා ෴
බහින්බස්වීම දුරදිග ගොස් අර්චුනාට සහ පුද්ගලයෙකුට තුවාල
(12.02.2025 – 10:11 +0530 – hirunews.lk/sinhala)
යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියෙන් කළ විමසීමක දී සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රියේ යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර ඇති බවයි.
මෙම ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා සඳහන් කළේ, තමන්ට පහරදීමට පැමිණි නිසා තමන්ද පහර දුන් බවයි.
කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ ෴
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා ෴
මෙන්න අලුත්ම ආරංචිය පොලීසිය උඩුයටිකුරු වෙයි – පාතාලය තිගැස්සෙයි – හදිසියේම විශේෂ නියෝග රැසක් (11.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴