විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක්
විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක්
(15.04.2026 – 19:29 +0530 – sinhala.adaderana.lk)
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව අද (15) නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළේය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් තාප විදුලි උත්පාදනය අඩුවීමට පිළියමක් ලෙස මෙම පියවර ගැනීමට යෝජනාවී ඇති බව ද ඔහු අවධාරණය කරයි.
පසුගිය මාර්තු 24 වෙනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ගේ මූලිකත්වයෙන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව බහුජන ලේකම්වරයා පෙන්වා දුන්නේය.
“බාල ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම නිසා විදුලි නිෂ්පාදනයට ඩීසල් බලාගාරවල විදුලිය ජනනය කිරීමේදී අධික පිරිවැයක් දරන්නට සිදුවෙන බව දැනටමත් වාර්තා වෙනවා. සිදුවන පිරිවැය පාරිභෝගිකයන් මත පැටවීමට එරෙහි විරෝධතා මතුවන නිසා ආණ්ඩුව මෙම තීන්දුව අරන්. ‘එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට වූ කාරියා’ කියලා අර ඉඳුරුවෙ ආචාරියා ගැන කියනවා වගේ දැන් ආණ්ඩුව මේ බාල ගල්අඟුරු ප්‍රශ්නය නිසා සීයක් කඩතොලු ඇතිරමින් තිබෙනවා.
අපට තොරතුරු ලැබී තිබෙන ආකාරයට වික්ටෝරියා ජලාශයේ ජලය, පානීය ජල අවශ්‍යතා වනුවෙන් භාවිත කිරීම සඳහා මුහුදු මට්ටමේ සිට මීටර් 422 පට්ටමේ පවත්වාගෙන යාම අවශ්‍ය වන නමුත් මේ ආණ්ඩුවෙ හිතුවක්කාර තීරණ නිසා එම සීමාව පහත වැටීමක් වෙනවා.
ජලාශවල ජලය අධික වශයෙන් විදුලි බල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වනවිට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා.
මේ වනවිට ජල සැපයුම් සබඳතා 17,000 කට පානීය ජලය සැපයුම ගැටලුවක් වෙලා. බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇතත් පාරිභෝගික අවශ්‍යතාව ඝන මීටර් 12,000 ක් වුවත් දෛනිකව බෙදාහරින්නට හැකිව තියෙන්නෙ ඝනමීටර් 500 ක් පමණයි.
ඒ විතරක් නෙවෙයි, මේ හේතුව නිසා පල්ලෙකැලේ ආයෝජන කලාපයේ ඇතැම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සැපිරීම අභියෝගයක් වෙලා, මොකද ජලය නැති නිසා අප්‍රේල් 10 වැනිදා කම්හල් වසා දමන්නට පියවර අරන්.
මේ තත්වය නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය, කෘෂි කර්මාන්තයට අවශ්‍ය විදියට කලමනාකරණයේ ගැටලුවක් ඇතිවන නිසා මේ ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙනවා. අපි ආණ්ඩුවට කියන්නෙ වහාම මේ අමනෝඥ තීරණය හකුලා ගන්න කියලා”.
+++
+
ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කරන වාහනවලට වැඩ වරදී
(15.04.2026 – hirunews.lk)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කර රථ වාහන ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන, සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සඳහන් කළා.
අලුතින් ලියාපදිංචි කෙරෙන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන් සිදුනොකරන පසුබිමක ඇතැම් ජාවාරම්කරුවන් නීතිවිරෝධී ක්‍රියා සිදුකරගෙන යාමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම අලුතින් වාහන ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන් විවිධ පැහැයෙන් යුත් අංක තහඩු සවිකර මෝටර් රථ ධාවනය කරන අතර එය නියාමනය කරන ලෙස පොලිස්පතිවරයා මෝටර්රථ කොමසාරිස් ජනරාල් දැනුවත් කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා ෴
ප්‍රෙෂර් බලන්න ගිය වෛද්‍යවරියට ලිංගික අතවර කළ රෝගියෙක් අත්අඩංගුවට
(15.04.2026 – hirunews.lk)
වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට අදාළව කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් ඊයේ (14) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අගලවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අපස්මාර රෝගය සහ අධික බීමත්කම හේතුවෙන් මතුගම පිඹුර රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා මොහු ඊයේ (14) පස්වරුවේ නාගොඩ මහ රෝහලේ අංක 22 වාට්ටුවට ඇතුළත් කර තිබූ බව පොලිසිය පවසනවා.
සැකකරු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, ඔහුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට පැමිණි මෙම වෛද්‍යවරියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති අතර, වෛද්‍යවරිය ඔහුට බැන වැදී එවැනි දෑ නොකරන ලෙස අවවාද කර ඇතැයි වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, වෛද්‍යවරිය නැවතත් වෛද්‍ය පරීක්ෂණ උපකරණය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී රෝගියා දෙවන වරටත් එම ආකාරයෙන්ම ලිංගික අතවරයක් සිදු කර ඇති බව පැමිණිල්ලේ සඳහන්.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරිය විසින් වාට්ටුව භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය දැනුවත් කිරීමෙන් අනතුරුව, රෝහලේ ස්ථාපිත පොලිස් මුරපොල වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ කළුතර දකුණ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
දියේ ගිලී සහෝදරයින් තිදෙනෙක් (3) අතුරුදන්
(15.04.2026 – hirunews.lk)
සේරුනුවර සෝමාවතිය රක්ෂිතය මගින් ගලා බසින මහවැලි ගගේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු (3) දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මොවුන් මහින්දපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24, 34 සහ 35 යන වයස්වල පසුවන්නන්.
සිය පියා සහ තවත් සහෝදරයෙකු (1) සමග දිය නාමින් සිටියදීයි මොවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
මේ අතර, හබරාදූව පොලිස්වසමේ ඊයේ (14) පස්වරුවේ සිදු වූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හබරාදූව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කලුගල රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් මියගොස් සිටි බවයි.
මෙලෙස මියගොස් තිබුණේ, කටුනායක ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සදහා හබරාදූ ප්‍රදේශයට පැමිණි සිටි අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන්නන්.
+++
+
චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට
(16.04.2026 – 05:35 +0530 – sinhala.adaderana.lk)
පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් (2,40,20,000) වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම චීන ජාතිකයන් පිරිස අද (16) අලුයම 12:25 ට චීනයේ කුංමිං නුවර සිට ‘චයිනා ඊස්ටන්’ ගුවන් සේවයේ එම්.යූ. 6912 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් සිය සිරුරෙහි සහ ඇඳුම් තුළ සෙලෝටේප් යොදා පාවිච්චි කළ ජංගම දුරකථන 383 ක්, ටැබ් පරිගණක 101 ක් සහ වයිෆයි රවුටර් 06 ක් සඟවා ගෙන ගෙනැවිත් ඇත.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම පිරිස සිය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++
+
අවුරුදු පාටියකට ආයුධ අරන් සිවිල්පිට පැන්න අකුරැස්ස පොලීසිය ලක්ෂ ගණන් සල්ලි මංකොල්ල කයි (16.04.2026)
+
කුඩු ගැන දුන්න ඔත්තුවේ පලිය ගන්න ගෙට ගිනි තියලා | දෙයියනේ…මුළු ගෙදරම අළු ගොඩක් වෙලා (16.04.2026)
+
චන්දන කත්‍රිආරච්චිගේ නිවසෙන් අවි ආයුධ සොයාගැනීම ගැන තවත් තොරතුරු එළියට
(16.04.2026 – 15:14 +0530 – sinhala.adaderana.lk)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (16) ඔහුගේ නිවස පරීක්ෂා කෙරුණි.
එහිදී T56 උණ්ඩ 221 ක්, T56 මැගසින් 2 ක්, 7.2 උණ්ඩ 31 ක්, 0.2 උණ්ඩ 103 ක් සහ ජීව අත්බෝම්බයක් (1) සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතාව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ජීව අත්බෝම්බය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත එකක් බවද අනාවරණය වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසේ තවදුරටත් සෝදිසි කිරීම් සිදුකර ඇති අතර එහිදී ලියාපදිංචි ගිනිඅවි 4 ක් ද සොයාගැනීමට හැකිවී තිබුණි.
ඉන් එක් (1) ගිනිඅවියක් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නමට ලියාපදිංචි කර තිබෙන අතර අනෙක් ගිනිඅවි 3 චන්දන කත්‍රිආරච්චි මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ බව අනාවරණය වී තිබේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2 ක් සහ 9mm වර්ගයේ ගිනිඅවි 2 කි.
ඒ අනුව චන්දන කත්‍රිආරච්චි මහතා සතුව මෙතරම් ගිනිඅවි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++
+
අපි තවම අපේ ප්‍රොපගැන්ඩා පටන් ගත්තෙ නෑ… අලුත් දේසපාලනයේ පරණ බත් ගොට්ටෝ (16.04.2026)
+
ඇමති ලාල්කාන්තගේ රු. කෝටි 46 කට අධික වත්කම් බැරකම් එළියට
(16.04.2026 – hirunews.lk)
සියලු දේශපාලන නියෝජිතයින් සෑම වසරකම සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද සිය වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.
එම ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුවයි.
එම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත නිශ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් මිලියනය 6 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20 ක ඉඩමක්, රුපියල් මිලියන 56 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14 ක ඉඩමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊට අමතරව පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 1,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් සිය නිශ්චල දේපළ ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
ලාල් කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව රුපියල් ලක්ෂ 16 ක වටිනාකමකින් යුත් පවුම් 8 ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3 ක විටිනාකමකින් යුත් රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් යුත් මෝටර් රථයක්ද චංචල දේපළ ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, පෞද්ගලික ආයතන 10 කට අදාළ රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක (38,39,06,750.40) සුරැකුම් පත්ද ඔහු මිලදී ගෙන තිබෙනවා.
මෙම වත්මක් බැරකම් ප්‍රකාශයට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත් ලක්ෂ තිස් අටදහස් නවසිය දහ අටයි ශත දහසයක් (7,38,918.16) , දේපළ බදු දීමෙන් ලබන ආදායම ලෙස රුපියල් ලක්ෂ හතරක් (4) සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසීයක (7,71,400) මුදලක් ද දක්වා තිබෙනවා.
ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ලද ආදායම ලෙස රුපියල් විසි හත් ලක්ෂ පනස් පන්දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් (27,55,851.97) ප්‍රකාශ කර ඇති අතර, වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහ අට ලක්ෂයක් (18,00,000) ද දක්වා තිබෙනවා.
මේ අනුව, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය (46,00,00,000) ඉක්මවනවා ෴
+++
+++
ලාල් කාන්ත ගැන වෙන විදිහකට හිතමු (16.04.2026)
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴