ඩුබායි පැන්න පොලිස් කොස්තාපල් ගිනි අවිය පාතාලයට දීලා?

ඩුබායි පැන්න පොලිස් කොස්තාපල් ගිනි අවිය පාතාලයට දීලා?


ඩුබායි පැන්න පොලිස් කොස්තාපල් ගිනි අවිය පාතාලයට දීලා?

(09.02.2025 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමග අතුරුදන් වී ඇති බවට පැවසෙන පොලිස් කොස්තාපල් ඩුබායි වෙත පලාගොස් ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු සතුව තිබූ ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

මෙම ගිනි අවිය තෙවන පාර්ශවයක් වෙත ලබාදී ඇත්ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල් පොලිස් ස්ථානයෙන් ටී-56 ගිනිඅවිය සහ උණ්ඩ රැගෙන පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී මාර්ග බාධක රාජකාරී සඳහායි.

කෙසේවෙතත්, ඔහු රාජකාරිය පැවරී තිබූ ස්ථානයට වාර්තා කර නොතිබූ හෙයින් ඒ පිලිබදව සොයා බලා තිබෙනවා.

පසුව ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දී ඇති අතර, ඔහු ඊට ද ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

අනතුරුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකාර පොලිස් කොස්තාපල් ඊයේ (08) රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි බලා පිටව ගොස් ඇති බවටයි.

මෙලෙස පළාගොස් ඇත්තේ අනුරාධපුර – හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි ‘කවිදු ප්‍රකාශ් ජයකොඩි’ නැමැති 25 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

සැකකාර පොලිස් නිළධාරීවරයා ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයට ගොස් ත්‍රිරෝද රථයකින් පළා ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මෙම පොලිස් කොස්තාපල් ඩුබායි වෙත පළායාමට පෙර ඔහු සතුව තිබූ ගිනි අවිය පාතාල කල්ලි සාමාජිකයෙකුට ලබාදී ඇත්ද යන්න පිළිබදව සැක පල වන බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ඔහුගේ ඥාතීන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, ‘ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූවෙකු’ බවටද අනාවරණය වී තිබෙනවා.

+

+


ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයාට නොසිතූ මොහොතක සිදුවූ අකරතැබ්බය – සියල්ල CCTV කැමරාවේ (08.02.2025)

+


කොළොන්නාව කැළඹූ සිද්ධිය | ඖෂධ, චොක්ලට්, කිරිපිටි අතුරුදන් | සීසීටීවී කැමරාවෙන් අලුත් සාක්ෂියක් (08.02.2025)

+


කොට්ටාවේදී CCTV කැමරාවේ පටිගත වූ දේ – ප්‍රසිද්ධියේ කළ නොමනා වැඩේ (08.02.2025)

+


දැන් එතැන දේශපාලනයට අහුවෙලා ඉවරයි ලැබුණු දැවැන්ත මුදලට මොකද වුණේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න (08.02.2025)

+


සාක්ෂි වහන්න ලසන්තගේ ඝාතකයන් මරන්න වෙනම ටීම් එකක් දැන් බැහැලා – ලසන්ත මැරුවේ වෙඩි තියල කපල කොටල නෙවෙයි (09.02.2025)

+


‘මගේ ස්ථාවරය පිළි නොගන්නේ නම් නීතිමය පියවර ගන්න…’ – නීතිපති

(10.02.2025 – 10:00 +0530 – lankacnews.com)

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය සඳහා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නව නියෝගයක් ලබා දීමට නියමිතය.

වික්‍රමතුංග මහතාගේ රියදුරු පැහැරගෙන ගොස් සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කළ නිර්දේශය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි මහජන විවේචන හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

නීතිපති පාරින්ද රණසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සිකුරාදා පැවති හමුවකදී, සැකකරුවන් තිදෙනාට (3) එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා ජනාධිපතිවරයාට සහ රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ට දැනුම් දී ඇත.

නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගැනීමට රජය සූදානම් නැතිනම්, ඔහුගේ නිර්දේශයට එරෙහිව ‘රිට් අයදුම්පතක්’ ගොනු කළ හැකි බව ඔහු අවධාරණය කර තිබුණි.

කෙසේ වෙතත්, අනාගතයේදී නව කරුණු මතු වුවහොත්, නිදහස් කරන ලද අයට එරෙහිව නැවත චෝදනා ගොනු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි කළේ, ඝාතනයෙන් වසර හයකට පසු, 2015 දී, ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු නොවූ වික්‍රමතුංග මහතාගේ රියදුරු, 2009 අගභාගයේදී ඔහු පැහැරගෙන ගොස් ඇති බවට නව ප්‍රකාශයක් ලබා දෙමින් CID විමර්ශකයින්ට පවසා ඇති බවයි.

මෙම ප්‍රකාශය මත පදනම්ව පරීක්ෂණයක් පවත්වන ලද අතර, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී. ‘ප්‍රේමා ආනන්ද උදලගම’ ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයෙකු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබුණද, ප්‍රධාන වශයෙන් හඳුනාගැනීමේ ක්‍රියාවලියේ නීතිමය දුර්වලතා හේතුවෙන් චෝදනා ගොනු කිරීමට සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහු නිදහස් කිරීමට තීරණය කළ බව දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර, වික්‍රමතුංග මහතාගේ වාහනයෙන් අතුරුදන් වූ ලියවිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේ කොටසක් ලෙස අත්අඩංගුවට ගත් ‘තිස්සසිරි සුගතපාල’ සහ ‘ප්‍රසන්න නානායක්කාර’ ද සාක්ෂි නොමැතිකම හේතුවෙන් නිදහස් කරන ලද බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සන්ඩේ ටයිම්ස්

+

අතිගරු ජනාධිපති පැටලෙන්න එපා | ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් වූ හැටි (09.02.2025)

+


ගොවි අරගලයක් ආරම්භ කරන බවට අනතුරු ඇඟවීම්

(09.02.2025 – 20:27 +0530 – hirunews.lk/sinhala)

රජය දැනට ප්‍රකාශයට පත් කර ඇති වී සහතික මිල වැඩි නොකළහොත් ගොවි අරගලයක් ආරම්භ කරන බවට ගොවි සංවිධාන අනතුරු අඟවනවා.

මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ ඕනෑම අයෙකුට වැඩි මිලට වී මිලදී ගැනීමට අවස්ථාව පැවතියත් සහල් මිල ඉහළ දැමීමට කිසිවිටෙක ඉඩ නොදෙන බවයි.

නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125 ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132 ක් ලෙස වී සහතික මිල රජය පසුගියදා ප්‍රකාශයට පත් කළා.

එම සහතික මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට ගොවි සංගම් සහ ගොවීන් තවදුරටත් චෝදනා කරනවා.

වී සහතික මිල ප්‍රකාශයට පත් කිරීමත් සමග වී මිල දී ගැනීම සඳහා ඇතැම් රජයේ ගබඩා සූදානම් කර ඇති නමුත් ඇතැම් වී ගබඩා අගුළු දමා ඇති අයුරු ද දක්නට ලැබෙනවා.

මේ අතර පොල්පිතිගම ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ රජයේ මිලට වඩා පෞද්ගලික මෝල් හිමියන් වෙත වී ලබාදීම වාසිදායක බවයි.

දීඝවාපිය සහ ඒ අවට ප්‍රදේශයේ අස්වනු නෙළීම මේ වනවිට අවසාන අදියරේ පවතින අතර ප්‍රදේශයේ පවතින එකම වී ගබඩාව මාස කීපයක සිට වී අලෙවි මණ්ඩලය ගල්ඔය වැවිලි සමාගමට කුලී පදනම් මත ලබා දී තිබෙනවා.

එම වී ගබඩාවේ මේ වනවිට සීනි ගබඩා කර ඇති අතර, ගොවීන් පවසන්නේ ඒ හේතුවෙන් සිය අස්වනු වී අලෙවි මණ්ඩලයට ලබා දීමට නොහැකි බවයි.

මේ අතර පෞද්ගලික මෝල් හිමියන්ගේ වී මිලට මුවා වී ඉදිරියේදී වෙළෙඳපොළේ සහල් මිල ඉහළ නැංවීමට ඉඩ නොදෙන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

+


“විදුලිය බිඳවැටීමට හේතුව පසුගිය රජයන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙලයි” – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

(09.02.2025 – 21:35 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරර්දර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

අද දින (09) පෙරවරුවේ ‘පානදුර විදුලි උපපොළේ’ සිදු වූ හදිසි තත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.

ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වා ගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරර්දර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබද වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී ඔහු පැවසුවේ මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නා බවයි ෴


දොරටියාව පොලිස් වසමේ, දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් (04) මරුට

(10.02.2025 – 06:45 +0530 – sinhala.adaderana.lk)

දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු (04) මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තවාල ලැබූ පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කිරීමේදී පිරිමින් තිදෙනෙකු (03) සහ කාන්තාවක් (01) මියගොස් ඇත.

නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත.

මරණකරුවන්ගේ සහ මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දොරටියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *