තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක්
තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක්
(02.02.2025 – 06:30 +0530 – sinhala.adaderana.lk)
මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය.
එමෙන්ම අවුරුදු 15 සිට 24 දක්වා වූ වයස් කාණ්ඩය මේ සම්බන්ධව ඉතා දැඩි අවධානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග මෙන්ම අනාරක්ෂිත ගැබ් ගැනීම් ද සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය.
විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය :
“විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග සහ HIV රෝග ගත්තොත් ඒකේ ගොඩක්ම බලපෑමට ලක්වෙලා තියෙන්නේ තරුණ වයසේ අය. අවුරුදු 15 සිට 24 දක්වා කාණ්ඩය ඉතා දැඩි අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ ගැන වැඩිදුරටත් තොරතුරු හොයද්දි සමාජ මාධ්‍ය භාවිතය ඒකට විශාල හේතුවක්. මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් තරුණ තරුණියන් තමන්ට සහකාරයෝ සහකාරියෝ සොයාගන්නවා. සමහරවිට එක්කෙනෙකුත් නෙමේ සමාජ මාධ්‍ය කිව්වාම සමහර ‘ඩේටින් ඇප්’ තියෙනවා ඉතිං ඒවා හරහා තරුණ තරුණියන් විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මත්පැන් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙලා තමා සමහර අය ඒ ක්‍රියාවන්ට යොමු වෙලා තියෙන්නේ මේ ආශ්‍රිත හේතු නිසා තමා ලිංගාශ්‍රිත රෝග HIV වැනි වෛරස් වගේම අනාරක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ.”
රේගුව එළියට දාපු කන්ටේනර් වල තිබුණේ රත්තරන්, ආයුධ, මත්ද්‍රව්‍යද? බඩු ගෙනාපු කොම්පැනි ලිස්ට් එක මෙන්න (30.01.2025)
+
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි | අපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි (24.01.2025)
+++
තාම ඒ ගොනා මගේ තුළත් ඉන්නවා..හැබැයි මම මාව කාටවත් පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ නැහැ (27.01.2025)
+
පියාට මරු කැඳවූ පුතුගේ මාරාන්තික ප්‍රහාරය
(02.02.2025 – 06:44 +0530 – sinhala.adaderana.lk)
පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ.
ඊයේ (01) අලුයම් කායේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයෙනි.
එලෙස මියගොස් ඇත්තේ, ආඩිමුනේ, උඩප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.
පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.
මෘත ශරීරය පරික්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවට දැනුම් දී ඇත.
ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව විමර්ශනයේදී ආනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.
මරණකරුගේ පුතා ‘මන්ද මානසික තැනැත්තෙකු’ බවත්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට පියා එදින යාමට නොපැමිණිම හේතුවෙන් අමනාප වී මෙලෙස පිහියෙන් ඇන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකළ සැකකරු වන වයස අවුරුදු 20 ක් වන මන්ද මානසික පුතා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
කල්ඉකුත් වූ ආහාර කිලෝ ලක්ෂ 15 ක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩාවක
(02.02.2025 – 12:26 +0530 – sinhala.adaderana.lk)
මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල්ඉකුත් වී ඇතැයි අනාවරණය වී තිබේ.
2023 වසරේ මෙම ආහාර තොගය ආධාර ලෙස ලැබී තිබුණේ ලෝක ආහාර වැඩසටහන යටතේදීය.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයට වර්ග අඩි 28,000 කින් සමන්විත ගබඩා 16 ක් ඇතුළත් වන අතර, ඉන් ගබඩා 10 ක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගැනේ.
පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබාදී තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට අධික තොගයක් එහි ගබඩා 3 ක ගබඩා කර තිබී ඇත්තේ දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහාය.
කසක්ස්ථානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් ලැබී තිබූ ආහාර තොගය නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී තිබේ.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ‘ජාතික ජන බලවේගයේ’ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් වේයන්ගොඩ දිසා ධාන්‍යාරය වෙත පැමිණ තිබුණි.
+
+
කොල්ලුපිටිය නවාතැන්පලක සිටි විදෙස් තරුණියක් ජීවිතක්ෂයට
(02.02.2025 – 13:59 +0530 – sinhala.adaderana.lk)
කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබේ.
එම නවාතැන්පලේදී විදේශිකයන් තිදෙනෙකු (3) අසනීප වී රෝහල් ගත කර ඇති අතර එයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකි.
අනෙක් දෙදෙනා (2) ජර්මන් ජාතික යුවළක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබේ ෴
+
+
රුපියල් ලක්ෂ 15 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අයෙකු අත්අඩංගුවට
(02.02.2025 – 11:42 +0530 – sinhala.adaderana.lk)
පයාගල හා අවට ප්‍රදේශ රැසකට ‘අයිස් මත්ද්‍රව්‍ය’ බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු ‘කළුතර අපරාධ කොට්ඨාසය’ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක්ද සැකකරු සතුව තිබී පොලිස් නිලධාරීන් සිය භාරයට ගනු ලැබීය.
දීර්ඝ කාලයක් පුරාවට සැකකරු සූක්ෂම ලෙස පයාගල, මග්ගොන, බේරුවල, වැලිපැන්න, අලුත්ගම සහ දොඩංගොඩ ආදී ප්‍රදේශ රැසකට මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජවාරමේ නිරතව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටින මේ වන විට විදෙස් රටක රැඟව සිටින ‘වැලි පැන්න පොඩි පැටී’ගේ ගෝලයෙකු බවද පොලීසිය පැවසීය.
‘ලාල්මෝලා’ යන අනුවර්තනාමයෙන් හඳුන්වනු ලබන සැකකරු 41 වියෙහි පසුවන අතර ඊයේ (01) සවස කළුතර අපරාධ කොට්ඨාසය විසින් පයාගල මන්ත්‍රීගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිට ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමින් නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුට එරෙහිව මීට පෙරද අවස්ථා කිහිපයකදීම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන පුද්ගලයෙක් බවද පොලීසිය පැවසීය.
සැකකරු අද (02) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ ෴
හෙට මේ අයව අත්අඩංගුවට ගන්නවා – ජනාධිපති අනුර කුමාර (02.02.2025)
+
‘රන්කැටියා’ගේ සමීපතමයෙක් ඇතුළු 04 ක් අත්අඩංගුවට
(02.02.2025 – 10:00 +0530 – sinhala.adaderana.lk)
යුද හමුදා හා පොලිස් නිල ඇඳුම් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ පාතාලකල්ලී සාමාජිකයෙකු වන ‘රන්කැටියා’ යන අයගේ සමීපතමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබේ.
මහබාගේ පොලීසියට ලැබුණු තොරතුරක් මත ඇලපිටිවල, මගුල්පොකුණ හා හොරපේ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ඔවුන් සතුව තිබී යුද හමුදා සහ පොලිස් නිල ඇඳුම්, අත්විලංගුවක්, ව්‍යාජ පිස්තෝල අවියක්, අඟල් 32 දිග ඇත් දළ 02 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම සැකකරුවන් දෙදෙනෙකු (2) සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 යි මිලිග්‍රැම් 780 ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29 හා 39 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
එක් සැකකරුවෙකු යුද හමුදාවේ සේවය කර ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අණාවරණය වී තිබේ.
තවත් සැකකරුවෙකු පාතාල කල්ලී සාමාජිකයෙකු වන ‘රන්කැටියා’ යන අයගේ සමීපතමයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය ෴
පුංචි සිඟිත්තෙක් ළිඳට වැටී අවසන් ගමන් යයි
(02.02.2025 – 08:27 +0530 – sinhala.adaderana.lk)
මැදගම, මෑගල්ලගම ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු නිවස අසල ඇති ළිඳට වැටී මියගොස් තිබේ.
ඊයේ (01) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, මල්ගස්තලාව, මෑගල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 01 මාස 02 ක් වූ කුඩා දරුවෙකි.
මියගිය දරුවා මව සමඟ නිවසේ සිටියදී මවට නින්ද ගිය අවස්ථාවකදී මෙම දරුවා නිවස ඉදිරිපිට අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මැදගම පොලීසිය සිද්ධිය සම්බව්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මරුට
(02.02.2025 – 15:24 +0530 – hirunews.lk/sinhala)
හිංදු කෝවිලේ අලුත්වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල් කොන්ක්‍රීට් කුට්ටියක් හිස මත වැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ ක්‍රේග්වත්ත උඩකොටස, බණ්ඩරවෙල පදිංචි වයස අවුරුදු 65 ක් වන පුද්ගලයෙක්.
හිංදු කෝවිලේ අලුත්වැඩියා කටයුතු සිදුකිරිම සදහා එහි පරණ කොටස් ඉවත් කරමින් සිටියදී ඔහු මෙම අනතරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
වී මිල ප්‍රකාශයට පත් නොකළහොත් ගොවි අරගලයක් අරඹන බවට අනතුරු ඇඟවිම්
(02.02.2025 – 15:21 +0530 – hirunews.lk/sinhala)
කඩිනමින් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකළහොත් ගොවි අරගලයක් ආරම්භ කරන බවට, ගොවි සංවිධාන නියෝජිතයින් නැවතත් අනතුරු අඟවනවා.
ඔවුන් පවසන්නේ ගොවීන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් පත් කරගත්ත ද තවමත් ගොවි ගැටලුවලට විසඳුම් දීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.
2024 මහ කන්නයේ නැගෙනහිර පළාතේ වගා කළ කුඹුරුවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව උතුරු මැද පළාතේත් ඇතැම් ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීන් වර්ෂාවෙන් සිදු වූ හානි හේතුවෙන් නියමිත කාලය සම්පූර්ණ වීමට පෙරම වී අස්වනු නෙළීම ආරම්භ කර තිබුණා.
කෙසේ වෙතත් තවමත් රජය වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.
වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ වී නිෂ්පාදනය කරන ප්‍රධාන දිස්ත්‍රික්කවල තවමත් වී අස්වනු නෙළීම නිසි ලෙස ආරම්භ කර නොමැති බවයි.
කඩිනමින් වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් නොකළහොත් ගොවීන් පාරට බැසීමට සූදානම් බවට ගොවි සංවිධාන නියෝජිතයින් අනතුරු අඟවනවා.
+
ලාදුරු රෝගීන් ඉහළට
(02.02.2025 – 12:42 +0530 – hirunews.lk/sinhala)
වාර්ෂිකව මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් 2000 ක් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ‘ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය’ පවසනවා.
ඒ අනුව, රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇති බවයි ලාදුරු මර්දන ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴