ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට

ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට


ගාල්ලේ වෙඩි තැබීමකින් තිදෙනෙකු (3) මරුට

(31.01.2025 – 01:17 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සඳහන් කළේ.

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ ආයතනයකට, යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු (2) T56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴


වැඩිමිලට සහල් විකිණූ සුපිරි වෙළෙඳසැලකට රු. ලක්ෂ 10 ක දඩයක්

(30.01.2025 – 20:32 +0530 – sinhala.adaderana.lk)

පාලන මිල ඉක්මවා සහල් විකිණීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ දක්වා පනවා ඇති ඉහළම දඩ මුදල රුපියල් මිලියනයක් බව එම අධිකාරිය පවසයි.

‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එම අධිකාරිය විසින් ජනවාරි මාසයේ දී පමණක් වැඩි මිලට සහල් අලෙවිකළ වෙළෙඳුන් 220 කට එරෙහිව නඩු පවරා ඇත.

ඉන් පෙරේදා (28) දිනයේදී පිටකොටුවේ සිල්ලර වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 7.5 ක දඩයක් පැනවූ බවද අසේල බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

“මේ වසරට ලබාදී තිබෙන ලොකුම දඩය රුපියල් මිලියනයක්. එය සුපිරි වෙළෙඳසැලකට. ඊට අමතරව පෙරේදා දවසේ පිටකොටුවේ සිල්ලර වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 7.5 ක දඩයක් පැනවූවා”.

මේ අතර මෙම වැඩසටහනට එක් වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ ජනක ප්‍රසාද් මහතා පවසා සිටියේ, තමන් මිලදී ගත් භාණ්ඩවලට බිල්පතක් ළඟ තබාගන්න ලෙසයි.

එය සිදුනොකිරීම හේතුවෙන් තමන්ට සිල්ලර වෙළෙන්දාට හෝ තොග වෙළෙන්දාට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව හෙතෙම පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :

“පාලන මිලට වැඩියෙන් තමයි සිල්ලර වෙළෙන්දන්ට මිලදී ගන්න සිදුවෙලා තිබුණේ. අපි පැහැදිලිව කියන්නේ තමන්ට විකුණන්න පුළුවන් මිලට සහල් ලබාගන්න කියලා.

හාල් මෝලෙන් ගත්තේ වැඩි මිලට නම්, ඔහු ළඟ වැඩිමිලට ගත් ඒ බිල්පතක් තියෙන්න ඕන. කිසිම අවස්ථාවක වැඩිමිලට ගත් බිල්පත ඉදිරිපත් වෙන්නේ නෑ. ව්‍යාපාරිකයට වගකීමක් තියෙනවා තමන් මිලදී ගත් භාණ්ඩවලට බිල්පතක් ළඟ තබාගන්න.

ඒක සිදු නොකිරීම තුළ අපට සිදුවෙනවා සිල්ලර වෙළෙන්දා නැත්තම් තොග වෙළෙන්දාට නඩු පවරන්න.”

+


රනිල්ට බැන බැන රනිල් ළඟටම ගිය ගම්මන්පිල… “සාකච්ඡාව සාර්ථකයි” (30.01.2025)

+


පාස්කු ප්‍රහාරයේ අලුත්ම හෙළිදරව්ව, බැසිල්ගේ සම්බන්ධය අපට කිව්වේ ගේඨාභය (28.01.2025)

+


මවක් මරාදමනකම් බලා සිටින කදාන පොළීසිය.. (27.01.2025)

+


මුලතිව් ජනකපුර ක්‍රිස්තියානිකරණයේ ශෝකාන්තය.. (28.01.2025)

+


31.01.2025

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *