හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ඉවත් කිරීම ගැන ආචාර්ය නීතිඥ ප්‍රතිභා කළ පැහැදිලි කිරීම
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ඉවත් කිරීම ගැන ආචාර්ය නීතිඥ ප්‍රතිභා කළ පැහැදිලි කිරීම
(30.01.2025 – 22:25 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව පමණක් බව, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
මේ අතර ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි, හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද කප්පාදු කරන බව, ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය තීරණය කළ අතර, එහි වඩාත්ම කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධවයි.
මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ පිහිටි නිවසේ කුලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ අතර, ඒ සමග හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාටම නිල නිවාසවලින් ඉවත්වන ලෙසට නව රජයේ සෙසු සාමාජිකයින්ගෙන් ද බලපෑම් එල්ලවෙමින් තිබෙනවා.
නමුත් නීති විශාරදයින් පෙන්වා දෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ ප්‍රතිලාභ සහ වරප්‍රසාද කප්පාදු කිරීම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා පමණක් කළ හැකි බවයි.
මේ අතර අද (30) කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව ප්‍රවාහන, මහාමාර්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි සියලු කප්පාදු කිරීම් කරන බවයි.
මේ අතර පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තිය එකමුතුව මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ අභියෝගය වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවයි.
+
කොළඹ වරායේ බහාලුමක හදිසි ගින්නක්
(30.01.2025 – 22:00 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායේ බණ්ඩාරනායක පර්‍යන්තයේ බහාලුමක් තුළ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.
මෙම ගින්න අද (30) රාත්‍රී 08:10 ට පමණ ඇතිවී ඇතිබවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම බහාලුම චීනයෙන් මෙරටට ගෙන්වූ බහාලුමක් බවටයි වාර්තා වෙන්නේ.
කෙසේනමුත්, කොළඹ වරාය ගිනි නිවන අංශය සහ නාවික හමුදාව එක්ව රාත්‍රී 09:15 ට පමණ ගින්න පාලනය කිරිමට කටයුතුකර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පවසා සිටියේ.
+
පරික්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට පාර්ශව කිහිපයකින් පැමිණිලි
(30.01.2025 – 21:23 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායේ ආනයනික බහාලුම් නිෂ්කාශන කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත බහාලුම් නිෂ්කාශන අංගනය ඉදිරිපිට තවදුරටත් දිගු පෝළිම් දක්නට ලැබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පවසන්නේ නිෂ්කාශන ප්‍රමාදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා රේගුව අද (30) සිට දින හතරක (4) විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
රේගු නිෂ්කාශනය කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග පසුගිය කාලය පුරාම රේගුවේ දැඩි තදබදයක් පැවැතියා.
පැවැති බහාලුම් තදබදය අතරතුර බහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරුණේ පවතින ගැටලුවට පිළියමක් වශයෙන්.
නමුත් ඒ සම්බන්ධයෙන් සමාජයේ ඇති වුයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක්.
බහාලුම් එලෙස වරායෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාට චෝදනා එල්ල වූ ඔහු අද (30) එම චෝදනා වලට ප්‍රතිචාර දැක්වුවා.
එවන් පසුබිමක ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2020 වර්ෂයේ සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කරනු ලබන අවදානම් කළමනාකරණ මූලධර්මවලට අනුව ශ්‍රී ලංකා රේගුව භාණ්ඩ නිදහස් කිරීම සිදුකරන බවයි.
ඒ අනුව රේගු දත්ත පද්ධතිය හරහා භෞතික පරික්ෂාවට ලක්කිරීම, ස්කෑන් පරික්ෂාවට ලක්කිරීම, භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයටම ලක් කිරීම සහ භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයට ලක් නොකර නිදහස් කිරීම යන ක්‍රමවේද භාවිත කරන බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.
එවැනි තත්ත්වයක් තුළ ඉකුත් ජනවාරි 12 වැනිදා ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සමග පැවති සාකච්ඡාවේදී බහාලුම් නිශ්කාෂණ කටයුතු කඩිනම් කරන ලෙස රේගු අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවත්, නිර්ණායකයන්ට අනුකූලව අදාළ බහාලුම් නිදහස් කළේ ඒ අනුව බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ශ්‍රී ලංකා රේගුව අවධාරනය කරන්නේ එලෙස බහාලුම් නිදහස් කිරීම හරහා අවි ආයුධ, රත්රත්‍රන් හා මත් ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමි වීමේ හැකියාවක් නොමැති බවයි.
මේ අතර රතු ලේබල් කර දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සමාජ අසාධාරණයට විරුද්ධව ‘තරුණ හඬ’ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.
+++
එළියට ගිය ‘රතු කන්ටේනර්’ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් – “කෙළින් එන්න…” (30.01.2025)
+
+
+
+
වරායේ බහාලුම් අර්බුදයට වානිජ මණ්ඩල හා සංගම් 29 කින් ඒකාබද්ධ යෝජනාවක්
(30.01.2025 – 19:20 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනයට මතුව ඇති බාධා ඉවත් කිරීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් ඒ සඳහා කෙටිකාලීන යෝජනා 6 ක් සහ මධ්‍යකාලීන යෝජනා 5 ක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙටිකාලීනව ගත යුතු පියවර ඉදිරි සතිදෙක ඇතුළත හා මධ්‍ය කාලීනව ගත යුතු පියවර ඉදිරි සති 3-6 කාලය ඇතුළත ක්‍රියාවට නංවන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලීම් කර ඇත්තේ.
ප්‍රමාද වූ කාර්යයන් විසඳීම සඳහා ස්කෑන් කිරීමේ සහ පිරික්සුම් පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කිරීම, Green Channel පුළුල් කිරීම සඳහා ආනයනකරුවන් පිළිබඳ පවතින දත්ත උපයෝගී කර ගැනීම කෙටි කාලීන යෝජනාවලට ඇතුලත්.
එමෙන්ම බලයලත් ආර්ථික ක්‍රියාකරුවන් (AEO) සහ රේගු ආර්ථික ක්‍රියාකරුවන් (CEO) සඳහා කඩිනම් අනුමැතිය ලබා දීම, අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් පුළුල් කිරීම, කඩිනම් නිෂ්කාශන කමිටුව නැවත කැඳවීම සහ යම් කාලයක් සඳහා හෝ රේගු කාලය වැඩිකිරීම හෝ කාර්ය මණ්ඩලය ඉහළ දැමීම ද ඔවුන් හදුන්වා දුන් කෙටි කාලීන යෝජනා වෙනවා ෴
බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගෙන් CIDයට පැමිණිල්ලක්
(30.01.2025 – 18:57 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323 ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ සිය කීර්ති නාමයට කැළලක් ඇති වන ලෙස ඇතැම් දේශපාලඥයින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍යය තුළත් සමාජගත කොට තිබූ තොරතුරද ආණ්ඩුකාරතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඔහු සඳහන් කළේ මේ එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසත්ය.
තමන්ට අවශ්‍ය වන්නේ වැඩක් කිරීමට බව පැවසූ ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් පැවසුවේ පරාජිත කණ්ඩායම් විසින් කරනු ලබන චෝදනා හෙලා දකින බවයි ෴
මෝදරින් පරිභෝජනයට නුසුදුසු පාන්පිටි තොගයක් හමුවෙයි
(30.01.2025 – 18:22 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – මෝදර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි කිලෝග්‍රෑම් 25 බැගින් වූ ඇසුරුම් 30,000 ක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ තිරිගු පිටි තොගය සත්ත්ව ආහාර සදහා රැගෙනවිත් තිබු බවටයි එම අධිකාරිය සදහන් කළේ.
කෙසේ වෙතත් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැක මතුවීම මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ තිරිගු පිටි තොගය සොයාගෙන ඇති බව සදහන්.
මේ අතර, පාරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන රටඉදි කිලෝ 10 බැගින් වන මලු 25 ක් පිටකොටුව ප්‍රදේශයේ වෙලදසැලක තිබියදී සොයාගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය භාරයට ගැනුණු මෙම රටඉදි අඩංගු මලු වල සටහන් කර තිබූ කාණ්ඩ අංක කපා ඉවත් කර තිබූ අතර මේවා රාමසාන් සමයේ අලෙවි කිරීමට සැලසුම්කර තිබූ බවටයි සැක කෙරෙන්නේ.
+
සුවසැරිය තවදුරටත් පුළුල් කරනවා
(30.01.2025 – ada.lk)
1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක ‘සුවසැරිය’ ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ පසුගියදා රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ ‘සුවසැරිය’ ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලබයි. මෙහිදී ‘සුවසැරිය’ ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුලු අංශ කිහිපයක් මෙන්ම ‘සුවසැරිය’ ගිලන් රථයක් ද අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය.
අනතුරුව 1990 ‘සුවසැරිය’ පදනම අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි මෙහෙයුම් කටයුතු සහ යෝජිත සැලසුම් මෙන්ම පවතින ගැටළු පිළීබදව ද විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
සේවා පවත්වාගෙනයාමේ දී කාර්ය මණ්ඩල හිඟතාව, සිටින කාර්ය මණ්ඩලට ලබාදෙන පහසුකම් පුළුල් කිරීම, හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පී (EMT) හිඟතාවය සලකා නව බඳවා ගැනීම සහ පුහුණුව ලබාදීම, භාණ්ඩාගාරයෙන් වෙන් කරනු ලබන අරමුදල් ප්‍රමාණය තව දුරටත් ඉහළ නැංවීමට පියවර ගැනීම, දේශීය හා විදේශීය ආධාර ලබාගැනීම, වැටුප්, නව නිල ඇදුමක් හදුන්වාදීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් සමග දීර්ඝව කරුණු සාකච්ඡා කරන ලදි.
මෙහිදී අමාත්‍යවරයා 1990 ‘සුවසැරිය’ ගිලන් රථ සේවාව පිළිබදව නව ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදි. සේවකයින්ට සේවා ගරුත්වයක් ලබාදීමට වැඩපිළිවෙළක් දියත් කරමින් දීර්ඝ කාලීනව සේවකයින් අඛණ්ඩව රඳවා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. ආකර්ශණීය වැටුපක් ලබාදීම, කාර්ය මණ්ඩල පුහුණු කිරීම් කටයුතු ශක්තිමත් කිරීම පිළිබදව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කාර්ය මණ්ඩල හිඟතාව මත සේවා කටයුතු අකර්මණ්‍ය වීමට කිසිදු අකාරයකින් ඉඩ නොදී පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන්නේ නම් ආරක්ෂක අංශ කාර්ය මණ්ඩලවල සහාය ගිලන් රථ සේවාව සදහා යොදා ගැනීමේ හැකියාව ද මෙහිදී විමසා බලන ලදි. එමෙන්ම කාර්ය මණ්ඩලයට තවදුරටත් පුහුණු අවස්ථාවන් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා අවධානය යොමු කරන ලදි. නව ගිලන් රථ 150 ක් ලබාගැනීමට අදාළව දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
‘සුවසැරිය’ ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන අතරෙහිම සංචාරක ක්ෂේත්‍රයේ වැනි අංශ පිළිබදව අවධානය යොමු කරමින් සංචාරකයින් වැඩි පිරිසක් ගැවසෙන ප්‍රදේශ තුළ ද මෙම සේවාව දැනටත් වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
‘සුවසැරිය’ ගිලන් රථ සේවාව මගින් දැනට ගිලන් රථ 322 ක් දිවයින පුරා සිය සේවා අඛණ්ඩව සපයන බවත්, ඉන් ගිලන් රථ 25 ක් මෙරට රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. දිනකට දුරකථන ඇමතුම් 5000 ඉක්මවා සම්බන්ධ කර ගනිමින් දෛනිකව දළ වශයෙන් 1050 පමණ අවස්ථා ඉක්මවා සිය සේවාවන් සපයන බව ද මෙහිදී අනාවරණය විය.
මෙම අවස්ථාවට 1990 ‘සුවසැරිය’ පදනමේ සභාපති නිරෝෂන් රත්නායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන වෛද්‍ය අරුණ පාලිත සම්පත්, නලින් රත්නදීප පෙරේරා, ෂර්වින් අර්සකුලරත්න, තරිදු කාරියවසම් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴