දෙමටගොඩ මහා පරිමාණ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් කතරගමදී දැලේ
දෙමටගොඩ මහා පරිමාණ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් කතරගමදී දැලේ
(17.06.2026 – hirunews.lk)
දෙමටගොඩ පොලිස් වසමේදී ඉකුත් (03) වැනිදා සොයාගත් මහා පරිමාණ ගිනි අවි, පතරොම් සහ මත්ද්‍රව්‍ය වැටලීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ සැකකාරිය කතරගම නිවාඩු නිකේතනයක සැඟව සිටියදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පුරුෂයෙක් බවයි පොලිසිය පවසන්නේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් (03) වැනිදා දෙමටගොඩ පොලිස් වසමේ පිහිටි නිවසක් පරීක්ෂා කර එම නිවෙසේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ටී-කටස් වර්ගයේ ගිනි අවි 19 ක්, ටී-56 පතරොම් 24 ක්, මත්පෙති 100,400 ක් සහ හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 200 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) සහ සැකකාරියන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.
එම වැටලීම සිදු කරන අවස්ථාවේදී ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි මෙම අපරාධයන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ සැකකාරිය සොයා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් දියත් කරනු ලැබ තිබුණා.
ඒ අනුව, ඊයේ (16) කතරගම ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටි මෙම ප්‍රධාන සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙම සැකකරුවන් විසින් අපරාධමය කටයුතු සඳහා භාවිතා කරන ලද බවට සැකකෙරෙන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා ෴
තෙල්දෙණිය රෝහල ආසන්නයේ රථගාලක මෝටර් රථයක් තුල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
(17.06.2026 – hirunews.lk)
තෙල්දෙණිය මූලික රෝහල ආසන්නයේ පිහිටි රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ දේහයක් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් අදාළ මෝටර් රථය තුළ තිබූ දේහය දැක ඒ පිළිබඳව වහාම තෙල්දෙණිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා ෴
සෙනසුරාදා නානුඔය ඉඳන් බදුල්ලට කෝච්චිය යනවා – පළමු පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි (17.06.2026)
+
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාවාරමක් – රවී කුමුදේෂ් ලීක් කරයි (18.06.2026)
+
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයේ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බවට සැක
(18.06.2026 – hirunews.lk)
අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට දැනට සේවයෙන් ඉවත්ව සිටින භෞත චිකිස්සකවරියකගේ මළ සිරුරක් තෙල්දෙණිය රෝහල ආසන්නයේ පිහිටි රථ ගාලක මෝටර් රථයක් තුළ තිබී සොයා ගැනීමේ සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.
මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (17) පස්වරුවේ තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව මෙම මළ සිරුර සොයාගත් අතර මෙලෙස මියගොස් ඇත්තේ, වැලිගම – කුරුඳු කොරටුව – පලල්ල යන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්.
මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්‍රදේශයේ නාවාතැන් පොළකට පෙරේදා (16) පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.
පසුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්‍රියේ මෝටර් රථයක දමා ඊයේ (17) උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය තවදුරටත් කියා සිටියේ.
පසුව පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සදහක් කළේ, ඇගේ පෙම්වතා බවට පැවසෙන පුද්ගලයා ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.
කෙසේ වෙතත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.
+++
+++

+++
සංචාරක හෝටලයේ රැදීසිටි වැලිගම ප්‍රදේශයේ පී.ආර්. ශ්‍යාමා දර්ශනී (අම්පාර රෝහලේ භෞති චිකිත්සක වෛද්‍ය, වයස අවුරුදු 33) සහ ඇගේ පෙම්වතා වන කන්නෝරුවේ ටී.එම්.එස්. දිනෙත් දිසානායක (වයස අවුරුදු 35) යන අය පසුගිය (2026.06.03) සිට නුවරඑළියට ගොස් පෞද්ගලික හෝටලයේ නැවතී සිටින බවට පොලිසිය සැක කරයි. (lankacnews.com)
නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
(18.06.2026 – 11:30 +0530 – sinhala.adaderana.lk)
බදුල්ල – නානුඔය දුම්රිය සේවය ලබන 20 වෙනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටු තත්ත්වය හමුවේ, නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර නායයෑමට ලක්විය.
දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් නාය ගිය ස්ථානයෙන් ඊයේ (17) දින පරික්ෂණ ධාවනයක්ද සාර්ථකව සිදු කල බවත් සඳහන්ය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පෞද්ගලික අංශය සමග එක්වී නානුඔය සහ අඹේවෙල අතර නාය ගිය දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ යථා තත්වයට පත් කිරීමට හැකිව තිබේ.
ඒ අනුව මෙතෙක් අඹේවෙළ සහ බදුල්ල අතර ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය මේ මස 20 දින සිට නානුඔය සිට ධාවනය කරනු ඇත.
කොටගල සහ තලවකැලේ අතර, දුම්රිය මාර්ගය නාය ගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්ය.
ග්‍රේඩ්වෙස්ටන් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයේ නාය ගිය ස්ථානය සිතියම් ගත කිරිමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
• https://seatreservation.railway.gov.lk
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
(18.06.2026 – hirunews.lk)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ විමර්ශන කාර්යාංශය මඟින්.
ඔහු ලේකම්ධුරය හෙඹවූ කාලයේදී රාජ්‍ය ආයතන දෙකකින් (2) වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
+++
සුගීෂ්වරගේ වාහනේ එකපාරටම හරස් කරලා – CCIB එකෙන් කුදලගෙන ගිහින් – ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය කැඳවයි (18.06.2026)
+++
සුගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
(18.06.2026 – hirunews.lk)
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් (2) සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්, නව ජනතා පෙරමුණේ නායක ‘සුගීෂ්වර බණ්ඩාර’ ලබන ජූලි මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) නියෝග කළා.
ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබුණා.
මෙම සැකකරු, ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් (2) සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකළ බවයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේ.
සිද්ධියට අදාලව කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
මෙම සැකකරු ඉහත සඳහන් තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිත කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.
+++
+++
+++
+
2026.06.18 | SLPP UNITED PROFESSIONALS | SLPP PRESS
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴