පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට


පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට

(29.01.2025 – 16:05 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනය ප්‍රදේශයේදී මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියා.

පසුගියදා මෙම සිද්ධිය සිදුවුණේ අනුරාධපුර ගල්වල මංසන්ධිය අසළදීයි.

මීට අදාළ නඩුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම සිද්ධියට නිවැරදි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණා.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනාගේ ඉල්ලීම මත මෝසමක් මගින් මෙම නඩුව මීට පෙර කැදවූ අවස්ථාවේදී නම්වල පරස්පරතාවයක් තිබෙන බව ප්‍රකාශ කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවැරදි සැකකරු මෙම සැකකරු බවට අධිකරණයට පිළි ගැනීමට නොහැකි බව කියා සිටීම ඊට හේතුවයි.

ඒ අනුව පොලිසිය අද (29) අධිකරණයට දැනුම් දුන්නේ මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අරච්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් ‘බී වාර්තාවේ’ සඳහන් වූයේ අතපසුවීමකින් බවයි.

ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවද පොලිසිය පවසා තිබෙනවා. පොලිසියේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ නිවැරදි සැකකරු ලෙස ‘රාමනාදන් අරච්චුනා’ යන අය බවට පිළිගනිමින් නඩුව යලි පෙබරවාරි මස 03 වන දින කැඳවීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අවස්ථාවේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබුණා.

+++

+

+

+

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට ඇප

(29.01.2025 – 22:17 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනය ප්‍රදේශයේදී මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බවයි.

පසුගියදා මෙම සිද්ධිය සිදුවුණේ අනුරාධපුර ගල්වල මංසන්ධිය අසළදීයි ෴


පෙම්වතිගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද වස බීලා

(29.01.2025 – 18:35 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතිගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද වස පානය කළ පුවතක් රත්නපුර ඇලපාත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයක් තුළ අධ්‍යාපනය ලබා ඇති අතර ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයක් දුරදිග යෑමෙන් ඇති වූ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වන තරුණියක්.

අදාළ තරුණයා තරුණියගේ නිවසට හොර රහසේම ඇතුළු වී පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා එම තරුණයා ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර බෝතලය එහි මේසයක් මත තබා නිවසෙන් පලා ගොස් තිබෙනවා.

මෙසේ පලා යන අතරතුර ඔහු ගමේ කුඹුරකට ඇද වැටී ඇති අතර ගම්වාසින් එක්ව ඔහුව රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

+

+


‘ඔන්ලයින් ගේම්’ ගහන්න ගෙයක් කොල්ල කෑ ප්‍රේමවන්ත‍යින් කොටුවෙයි

(29.01.2025 – 18:46 +0530 – hirunews.lk/sinhala)

‘ඔන්ලයින් ක්‍රීඩා’වලට ඇබ්බැහි වී සිය නිවස කොල්ල කෑ තරුණියක හා ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු පිළිබඳව වාර්තා වනවා.

පෙම්වතිය සමග එක්ව ඇගේ නිවෙසේ තිබූ රුපියල් (15,000,000) එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා පවුම් 56 ක රන් බඩු සමග රුපියල් ලක්ෂ 2 ක මුදලක් කොල්ලකා ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි තරුණියක සහ 25 හැවිරිදි තරුණයෙක්.

මෙම යුවළ අද (29) අත්අඩංගුවට ගත් බවයි එඩෙරමුල්ල පොලිසිය පැවසුවේ.

සොරකම් කරන ලද රන් භාණ්ඩ උගස් කොට ලබාගත් මුදල්වලින් මිලට ගත් බව කියන රු. 1,800,000 වටිනා යතුරු පැදියක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

එමෙන්ම වටිනා පරිගණකයක් සහ පරිගණක මේසයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අත්අඩංගුවට පත් යුවළ අතර තරුණිය එඩේරමුල්ල, පාදිලා තුඩුව ප්‍රදේශයේ පදිංචි අතර තරුණයා සිංහාරමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

+


‘ජනවාරිය තවම කළුයි’ මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ විරෝධයක්

(29.01.2025 – 17:56 +0530 – hirunews.lk/sinhala)

ජනමාධ්‍යවේදීන් වෙත සිදුවන තර්ජන කිරීම්, බියවැද්දීම්, පහරදීම් ඇතුළු හිරිහැරවලට විරෝධය දැක්වීම හා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ‘ජනවාරිය තවම කළුයි’ මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් අද (29) සවස කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සිදුකළා.

ජනමාධ්‍යවේදීන්ට බොහෝ අපරාධ සිදුව ඇත්තේ ජනවාරි මාසය කේන්ද්‍ර කොටගෙන බැවින් සෑම රජයකින්ම එම සිදුවූ අපරාධවලට යුක්තිය අපේක්ෂා කරමින් ජනවාරි මාසය කළු ජනවාරි ලෙස ජනමාධ්‍ය සමාජය විසින් නම් කර තිබෙනවා.

දශක තුනකට (3) ආසන්න කාලයක් පුරා ජනමාධ්‍යවේදීන්ට සිදුවූ තර්ජනය කිරීම්, බිය වැද්දීම්, පහරදීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම්, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම් හා ගිනි තැබීම් වැනි අපරාධ රැසක් සම්බන්ධයෙන් නිසියාකාර පරීක්ෂණ හෝ යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් මෙන්ම වර්තමානයක් ද උරුම වී ඇති බැවින් එයට එරෙහිව මෙම වැඩසටහන සංවිධානය කළ බවයි එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් හා ලේකම් රංග බණ්ඩාරනායක පැවසුවේ ෴

+

+


දෙහිවල ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් – අක්මීමන දයාරතන හිමි මාධ්‍ය කැඳවයි (29.01.2025)

+


කළාකරුවන් හදිසියේ මාධ්‍ය හමුවක – සන්ෆ්ලවර් නායක නීල්, සෝමසිරි ඇතුලු පිරිසක් … (29.01.2025)

+


නීතිවිරෝධී ලෙස එකලස් කළ ජීප් රථයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා (3) රිමාන්ඩ්

(29.01.2025 – 17:31 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස එකලස් කළ බවට සැක කෙරෙන අංගම්මන ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීප් රථයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන පෙබරවාරි 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ප්‍රබල දේශපාලඥයෙකු විසින් පරිහරණය කළ බවට සැක කරන මෑත කාලය තුළ පුද්ගලයන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සඟවා තැබු රුපියල් කෝටි තුනක (3) පමණ වටිනාකමකින් යුතු මෙම සුඛෝපභෝගි ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය’ විසින් සිය භාරයට ගෙන තිබුණා.

එහිදි, ඇති බවට ‘වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය’ට ලද තොරතුරකට අනුව උපායදුතයින් යොදවා ලබා ගන්නා ලද තොරතුරු මත සකස් කරන ලද සැලසුමකට අනුව ඊයේ (28) දින සිදු කරන ලද වැටලීමකදී රත්නපුර අංගම්මන ප්‍රදේශයේ කොන්ක්‍රිට් වැඩපලක ව්‍යාජ අංක තහඩු සවි කරන ලද නීති විරෝධි ජීප් රථයක් සඟවා තිබියදී සොයා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ’ නිලධාරින් විසින් සිදු කරන ලද වැඩිදුර විර්මශණයේදි මෙම රථයේ චැසි අංකය හා එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොටා ඇති බවත්, මෙම ලියාපදිංචි අංකය යටතේ ඉදිරිපත් කරන ලද ලියාපදිංචි ලේඛනයට අදාලව රථය පරීක්ෂා කිරීමේදී ලියාපදිංචි ලේඛණය අනුව ජීප් රථයේ සවි කර තිබු අංක තහඩුව අනුව එය MOTOR LORRY අංක තහඩුවක් බවත් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, ලියාපදිංචි ලේඛණය අනුව රථයේ පැහැය MEROON ලෙස සදහන්ව ඇතත් අත්අඩංගුවට ගන්නා ලද ජීප් රථය අළු පැහැය බවත්, රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාවය CC 1280 ලෙස ලියාපදිංචි ලේඛනය අනුව සදහන්ව ඇතත් මෙම රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාව CC 2800 කට වඩා වැඩි රථයක් බවටත් කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.


මහජන පැමිණිලි සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් Whatsapp අංකයක්

(29.01.2025 – 16:46 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීම උදෙසා නව Whatsapp අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, එම පැමිණිලි ලිඛිතව 071 403 3300 Whatsapp අංකයට යොමු කිරීමට මේ තුළින් සේවාලාභීන්ට හැකියාව ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට තවත් අවස්ථාවක් සලසා ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *