කන්ටේනර් 323 පමණක් නොවෙයි ඊට පෙර 575 ක් පරීක්‍ෂා නොකර නිදහස් කලා.. – ඇමති අනිල් ජයන්ත

කන්ටේනර් 323 පමණක් නොවෙයි ඊට පෙර 575 ක් පරීක්‍ෂා නොකර නිදහස් කලා.. – ඇමති අනිල් ජයන්ත


කන්ටේනර් 323 පමණක් නොවෙයි ඊට පෙර 575 ක් පරීක්‍ෂා නොකර නිදහස් කලා.. – ඇමති අනිල් ජයන්ත

(28.01.2025 – 15:50 +0530 – lankacnews.com)

කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 පරිදිම මීට පෙරදීත් බහලුම් 575 ක් නිදහස් වී තිබෙන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත පැවැසීය.

රේගුව විසින් පරීක්ෂාවකින් තොරව බහලුම් 323 ක් නිදහස් කර තිබෙන බවට රේගු නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද පැමිණිල්ලක් මත රේගු අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ භාණ්ඩ නිෂ්කාශන ආයතනයකට ඇමැතිවරයා පැමිණි අවස්ථාවේදී මෙම බහලුම් 323 සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“රේගු බහලුම් 323 සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකෙරෙනවා. රේගුවේ නිෂ්කාශන කටයුතු සිදුකරද්දී අදාළ ක්‍රමවේද ඒ අයුරින්ම සිදු වෙනවා. මීට පෙරදී බහලුම් 575 ක් මේ ආකාරයෙන් නිදහස් වෙලා තිබෙනවා. එම බහලුම් පිටවීම සම්බන්ධ ගැටලුවක් තිබේද යන්න සම්බන්ධව පරීක්ෂණයක් කරලා තමයි බලන්න වෙන්නේ” යැයි ඇමැතිවරයා පැවැසීය.

මාධ්‍යවේදියා : රේගු පරිපාලනය සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති චෝදනා නගනවා නේද?

ඇමැතිවරයා : ගැටුම්කාරී පරිසරයක් තුළ වැඩ කටයුතු කරද්දී මෙවැනි ගැටලු මතු වෙනවා. සමස්ත උත්තරය අපිට එක රැයකින් ගන්න ලැබෙන්නේ නෑ. හැබැයි අපි උත්තරය ඉක්මණින්ම ගන්නවා.

මෙම බහලුම් 323 සම්බන්ධයෙන් රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදයක් පවතින අවස්ථාවන්හිදී රේගුව විසින් මෙලෙස බහලුම් පරීක්ෂා නොකර මුදාහරින බවත්, මෙම බහලුම් 323 මුදාහරිනු ලැබුවේ ඉකුත් 2024 ජූලි මාසයේ සිට ගත් තීරණයක් මත බවත්ය. මෙලෙස මුදා හරිනු ලැබුවේ අවදානම් අඩු භාණ්ඩ සහිත බහලුම් බවත්, ඒවා ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියා කියා සිටියේය ෴

+

+


ජපානයෙන් පැන්නූ සුපිරි වාහන ජාවාරමක් හෙළිවෙයි

(28.01.2025 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ජපානයෙන් සොරකම් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ රථවල එන්ජින්, චැසි ඇතුළු අමතර කොටස් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ කූඨ ජාවාරමක තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය මෙම වාහන ජාවාරමට අදාළ වැටලීම කළේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ ලබා දුන් තොරතුරු මතයි.

ජපානයේදී සොරකම්වලට හසුව වැරදිකරුවන් වී මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් පිරිසක් වාහන ජාවාරමක නිරත වන බවට හිරු ප්‍රවෘත්ති වෙත පසුගියදා තොරතුරු වාර්තා වුණා.

අදාල තොරතුරු ලබාදුන් පුද්ගලයා ප්‍රකාශ කළේ ජපානයෙන් සොරකම් කරන ලද ඩීසල් වර්ගයේ සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ 8 ක් කැබලි කරගෙන ඒමට සූදානම් කර ඇති බවයි.

අදාළ කන්ටේනරය මෙරටට ළඟාවී ඇති බව ‘හිරු ප්‍රවෘත්ති’ කළ සොයාබැලීමකදී හෙළිවුණා.

ඒ අනුව එලෙස ගෙන්වූ වාහන එන්ජින්වලින් කොටසක් ලොරි රථයකින් කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ සිට රඹුක්කන ප්‍රදේශයට රැගෙන යන බවට අප තොරතුරු හෙළි කරගත්තා.

අදාල තොරතුරු වයඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අප ලබාදීමෙන් පසු කුරුණෑගල කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් ගැට්ටුවාන ප්‍රදේශයේදී සැකකටයුතු ලොරි රථය නවතා පරීක්ෂා කෙරුණා.

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ප්‍රාඩෝ රථවල එන්ජින් 06 ක් එහි තිබී පොලිස් භාරයට ගැනුණේ ඒ අනුවයි.

මෙම රථවාහන අමතර කොටස් ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමට අදාල ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කිරීමට ද සැකකරුවන්ට හැකි වී නැහැ.

මීට අමතරව මෙරටට ආනයනය කරන ලද වාහන චැසි හා අනෙකුත් කොටස් රැසක් ද රඹුක්කන ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම රථ වාහන අමතර කොටස් ජාවාරම සම්බන්ධයෙන් ඉදිරියේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.

+


‍පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට සැරසෙයි

(28.01.2025 – 20:08 +0530 – sinhala.adaderana.lk)

අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන, ‘හෝල්ඩින්ග්ස් සමාගමක්’ හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ කොළඹ පැවති ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව – 2025’ අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාඩු ලබන ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට රජය සූදානම් බවය.

“පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා…මෙම ආයතනයන් ඒකාබද්ධ කර ‘හෝල්ඩින්ග්ස් සමාගමක්’ හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්.”

“මම විවෘතව කියන්නම්. සමහර ආයතන තිබෙනවා.. එකම කාර්යය කිරීම සඳහා ආයතන කිහිපයක් තිබෙනවා. මං හිතනවා.. සමහර ආයතන අපිට වසා දාන්න වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විෂය පථය වෙනස් කරන්න වෙයි. ඒ හඳුනාගැනීම් මේ දිනවල කරගෙන යනවා.”

+


සීසර්ලත් සංගමයක් හදලා |දේපල කොල්ලකන්න පොලිසියෙන් ලයිසන් දීලා |පොලිස් ලිපියක් මාධ්‍ය හමුව ගිනි තියයි (28.01.2025)

+


සහතික වී මිලක් නොදී වඳුරු කුණුහරුප කියනවා|අනුරාධ තෙන්නකෝන් නාමල්ගේ රෙදි ගලවයි|අම්මෝ…දෙනවා දීමනාවක් (28.01.2025)

+


සුපිරි මෝටර් රථ සමාගමක් රටම බලා සිටි අලුත් මිල ගණන් මුල්වරට ප්‍රකාශයට පත්කරයි (28.01.2025)

+


සුද්දෝ අතින් පයින් වැඩ පෙන්නලා වැලිගම ආපන ශාලාවල බෝඩ් කුඩු කරයි |මොකක්ද මේ සුද්දන්ට හැදිලා තියෙන ගාය (28.01.2025)

+


සජබේ ප්‍රභල මන්ත්‍රීවරයෙක්ගේ බෑනෙක් කරපු වැඩක් හොඳටම පත්තුවෙයි | සංජය දාපු පැමිණිල්ල මෙන්න (28.01.2025)

+


රන්වල ආචර්ය උපාධිය ගේන්න පයින්ද ගියේ..? | ක්ලීන් ශ්‍රී ලංකා වැඩේ ගැන චානකගෙන් ඇපත් නැතිවෙන කතාවක් (28.01.2025)

+


ඉල්ලා අස්කරගත්ත නඩු හතළිස් ගානක් තියෙනවා ඒවට ආයෙත් නඩු පවරන්න | මුජිබර් ආණ්ඩුවෙන් කරපු ඉල්ලීම (28.01.2025)

+


හොඳටම බීලා පොලිස් කැබ් එකෙන්ම වාහන හප්පාගෙන පනින්න හැදූ පොලිස් ලොක්කාට අධිකරණය දුන් නියෝගය (27.01.2025)

+


ඇමති සමන්තගේ වීඩියෝවක් රටටම පෙන්වමින් ගම්මන්පිළ කිව්ව සැර කතාව (27.01.2025)

+

මම බරපතල වැරදි දෙකක් කරලා තියෙනවා; බන්ධනාගාරගත වෙන්න සූදානම් – ගම්මන්පිළ (27.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *