ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති කළ හෙළිදරව්ව
(26.01.2025 – 09:38 +0530 – sinhala.adaderana.lk)
වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බවය.
එවැනි නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
“සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී කට්ටිය හිරේ දාන්න බැහැ ඒක රිමාන්ඩ්. සමහර පරික්ෂණවලදී ඇප දුන්නා කියලා කවුරුත් කලබලවෙන්න ඕනේ නෑ ඒක නීතිය. අපි උපදෙස් දීලා තියෙන්නේ පරික්ෂණ කරන්න බිඳින්න බැරි විදිහට සාක්ෂි එකතුකරලා මහධිකරණයේ නඩුව දාන්න නඩුව ඉක්මනින් විභාග කරන්න, අච්චු කරන්න. අපේ ප්රයත්නය මහධිකරණයෙන් නඩු දාන එක. නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11 ක් හොයාගෙන තියෙනවා. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා. එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා. අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”
මේ අතර වත්මන් රජය බලයට පත්වූ කෙටි කාලය තුළ රටෙහි සිදු වී ඇති වෙනස විපක්ෂයේ කණ්ඩායම්වලට දරාගත නොහැකි බව ජනාධිපතිවරයා පවසයි.
එමෙන්ම ඉදිරි අයවැය සඳහා වන මූළික ප්‍රතිපත්ති රාමුව මේ වන විට සකස් කර අවසන් බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය ෴
සමථ මණ්ඩලයට සමථ වීමට පැමිණි අයෙකු පහරදීමකින් ජීවිතක්ෂයට
(26.01.2025 – 07:57 +0530 – hirunews.lk/sinhala)
මාතර, තිහගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (25) පෙරවරුවේ පැවති සමථ මූල මණ්ඩල රැස්වීමකදී පැමිණ්ඊල්ලක් සම්බන්ධයෙන් කරුණු විමසීමට පැමිණි පාර්ශ්වයන් දෙකක් (2) අතර ඇතුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තිහගොඩ පොලිස් ස්ථානය පවසනවා.
මෙහිදී, තිහගොඩ පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සමථ මූල මණ්ඩලය වෙත යොමුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා දෙපාර්ශ්වය ඒ වෙත කැඳවා තිබෙනවා.
එම අවස්ථාවේදී විහාරස්ථාන පරිශ්‍රයේ රැඳී සිටි එම දෙපිරිස අතර යම් බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කඩිනමින් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පහරදීම සහ ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙක් ෴
කොළඹ වරායේ සිදුකළ විශේෂ පරීක්ෂාවකදී නීති විරෝධී සිගරට් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට
(26.01.2025 – 07:24 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂාවකදී ‘මැන්චෙස්ටර්’ සන්නාමයේ සිගරට් 420,000 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායට අනුයුක්ත නිලධාරීන්ට හැකි වී තිබෙනවා.
මෙම සිගරට් තොගය ‘කැල්සියම් හයිඩ්රොක්සයිඩ්’ ගබඩා කර ඇති බැරල් 20 ක් තුළ ප්‍රවේශමෙන් සඟවා නීති විරෝධී ලෙස රටට ආනයනය කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.
එමෙන්ම, නිවේදනයක් මගින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ‘කැල්සියම් හයිඩ්රොක්සයිඩ්’ බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බවයි.
මෙලෙස අත් අඩංගුවට ගත් නීති විරෝධී සිගරට් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 31.5 ක් බවයි සඳහන් ෴
ඇලකට අප ජලය මුදාහැරි ගලිබවුසර් රියදුරා අත්අඩංගුවට
(26.01.2025 – lankadeepa.lk)
බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඒ සමගම එම ආයතනයේ හිමිකාරිය බව කියන කාන්තාවක් පළාගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.
මධ්‍යම රාත්‍රියේ දී අධිවේගී පාලමයට ගිමන් හරින මුවාවෙන් බහුසරය නවතාගෙන සිට එහි බට අසල කාණුවට යොමු කර ඒ මඟින් ඇළ මාර්ගයට අප ජලය බැහැර කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබිණි ෴
+
හදිසියේම ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් – ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන රජය දැන් ගත් තීරණය මෙන්න (26.01.2025)
+
අනුරගේ හොඳම සාකච්ඡාව මේක | චීනයේ මාධ්‍යවේදියත් හොල්මන් | අනුරගෙන් සුපිරිම සුපිරි උත්තර ටිකක්… (26.01.2025)
+
මේක සෙල්ලමක් නෙමෙයි බරපතළ වරදක් බොරුවට අල්ලපු අයට එරෙහිව සිදුවන දේ මෙන්න ලැයිස්තුවත් එළියට (26.01.2025)
+
මාලිමාවේ තෙල් ටැංකි නාඩගම (25.01.2025)
+
අතීතය සිහිකළ ගම්මන්පිළ දේශපාලකයා ඇතිකරන්නෙත් නැතිකරන්නේත් ජනමාධ්‍යවේදීන් JVP සහායට පාසලේ පෙළපාලිගියා (26.01.2025)
+
ඉන්ධන පිරවුම්හලේ දී ගිණිගත් ත්‍රිරෝද රථය : මහනුවර අලදෙනිය ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලේදී ත්‍රිරෝද රථයක හදිසියේම ගින්නක් හට ගැනුන අනතර, ඉන්ධන පිරවුම්හලේ ගිනි උපකරණ භාවිතා කරමින් ගින්න නිවා දැමීමට සේවකයිට හැකිවුනා. (26.01.2025)
+
Ghost Rider – Sri Lankan version (26.01.2025)
+
රඹාවැවදී මොකක්ද ඒ කරපු කැත වැඩේ (26.01.2025)
+
+
යෝෂිතව ගනිද්දී බඩු ඔක්කොම අතේ! මාස ගාණකින් නඩුව ඉවරයි! (26.01.2025)
+
යෝෂිතව අත්අඩංගුවට ගන්න හරියටම අවුරුදු 15කට කලින්, කතරගම කේස් එක්! (25.01.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴