ගොඩබෑමට නුසුදුසු ගල්අඟුරු නැවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇතැයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් හෙළිදරව්වක්
(26.05.2026 – hirunews.lk)
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766 ක් රැගත් නෞකාවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර එම තොගය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවතින බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ අදාළ නෞකාවේ ගල්අඟුරු පැටවුම් වාර්තාව ද ප්‍රසිද්ධ කරමින්.
‘MV ජොස්කො යොංග්ෂු’ නමැති එම නෞකාවේ පවතින ගල්අඟුරුවල ප්‍රමිතිය දැක්වෙන පැටවුම් වාර්තාව ‘දකුණු අප්‍රිකාවේ බියුරෝ වෙරිටාස් සොලියුෂන්ස් පෞද්ගලික සමාගම’ විසින් ලංකා ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කර ඇති අතර, එහි පිටපත් ගල්අඟුරු සමාගමේ සියලු නිලධාරීන් හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙත යොමු කර තිබෙන බව ද ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ප්‍රකාශ කළා.
එම වාර්තාවට අනුව පසුගිය මස 28 සහ 29 යන දෙදින ‘දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ’ ගල්අඟුරු පර්යන්තයෙන් මෙම ගල්අඟුරු තොගය අදාළ නෞකාවට පටවා ඇති අතර එහි අළු ප්‍රතිශතය සියයට 16.8 ක් බවත්, ලංකා ගල්අඟුරු සමාගම විසින් ඉදිරිපත් කළ ටෙන්ඩර් ලේඛනයේ දැක්වෙන පරිදි එම අගය ඒකක 16 ක් විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මීට පෙර මෙරටට රැගෙන ආ නෞකා 18 ක තිබූ ගල්අඟුරු දඩ මුදලකට යටත් කර ගොඩබානු ලැබුව ද මෙය ගොඩබෑම හෝ සිදු නොකළ යුතු තරමට ප්‍රමිතියෙන් බාල පළමු ගල්අඟුරු නෞකාවක් බවයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ ෴
Wada Pitiya | මහජන නියෝජිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සහ රටේ ආර්ථික ස්ථාවරභාවය (26.05.2026)
+
‘ශිරාන් බාසික්’ සහ ‘ඇල්ටෝ ධර්මේ’ ඩුබායි පොලීසියෙන් අල්ලයි! (26.05.2026)
+
නාමල්, සිරස රැවටෙයි මහින්දගෙ උපදෙස් මෙන්න (26.05.2026)
+
පැලවත්ත බිදවැටෙයි ටිල්වින්ට විරුද්ධ වෙන්න නලින්ද කවුද (26.05.2026)
+
ටිල්වින්ගේ කට නිසා IMF අනුමැතියට කෙලවෙයිද? ලංකාවේ සාර්ථකම IMF ගමන ගියේ කවුද? (26.05.2026)
+
විපක්ෂයේ එකමුතුවක් කවදාවත් වෙන එකක් නෙවෙයිද? (26.05.2026)
+
වැලිකඩ පොලිසියේ OIC අත්අඩංගුවට
(27.05.2026 – hirunews.lk)
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මතයි ෴
පාර්ලිමේන්තුවේදී කොටි නායකයන්ට ගෞරව උපහාර පුද කරලා ආණ්ඩුවත් සද්ද නෑ – අරුන්ගෙන් රටම කැලඹෙන අනාවරණයක් (27.05.2026)
+
IMF සමඟ අසීරු තත්ත්වයක සිට කරන තීරණාත්මක සාකච්ඡාව අද ? (27.05.2026)
+
ඒකාබද්ධ විපක්ෂය වහාම රැස්වෙයි – ටිල්වින් සිල්වට ලොකු ලෙඩක් වැටෙයි වගේ (27.05.2026)
+
සිසුවියගේ මව අතුරුදන් වුණාද? අතුරුදන් කළාද? ආවාස ගේ වැළලූ තවත් රහස් එළියට? (26.05.2026)
+
උගන්ඩා කුමාරී නිලන්ති කොට්ටහච්චි ඔයා කිව්ව | උගන්ඩාවේ හංඟපු ඩොලර් අරන් එන්නකෝ (27.05.2026)
+
යාල සිටින වනඅලි ගැන විශේෂ අනාවරණයක් කැබිලිත්තේ ඉඩම් ගැනත් හෙළිවෙයි (27.05.2026)
+
ළඟ ළඟම තෙල් මිල වැඩි වෙන විදිහ ගැන – චරිත්ගෙන් රටම හෙල්ලෙන අනාවරණයක් (27.05.2026)
+
ළඟ එන වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධායකවරුන්ට පණිවිඩයක් | මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කළ ඉල්ලීම (27.05.2026)
+
දුරකථන ඇමතුම් සිද්ධියකට මුජිබර් CIDයට කැඳවයි (27.05.2026)
+
ලංකාවේ පළමු වතාවට තොරණකට රූකඩ කලාව මුසු කළ බොරැල්ලේ වෙසක් විස්කම (27.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴