මඩකලපුවේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආග්‍රහණය වීමෙන්, එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
මඩකලපුවේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආග්‍රහණය වීමෙන්, එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
(27.05.2026 – 19:16 +0530 – sinhala.adaderana.lk)
මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආග්‍රහණය වීමෙන්, එකම පවුලේ දරුවන් දෙදෙනෙකු (2) අද (27) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 3 ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5 ක ගැහැණු දරුවෙකු ය.
මියගිය දරුවන්ගේ මව පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මඩකලපුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.
බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම දරුවන් දෙදෙනා (2), තම පියා සමග මව බැලීම සඳහා පැමිණි අවස්ථාවේ මෙලෙස හෝටලයේ තාවකාලිකව නැවතී සිට තිබේ.
එලෙස සිටියදී පියා විසින් දරුවන් දෙදෙනා (2) කාමරය තුළ තබා, එහි දොර අගුළු දමා පිටතට ගොස් ඇත.
එම අවස්ථාවේදී දරුවන් දෙදෙනා (2) ලයිටරයක් ආධාරයෙන් සෙල්ලම් කරමින් සිට ඇති අතර, එහිදී ඇඳන් දෙකක් (2) තිබූ එම කාමරයේ එක් ඇඳකට හදිසියේම ගිනි ඇවිලී තිබේ.
ගින්නෙන් බියට පත් වූ කුඩා දරුවන් දෙදෙනා (2) ගිනි නොගත් අනෙක් ඇඳ යටට රිංගා සැඟවී තිබේ.
හෝටල් කාමරයෙන් අධික ලෙස දුමක් පිටවනු දුටු හෝටල් සේවකයින් සහ අවට සිටි පිරිස් වහා ක්‍රියාත්මක වී කාමරයේ දොර කඩා ඇතුළු වී ඇත.
ඒ වන විටත් අධික දුමාරය හේතුවෙන් දරුවන් දෙදෙනා (2) ඇඳ යට සිහිසුන්ව වැතිර සිට ඇති අතර, වහාම ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් දරුවන් ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
මාලිමා ආණ්ඩුවේ තවත් ගල් අඟුරු වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් අති විශේෂ හෙළිදරව්වක් (27.05.2026)
+
ඇමරිකාව ඉරානයට ගියොත් අඩුම 15,000 ක් ඇමරිකන් සෙබළු මැරෙනවා (27.05.2026)
+
වැඩි පඩියකට රැකියා දෙනවා කියා පිරමීඩ ජාවාරමට සල්ලිත් එකතු කරලා | පොලිස් නමේ දැලි ගෑවෙන සිද්ධියක් මේක (27.05.2026)
+
හැම දේශපාලන පක්ෂෙකම තක්කඩියො ඉන්නවා… ජේවීපී – NPP කියලා කිසිම වෙනසක් නෑ (27.05.2026)
+
වාහන තොගයක් ගෙන්නලා ආණ්ඩුවෙ දැන් පස්ස බිම ඇනිලා (27.05.2026)
+
සංගීත් කියන්නෙ බොරු නෙවෙයි නං, තත්ත්වය අතිශයින්ම බරපතළයි (27.05.2026)
+
ශිරාන් බාසික් සහ ඇල්ටෝ ධර්මේ ඩුබායි පොලීසියෙන් අල්ලයි! (27.05.2026)
+
නලින්ද බබාද? හොරාද? ගල් අගුරු අලුත් එක (27.05.2026)
+
ධම්මික වෙනුවෙන් ජීවිත බිල්ලට දෙන අනුරලා (27.05.2026)
+
නුවනක්කාර විමල් ඔසප් වෙයි මෝඩ සජිත්ගෙන් පෑඩ් (27.05.2026)
+
තාම මාලිමාව විශ්වාස කරනවානම්, ඔබ මේ වීඩියෝව බලන්න එපා (27.05.2026)
+
විපක්ෂ යූ ටියුබ් කරුවන්ගේ වලිය සහ විපක්ෂ දේශපාලනයේ අනාගතය. – චරිත් අබේසිංහ සමඟ (27.05.2026)
+
කනේ වැලි ගෑවෙන්නම නීතිය නමා අසරණයින්ටම කෙළිය ජනාධිපති සහෝ (27.05.2026)
+
රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
(27.05.2026 – 21:57 +0530 – sinhala.adaderana.lk)
රථවාහන වැරදි සිදු කරන රියැදුරන් CCTV දර්ශන මඟින් හඳුනාගත් බවට හඟවමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමු කරන ලෙස හැඟී යන ආකාරයට මේ දිනවල එම රියැදුරන්ට ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් SMS හා Whatsapp පණිවිඩ යොමු කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය අංශ පවසයි.
මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට ‘thecourierguy….’ දරණ ව්‍යාජ වෙබ් අඩවියට පිවිසෙන ලෙස දන්වනු ලබයි.
එයට පිවිසෙන රියැදුරන්ට දඩ මුදල ගෙවීම සඳහා බවට හඟවමින් වෙබ් අඩවියේ සැකසුම ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට සලස්වා ඒ හරහා එම පුද්ගලයාගේ ණය කාඩ්පත් තොරතුරු ඇතුළු වෙනත් තොරතුරු ඉතා සූක්ෂමව මෙම වංචාකරුවන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද වැඩි දුරටත් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර ඇති govpay වෙබ් අඩවියට සමාන ලෙස ඉහත වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර, මෙය මහජනතාව නොමග යැවීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙබ් අඩවියක් බව පොලීසිය පවසයි.
මෙමගින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන අතර ව්‍යාජ SMS හා Whatsapp පණිවිඩවල සඳහන් සබැඳි (Links) වෙත පිවිසීමෙන් වළකින ලෙසත් රථවාහන වැරදි සිදු කළ බවට ලැබෙන මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසටත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දන්වා සිටී.
තවද, වර්තමානයේදී ඔබ යම් රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු ඒ බවට පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දීමකින් අනතුරුව ඔබ වරද පිළිගත් විටකදී පමණක් govpay යෙදවුමෙන් දඩ පත්‍රිකාවක් ලබා ගැනීමෙන් පසු පමණක් අදාළ දඩ මුදල ගෙවීමට වග බලාගන්නා ලෙසටත් වැඩි දුරටත් දැනුම් දී තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴