හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
(25.01.2025 – 10:07 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.
2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපති විසින් දන්වා සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ අනුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.
කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ පසුගිය ජනවාරි 03 වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.
+
+
+
+++
අත්අඩංගුවට ගත් යෝෂිත CIDයට රැගෙන එයි
(25.01.2025 – 14:14 +0530 – sinhala.adaderana.lk)
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබේ.
ඔහු අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
රත්මලාන, සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34 ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගිය 23 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.
මේවන විට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක්වන ‘ඩේසි ෆොරස්ට්’ නම් කාන්තාවයි ෴
+++
යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්
(25.01.2025 – 18:08 +0530 – sinhala.adaderana.lk)
අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව අද (25) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
නීතිපති උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු බෙලිඅත්තේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, ඔහුගේ මිත්තණියක් වන ‘ඩේසි ෆොරස්ට්’ නමැත්තිය හා එක්ව නිවසක් මිලදීගැනීමේ සිද්ධියකට අදාළවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසිනි.
අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවේය.
එහිදී පැය 4 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කර කරගනු ලැබීය.
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලානේ, සිරිමල් පෙදෙසේ පිහිටි නිවසක් හා ඉඩමක් රුපියල් මිලියන 34 ක මුදලකට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළවයි.
එම නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳව 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළ උදෘත ගොනු නීතිපතිවරයා වෙත යොමු කළ බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව අදාළ නඩුවේ සැකකරුවකු ලෙස යෝෂිත රාජපක්ෂ නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවද පොලීසිය පැවසීය.
අදාළ නඩුවේ ප්‍රධාන සැකකාරිය වන්නේ, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ‘ඩේස් ෆොරස්ට්’ නම් කාන්තාවයි.
මේ අතර සිය සොයුරාගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.
පැය 4 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (25) පස්වරුවේ සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මියගේ නිල නිවස වෙත ඉදිරිපත් කළේය.
+
+
+
+
ඇල්පිටිය හොල්ලපු චණ්ඩින්ගේ බඩු මාට්ටු | ගිනි අවි කැති, පිහි, මන්නා එක්ක ලක්ෂ ගාණක රත්තරන් මෙන්න (25.01.2025)
+
පාරිභෝගික අධිකාරිය රෑටත් සහල් සොයයි
(25.01.2025 – 21:48 +0530 – hirunews.lk/sinhala)
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් හා සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රාත්‍රී කාලයේත් වැටලීම් ආරම්භ කර තිබෙනවා.
පසුගිය දින කිහිපයේදී සහල් සම්බන්ධ වැටලීම් 100 කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
රාත්‍රී කාලයේ වැටලීම් සිදු නොකරන නිසා බොහෝ වෙළෙඳසැල්වල පස්වරු 5 න් පසු රතු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කරන බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව මෙලෙස ඊයේ (24) රාත්‍රී කාලයේ රත්මලාන ප්‍රදේශයේ වැටලීම් ක්‍රියාත්මක කළා.
මේ අතර, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක රැසක මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල ආරම්භ වී තිබෙනවා.
මහ කන්නයේ වී අස්වැන්නට සහතික මිලක් ලබා ගැනීම සඳහා සකස් කළ ඒකාබද්ධ ගොවිජන යෝජනාවලියක් ගොවි නියෝජිතයින් පිරිසක් විසින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වෙත පසුගියදා භාර දී තිබුණා.
එහෙත් එම යෝජනාවලිය භාර දී දින 14 ක් ගතව ඇතත් තවමත් රජය වී සඳහා සහතික මිලක් නියම කර නොමැති බව ජාතික ගොවි ජන එකමුතුව පෙන්වා දෙනවා.
සිය අස්වැන්න සදහා 140 ක හෝ සහතික මිලක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි එම එකමුතුවේ සාමාජික ඊ.ජී. ධනවර්ධන බණ්ඩාර කොළඹ අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ.
මේ අතර ඇඳහැලෙන අධික වර්ෂාව හමුවේ මුලතිව් – මන්නංකන්ඩාල්, කන්තලේ, මඩකලපුව ඇතුළු ප්‍රදේශ බෙහෝමයක කුඹරු ජලයෙන් ජලයෙන් යට වී විනාශ වී ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා ෴
බහාලුම් පොලිම් ගැටලුව තවත් උග්රවන ලකුණු
(25.01.2025 – 20:43 +0530 – hirunews.lk/sinhala)
දින ගණනාවක් තිස්සේ විසඳුමක් නැති බහාලුම් (කන්ටේනර්) ප්‍රවාහන රථ ප්‍රමාදය, ඉදිරි දින දින කිහිපයේදී තවත් උග්රවන වනු ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ආනයනය කර ඇති බහලුම් දින තුනකට (3) වැඩි ප්‍රමාදයකින් වරායෙන් පිටත් කෙරෙන බවයි.
ඔරුගොඩවත්ත, තොටළඟ ඇතුළු මාර්ග දෙපස බහාලුම් ප්‍රවාහන රථ සහිත දිගු පෝලිම් තවදුරටත් දක්නට ලැබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ බහාලුම් රථ තදබදය කඩිනමින් විසඳීමට බලාපොරොත්තු වන බවයි ෴
බහාලුම් ප්‍රවාහන ගැටලුව තවදුරටත් පවතින බව බහාලුම් රථ ප්‍රවාහන හිමිකරුවන්ගේ සභාපති සනත් මංජුල පවසනවා.
ඔහු කියා සිටියේ වරාය තුළ බහාලුම් සහිත රථ 600 ක් සහ ඉන් පිටත 400 ක් පමණ සිරව ඇති බවයි.
එමෙන්ම, ආනයනික බහාලුම් 3000 ක් පමණ තවමත් වරාය තුළ පවතින බව ඔහු සදහන් කළා.
මේ අතර, රියදුරන් ප්‍රකාශ කළේ, මෙම අර්බුදය හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක සිට තමන්ට සිය රථය තුළ රැදී සිටීමට සිදුව ඇති බවයි ෴
‘සුදු නෝනා’ කොළොන්නාවේදී අල්ලයි
(25.01.2025 – 19:55 +0530 – hirunews.lk/sinhala)
‘රේඛා තුෂාරී’ හෙවත් ‘සුදු නෝනා’ නැමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක කොළොන්නාව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අද (25) අත්අඩංගුවට ගැනුණා.
මේ අතර, පානදුර සහ කෙසෙල්වත්ත ආදි ප්‍රදේශ රැසක ‘අයිස් සහ හෙරොයින්’ ජාවාරමේ නිරත වූ ‘ආදම් ෆොරස්ට් කලුවා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරුවෙකු සහ තවත් අයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම කේරළ ගංජා කිලෝ 101 යි ග්‍රෑම් 833 ක් සමග සැකකරුවෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.
මෙම ගංජා තොගය පොහොර බෑග් 05 ක බහා තිබියදී සොයා ගෙන තිබෙනවා.
පලාලි, ඇන්ටනි පුරම්, වෙරළ තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ යාපනය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබෙනවා.
පොලිසියට ලද රහසිගත තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 67 ක් වන වාමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පලාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴
දළදා මාළිගාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (25) වසර 27 යි
(25.01.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala)
ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27 ක් ගත වනවා.
1998 අදවන් දිනක (25.01.1998) උදෑසන ශ්‍රී දළදා මාළිගය ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වුණා.
එදින එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු දළදා මාළිගාව ඇතුල්වීමට උත්සහ කර ඇති අතර එහි සිටි පොලිස් නිලධාරියෙකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණා.
කෙසේ වෙතත්, එම ස්ථානයේ තිබූ බෝම්බ සහිත ලොරි රථයක් පුපුරා යාමත් සමඟ දළදා මාළිගයේ ඉදිරිපිට පඩිපෙළ සහ සදකඩපහන ද විනාශ වී තිබෙනවා.
එහෙත් දළදා වහන්සේ වැඩසිටින මාළිගාවට සහ රන් වියනට කිසිදු හානියක් සිදු ව තිබුණේ නැහැ.
මෙම බෝම්බ ප්‍රහාර හේතුවෙන් අඩි 28 ක පමණ වළක් බෝම්බය පිපිරුණු ස්ථානයේ සෑදි තිබුණා.
ප්‍රහාරයෙන් 14 දෙනෙකු මිය ගිය අතර තවත් 28 දෙනෙකු තුවාල ලැබුවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴