දවුලගල පාසල් සිසුවිය පැහැරගත් සිද්ධියට පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්
දවුලගල පාසල් සිසුවිය පැහැරගත් සිද්ධියට පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්
(22.01.2025 – 11:40 +0530 – sinhala.adaderana.lk)
දවුලගල, හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තවත් දෙදෙනෙකු (2) ස්ථානමාරු කර තිබේ.
ඒ අනුව, පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කර ඇත.
එමෙන්ම කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකියක සහ උප පොලිස් පරික්ෂකයෙකු ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රධාන පොලිස් පරික්ෂකිය කඩුගන්නාව පොලීසියටත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස්පරීක්ෂකයා වෙලම්බොඩට පොලීසියටද ස්ථාන මාරු ලබා දී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ නියෝග මත එම විනය පියවර ගෙන ඇත.
පසුගිය ජනවාරි මස 19 වැනි දින පෙරවරු 07:30 ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලීසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලීසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත එම විනය පියවර ගෙන ඇති බව සඳහන්ය ෴
+
+
දුම්රිය අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න අනුමැතිය…
(22.01.2025 – 08:40 +0530 – lankacnews.com)
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන් හට නිවාස හෝ වන්දි හෝ ලබා දී ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2024-08-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණ වලින් මිල දී ගත් නිවාස ඒකක 694 ක පදිංචි කිරීම් මේ වන විටත් අවසන් කර ඇති අතර, තවත් නිවාස ඒකක 144 ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතව ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස යෝජනා ක්‍රම නොමැති මහරගම, හෝමාගම හා පාදුක්ක යන ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක නිවාස ඒකක 120 ක නිවාස සංකීර්ණයක් ඉදිකරමින් පවතින අතර, එහි වැඩ කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.
ඒ අනුව, එකී නිවාස සංකීර්ණයේ පදිංචි කිරීමට නියමිත ප්‍රතිලාභින් හට ඔප්පු ලබා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොට්ටාව මාලපල්ල හි පිහිටි ඉඩම සහ ඒ තුළ පිහිටී නිවාස සංකීර්ණය රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තියෙහි විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට වැය බරක් නොවන පරිදි අදාළ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴
හිටි හැටියේ කඩා පැන්න PHI මහත්තුරුන්ගේ ඇස් උඩගිය දර්ශන පෙළ මෙන්න | කළුතර ආපන ශාලා තොගයකට වැඩ වරදියි (22.01.2025)
+
යන්න…එළියට යන්න…මම බලන්නේ මට ඕන අය | කොළඹ මහ රෝහලේ ඩොක්ටරියගේ සද්දේ | ෆෝන් එකත් අතේ (22.01.2025)
+
රටම බස් රියදුරන්ට බනිද්දී දරුවන් 60 කගේ දිවි බේරූ දෙවියෙක් වගේ ඩ්‍රයිවර් මහත්මයා – ඇත්තටම දේව හාස්කමක් (22.01.2025)
+
දුවව තමන්ගේ මුළු ජීවිතයම කරගත් මවට අත්වුනු ඉරණම | Asanga Live සඳුදා 10යි10 Episode 10 (20.01.2025)
+
මහින්ද වෙනුවෙන් විමල් පෙරට එයි මිනිහෙකුට එහෙම හිතන්නවත් පුළුවන් ද ? ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න (22.01.2025)
+
+
සැකකරුවෙකු ලෙස මන්ත්‍රි අර්චුනාගේ ඉදිරිපත් වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
(22.01.2025 – 17:45 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර පොලිසියේ රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ පොලිසිය මුල් ‘බී’ වාර්තාවේ සැකකරුගේ නම ලෙස අර්චුනා ලෝචනා වශයෙන් සඳහන් කර ඇති බවයි.
කෙසේ වෙතත්, අද ජාතික හැඳුනුම්පත සමග අධිකරණයට ඉදිරිපත් වුණු සැකකරුගේ නම රාමනාදන් අර්චුනා ලෙස සදහන් වන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, නම් දෙක පරස්පර බැවින් රාමනාදන් අර්චුනා සැකකරුවෙකු ලෙස පිළිගත නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ.
මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරු තමා බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාමනාදන් අර්චුනා මෝසමක් මගින් අද (22) අධිකරණයට ඉදිරිපත් වී තිබුණා.
+++
+++
+++
අර්ජුනා කොටි ඩයස්පෝරාවත් එක්ක එකතුවෙලා ප්‍රභාකරන්ව නැගිට්ටවන්න ගහන ගේම | දමිළ තරුණයෙකුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව (22.01.2025)
+
හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු හිටපු කොමසාරිස්වරයාගේ ඇප ඉල්ලීම ඉවතට
(22.01.2025 – 22:02 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස්කර කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් ලබාදී රජයට රුපියල් මිලියන 50 ක් අහිමි කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු ගොනු කර තිබූ අපේක්‍ෂිත ඇප අයැදුමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (22) ප්‍රතික්ෂේප කළා.
හම්බන්තොට ප්‍රදේශයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ‘සජිත් වසන්ත වෙල්ගම’ නමැති අයෙකු, අජිත් පතිරණ ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් අධිකරණය හමුවේ ගොනුකළ අපේක්‍ෂිත ඇප අයැදුමක් එසේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ එම හිටපු කොමසාරිස්වරයා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ තිබූ ලොරිරථ අංකයක් කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ සුඛෝපභෝගී මෝටර් රථයක් වෙනුවෙන් ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් ලබා දී ඇති බවයි.
2013 වර්ෂයේ ඔක්තෝබර් මස 23 දින හෝ ඊට ආසන්න දිනකදී මෙම ව්‍යාජ ලියාපදිංචි සහතිකය නිකුත් කර ඔහු අනීතික ක්‍රියාවක් කර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූහ.
හිටපු කොමසාරිස්වරයා කළ එම අනීතික ක්‍රියාව නිසා රජයට රු. මිලියන 50 ක පමණ අලාභයක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.
තම දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලට අනුව මෙම පෙත්සම්කාර පුද්ගලයා මීට පෙරද මේ ආකාරයෙන් එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කර මෝටර් රථ සඳහා ව්‍යාජ ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වීය.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ වහනයක මුල් පොත, ආදායම් බලපත්‍රය, හැඳුනුම්පත, ආදී ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෝටර් රථ දත්ත පද්ධතියේ ක්‍රියාකරුට පමණක් එහි වෙනස්කම් කිරීමට හැකියාව ඇති නමුත් වෙනත් අයෙකුට එවැනි වෙනස්කමක් කළ නොහැකි බවය.
එවැනි අවස්ථාවක එසේ තොරතුරු ඇතුළත් කළ දත්ත පද්ධති ක්‍රියාකරු කවුද යන්න පිළිබඳව හඳුනාගත හැකි නමුත්, පෙත්සම්කාර පුද්ගලයා එවැනි ක්‍රියාවක් සිදුකර ඇති බවට දත්ත පද්ධතියේ සඳහන් නොවන බැවින් තම සේවාදායකයාට අපේක්ෂිත ඇපයක් ලබාදීමට හැකියාව තිබෙන බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහුු හා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම අපේක්ෂිත ඇප අයදුම්පත එසේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා ෴
කාන්තාවක් වෑන් රථයකින් පැහැරගැනෙයි
(22.01.2025 – 21:25 +0530 – hirunews.lk/sinhala)
වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිටදී, කාන්තාවක් වෑන් රථයකින් බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා.
මින් පෙර පොලිස් සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු විසින් එම පැහැර ගැනීම සිදු කරන් ලැබ තිබුණා.
පොලිස් නිලධාරියෙකුට සමාන නිල ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයාව වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴