හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා (‘අප්පච්චි මලා’) අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා (‘අප්පච්චි මලා’) අත්අඩංගුවට
(19.01.2025 – 14:38 +0530 – hirunews.lk/sinhala)
හිටපු අමාත්‍ය ‘විජිත් විජයමුණි සොයිසා’ ‘වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය’ විසින් අද (19) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ ‘ව්‍යාජ ලෙස එකළස් කරන ලද ලොරි රථයක්’ ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළවයි.
‘වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය’ විසින් හිටපු අමාත්‍යවරයාගෙන් පැය 05 ක පමණ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම ලොරි රථය එම ඒකකය විසින් පසුගිය මස හපුතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටයි පොලිසිය කටයුතු කළේ.
+
+
ගන්දර බස් රථ අනතුරක් : තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට
(19.01.2025 – 10:19 +0530 – hirunews.lk/sinhala)
ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය – මාතර ධාවනය වන බස් රථයක් සහ තංගල්ල – මාතර අතර ධාවනය වන බස් රථයක්




එම අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙකු (3) ඇතුළු 61 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
+
පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ ගමන් ගන්නා අයට විශේෂ නිවේදනයක්
(19.01.2025 – 21:40 +0530 – sinhala.adaderana.lk)
අද (19) අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව – මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ සිට ගල්ලෑල්ල දක්වා වූ කොටස ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බැවින් මඟීන්ගේ පහසුව සඳහා මනම්පිටිය සිට කඳුරුවෙල දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යොදා තිබේ.
පොලොන්නරුව – සෝමාවතිය මාර්ගයේ කිලෝමීටර් 35 හා 37 අතර ප්‍රදේශයේදී ජල ගැලීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති අතර සෝමාවතිය පුදබිමට පැමිණිය හැකි සෝමාවතිය – සේරුවාවිල මාර්ගයේ ද ඇතැම් ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව දැනුම් දී ඇත.
එමෙන්ම, අරුණපුර – අරලගංවිල මාර්ගයේ ස්ථාන කිහිපයකම ජලය යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබේ.
පල්ලියගොඩැල්ල – සුංගාවිල මාර්ගයේ පඹුරාන පාලම අසල ජලය යටවීම හේතුවෙන් යාය 08 ප්‍රදේශයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන් වේ.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොහොඹගස් හන්දිය – මල්වතුඔය පාලම අතර කොටස මල්වතුඔය පිටාර ගැලීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇත.
අවුකන සිට වලව්වේගම හරහා කලාවැව මාර්ගයේ අවුකන විහාරය ආසන්නයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන් වේ.
තවද ගල්නෑව සිට අළුබද්ද හරහා හිරිපිටියාගම මාර්ගය හඳුන්ගම පාලම ආසන්නයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී තිබේ.
එමෙන්ම තත්තිරිමලය සෙට්ටිකුලම මාර්ගයේ බෝගොඩ පාලම ආසන්න ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය ද අවහිර වී ඇත.
මේ අනුව පොලීසිය ඉල්ලා සිටින්නේ ඉහත ප්‍රදේශවල හරහා ගමන් කරන මහජනතාවට සහ රියදුරන්ට අදාළ දැනුම්දීම් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසටය.
එමෙන්ම ජල ගැලීම් සිදූ වූ ස්ථානයන්හි දැන්වීම් පුවරු යොදා විකල්ප මාර්ග සඳහන් කර මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බැවින් එම ස්ථානයන්හි රථවාහන නිලධාරීන් රාජකාරි යෙදවීමට කටයුතු කර ඇති බවද දැනුම් දී තිබේ.
ඒ අනුව ඔවුන්ගේ උපදෙස් පිලිපදින ලෙසට ද ඉහත ප්‍රදේශවල හරහා ගමන් කරන මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි ෴
ඖෂධ මිල පහළට
(20.01.2025 – 23:15 +0530 – hirunews.lk/sinhala)
පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව ‘සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි’ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ‘මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ’ පිහිටි ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව’ට අනුබද්ධිත ‘මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය’ නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී.
එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් රුපියල් 70,000 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටුණු බවයි.
ඖෂධ ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කිහිපයකට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටෙන බවයි ඔහු අවධාරණය කළේ.
+
‘මහින්දගේ කොළඹ නිල නිවස’ ගැන ජනපති කළ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර
(20.01.2025 – 21:04 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘කොළඹ නිල නිවස’ සම්බන්ධව ඊයේ (19) ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වනු ලැබුවා.
ජනාධිපතිවරයා ඊයේ (19) පැවති ජන හමුවකදී සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාසික විශ්‍රාම වැටුපද රු. 30,000 ක් දක්වා අඩුකරන බවත්, ‘කොළඹ නිල නිවස’ සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
එම නිවස කුලී පදනම මත හිටපු ජනාධිපතිවරයාට ලබා දීමට බලාපොරොත්තුවන බවද ජනපති අනුර කුමාර සඳහන් කළා.
ජනාධිපතිවරයාට එම නිවස අවශ්‍ය නම් ඒ බව ලිඛිතව දන්වා සිටින ලෙසත්, හිටපු ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක එම නිවසින් ඉවත් වීමට සූදානම් බවත් ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළා.
එමෙන්ම, හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාව සඳහා ආරක්ෂිත ස්ථානයකින් නිවෙසක් ලබාදීම ලෝකයේ ඕනෑම රටක සිදුවන ක්‍රියාවලියක් බවද මන්ත්‍රීවරයා පවසා සිටියා ෴
එඬේරමුල්ලේ දී ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගිනි ගනී
(20.01.2025 – 19:39 +0530 – hirunews.lk/sinhala)
බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ‘සියනෑ කුමාරි’ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම අද (20) පස්වරුවේ හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේ දී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වනවා.
+
+
‘බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව’ට වඩා ලොකු එකක් චීනයෙන් නොමිලේ
(20.01.2025 – 18:13 +0530 – hirunews.lk/sinhala)
‘කොළඹ වරාය නගරය’ ආශ්‍රිතව ‘අති නවීන ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක්’ ඉදිකිරීමට චීනය කැමැත්ත පළ කළ බව ජනාධිපති අනුර කුමාර පවසනවා.
ඊයේ (19) කටුකුරුන්ද ප්‍රදේශයේ පැවැති මහජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සම්පූර්ණයෙන්ම චීනය විසින් අරමුදල් සපයන ලද මෙම නව පහසුකම, ප්‍රමාණයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් ‘බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව’ (BMICH) අභිබවා යනු ඇති බවයි.
මේ අතර සිය සංචාරයේදී චීනය ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500 ක (ආසන්න වශයෙන් රු. බිලියන 20) ප්‍රදානයක් ලබා දීමට පොරොන්දු වූ බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා ෴
වසා තැබූ නැගෙනහිර පළාතේ පාසල් ගැන විශේෂ දැනුම්දීමක්
(20.01.2025 – 16:12 +0530 – hirunews.lk/sinhala)
නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (21) සුපුරුදු පරිදි පැවැත්වෙන බව ‘නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා’ පවසනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය පදනම් කරගනිමිනුයි ඊයේ (19) දිනයේ මෙම තීරණය ගනු ලැබුවේ.
මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 ක පවුල් 5,738 ක පුද්ගලයින් 16,930 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
‘ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’ පැවසුවේ වර්ෂාවත් සමඟ හමා ආ සුළං හේතුවෙන් ගස් කඩාවැටීම් හා පස් කඳු පෙරළීම්වලින් නිවාස 98 කට අර්ධ හානි සිදුව ඇති බවයි.
දින කිහිපයක සිට සක්‍රිය වී ඇති ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලටයි.
මේ අතර අද (20) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම අගය මිලිමීටර් 168 ක්.
කෙසේ වෙතත් අද (20) දිනයේත් උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි ‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව’ සදහන් කළේ.
විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල 60 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.මේ අතර පවතින වර්ෂාපතනය හේතුවෙන් ජලාශ 73 න් 58 ක් මේ වනවිට වාන් මට්ටමට පැමිණ ඇති බවයි ‘වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ’ අධ‍්‍යක්ෂ එල්.ඒ.සූරියබණ්ඩාර කියා සිටියේ.
එවැනි පසුබිමක මේ අතර පොළොන්නරුව වැලිකන්ද මුතුගල වැවේ පිට වාන හරහා යෑමට උත්සහ කළ අඹුසැමි යුවළක් සැඩ පහරට ගසා ගෙන ගොස් තිබෙනවා.
ඉන් කාන්තාව බේරාගෙන ඇති අතර සැඩ පහරට හසුව ගසාගෙන ගිය ඇගේ සැමියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ සේනපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි එක් දරු පියෙක්.
මේ අතර පැවති අධික වර්ෂාවත් සමග තවමත් මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.
පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල කොටස තාවකාලිකව වසා දමා ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ද ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා ෴
රුපියල් කෝටි 07 ක ‘කුෂ් මත්ද්‍රව්‍ය’ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
(20.01.2025 – 15:44 +0530 – hirunews.lk/sinhala)
රුපියල් කෝටි 07 කට ආසන්න වටිනාකමකින් යුත් ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග සැක දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අදාල මත්ද්‍රව්‍ය තොගය සමග සැකකාර හමුදා සෙබළෙකු ඇතුලු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපොල රේගුව පවසන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴