කඩුවෙල – කොරතොටින් රුපියල් කෝටි 12 කට අධික මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවෙකු අල්ලයි
කඩුවෙල – කොරතොටින් රුපියල් කෝටි 12 කට අධික මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවෙකු අල්ලයි
(14.01.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala)
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 500 ක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමග සැකකරුවෙකු කඩුවෙල – කොරතොට, වැලිහිද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නවගමුව පොලිසියට ලද තොරතුරකට අනුවයි.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 04 කට අධික බවටයි වාර්තා වන්නේ.
‘ලොක්කා’ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විසින් ඔහුට මෙම මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙනවා ෴
පැහැරගත් සිසුවිය වෙනුවෙන් දිවි පරදුවට තැබූ ‘අර්ෂාඩ් අහමඩ්’
(14.01.2025 – 08:03 +0530 – sinhala.adaderana.lk)
“මම රස්සාව කරන්නේ අකුරණ ප්‍රදේශයේ. උදේ වැඩට යන්න ලෑස්ති වෙලා පාරට ගිහින් බස් එක එනකන් ඉන්නකොට මම ළඟින් ඉස්කෝලේ ගෑණු ළමයි දෙන්නෙක් ඉස්සරහට ගියා. ඒ එක්කම කළු පාට පොඩි වෑන් එකක් ඇවිත් නතර කරලා, ඒ ගෑණු ළමයි දෙන්නාගෙන් එක්කෙනෙක් උස්සලා වෑන් එකට දාගන්නවා මම දැක්කා. අනෙක් ළමයා බය වෙලා කෑ ගැහුවා. වෑන් එක අද්දලා යද්දි මම දුවලා ගිහින් වෑන් එකට පැන්නා.”
තමා කළ වීර ක්‍රියාව මෙලෙස වචනයට නංවන්නේ දවුලගල, ඇම්බැක්ක ප්‍රදේශයේ පදිංචිව සිටින 24 හැවිරිදි ‘අර්ෂාඩ් අහමඩ්’ තරුණයාය.
රුපියල් ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලා දවුලගල හපුගහයටතැන්න ප්‍රදේශයේදී අධ්‍යාපනය සඳහා යමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියෙදී එම පාසල් ශිෂ්‍යාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේ අර්ෂාඩ් බව මේ වනවිට මුළු ලංකාවම දන්නා දෙයකි.
මෙම සිද්ධිය එහි අසල තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි. එම දර්ශනවල දක්නට ඇත්තේ මෙම සිද්ධිය වන අවස්ථාවේ අසල සිටි තරුණයෙක් දිව විත් ඔහුගේ කරේ තිබූ බෑගයද අතහැර සිසුවිය පැහැර ගන්නා පුද්ගලයා සිටි වෑන් රථය ඇතුළට පනින අයුරුය.
ඉන්පසු වෑන් රථයේ එල්ලී සිටින තරුණයා වෑන් රථය ඇතුළේ සිටි අයකු සමග පොර බඳන අයුරු හා වෑන් රථයේ එල්ලී සිටි තරුණයා සමග වෑන් රථය වේගයෙන් ගමන් කරන අයුරුද ද එම දර්ශනවල සටහන්ව තිබුණි.
නමුත් එම තරුණයාට කුමක් සිදුවුයේ දැයි දැන ගැනීමේ අදහසින් පොලීසියෙන්ද ඒ පිළිබඳ තොරතුරු විමසා සිටිය ද ඔහු පොලීසියට නොපැමිණි බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව අප වාර්තාකරු දවුලගල හපුගහයටතැන්න ත්‍රීවිල් රථගාලෙන් තොරතුරු විමසීමේ දී අර්ෂාඩ්ගේ නිවස පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකිව තිබුණි.
ඉන් අනතුරුව අප වාර්තාකරු අර්ෂාඩ්ගේ නිවසට යන විටත් ඔහු තුවාල සහිතව සිට ඇති අතර, සිදුවීම සමග දැඩි ලෙස කම්පනයට පත්ව සිටි බව ද අනාවරණය වුණි.
“අනේ අයියේ රස්සාවකට මම රට යන්න ඉන්නේ. මේක නිසා මට ඒකත් බැරිවෙයි.” යැයි පවසා අර්ෂාඩ් ඔහු මුහුණදුන් බිහිසුණු අත්දැකීම මෙලෙස පවසා තිබේ.
“මෙම පැහැරගැනීම මොනවාට ද වෙන්නේ කියලා මම දන්නේ නෑ. ඒත් මේක පාසල් ළමයෙක් පැහැරගැනීමක් කියලා මට තේරුණා. මම වැඩට යන එක පැත්තක දාලා වෑන් එක දිහාට දිව්වා. එතකොට ගෑණු ළමයා වෑන් එක ඇතුළට දාලා ඉවරයි. මම ගිහින් කොල්ලගේ ඇඟේ එල්ලුණා. එයා මට ගැහුවා. ඒත් මම අතහැරියේ නෑ. ගැණු ළමයා එළියට ගන්න උත්සාහ කරද්දිම වෑන් එක ඇදලා ඉස්සරහට ගියා. මම එල්ලිලා ඉන්න නිසා ඒ අයට දොර වහන්න බැරි වුණා. ඒ කොල්ලා මට ගහන ගමන් මම අල්ලගෙන හිටිය අත හැපුවා. ඊට පස්සේ මාව වෑන් එකෙන් තල්ලු කරලා එළියට දැම්මා. වෑන් එක වේගයෙන් යන ගමන් මාව පාරට වැටුණා. මට තුවාල වුණා. මම තාත්තාටයි මාමලටයි කෝල් කරලා එතැනට එන්න කිව්වා. මගේ අත, කකුල, මුණ, ඇඟිල්ලි තුවාල වෙලා. තාත්තා එක්ක ගිහින් මම බෙහෙත් දාගත්තා. ඒ වෑන් එකේ ඩ්‍රයිවර් එක්ක තුන් දෙනෙක් හිටියා. මේක අපේ පවුලේ ප්‍රශ්නයක් කියලත් ඒ කොල්ලා කිව්වා.”
කෙසේ වෙතත් අර්ෂාඩ් සිදුකළ මෙම වීර ක්‍රියාව ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා පොලීසියේ ෆේස්බුක් පිටුවේ ද ඉතා අලංකාරවත් දැන්වීමක් පළ කර තිබෙනු අපට දැකගත හැකි විය.
එහි සඳහන්ව තිබුණේ, “පැහැරගත් පාසල් සිසුවිය මුදවා ගැනීමට ගිය තරුණයාට ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රණාමය” යනුවෙනි.
එම දැන්වීම පහතින් දැක්වේ :
+++
+
බලාපොරොත්තුවේ දෑස් දල්වමින් ලොව දකින්නට වරම් දෙන මහා පුන්‍යකර්මය, ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපතිතුමාත් ඇස් ඇතුළු ශරීරාංග දන් දෙයි
(13.01.2025 – 22:06 +0530 – hirunews.lk/sinhala)
නිරෝගී දෙනෙතකින් ලොව දකින්නට වරම් ලැබීම තරම් වාසනාවක් තවත් නැහැ.
මරණයත් සමග මේ දෙනෙත්වලටත් ආයු කාලය අවසන් කිරීමට ඉඩ නොදී, දෑස් නොපෙනෙන හෝ අක්ෂි ආබාධ සහිත පුද්ගලයෙකුට එය පරිත්‍යාග කිරීම ජීවත්ව සිටියදීම කළ හැකි මහඟු පිංකමක්.
මේ, කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ‘ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම්’ මූලස්ථානයයි.
1961 වසරේදී පිහිටුවන ලද මෙරට පැරණිම සමාජ සේවා ආයතනයක්වන ‘අක්ෂිදාන සංගමය’ ඇස් දන්දීම සම්බන්ධයෙන් නොමිලේ කටයුතු කරන සුවිශේෂී ආයතනයක්.
‘ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම්’ සභාපති සම්පත් ද සිල්වා සඳහන් කළේ, මේවන විට 2,230,000 දෙනෙකු සිය ඇස් දන්දීමට ලියාපදිංචි වී සිටින බවත් මේ දක්වා රෝගීන් 160,000 ක් අන්ධභාවයෙන් මුදාගෙන ඇති බවයි.
එමෙන්ම, 2024 වසරේදී ශ්‍රී ලාංකිකයින් 7,144 දෙනෙකු ඇස් දන් දී ඇති බවත්, එලෙස දන්දුන් ඇස්වලින් අක්ෂි ආබාධිත විදේශිකයින් 3,163 දෙනෙකුට හා දේශීය 1,475 දෙනෙකුට ද පසුගිය වසරේදී (2024) ඇස් පරිත්‍යාග ලබාදුන් බවත් 1025 දෙනෙකු අක්ෂි ශල්‍ය පුහුණුවීම් ලබන වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සඳහා ඇස් සපයා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ලාංකිකයින් ලබාදුන් ඇස්වලින් ලොව දකින්නට වරම් හිමිකරගත් පිරිස අතර යේමනය, ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු විදෙස් රටවල් 57 ක දෘශ්‍යාබාධිත පුද්ගලයින් සිටීමත් විශේෂත්වයක්.
එක් ඇසක් සංරක්ෂණය කිරීමට රුපියල් 25,000 ක පමණ මුදලක් වැයවන බව අක්ෂිදාන සංගමය පවසනවා.
මෙලොව බිහිවූ අයෙකුට සිය ජීවිත කාලයේදී කළ හැකි මහඟු පුණ්යකර්මයක්වන සිය ඇස් ඇතුළු සියලු ශරීරාංග දන්දීමේ මහඟු පුණ්‍ය කටයුත්තට ‘හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සහ එම මැතිණිය’ 2018 වසරේ වෙසක් පුන් පොහෝ දා අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී එක්වුණා.
මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් සීමා විරහිත ශාසනික සේවා රැසක් ඉටුකරන ‘හිරු මාධ්‍ය ජාලයේ සභාපති’ රේනෝ සිල්වා මහතා සිය ශරීරාංග දන් දීම සඳහා වන පොරොන්දු පත්‍රයට එදින අත්සන් තැබුවා.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද එම පුණ්‍ය කටයුත්ත සිදුකෙරුණේ අක්ෂිදාන සංගමයේ, ජාත්‍යන්තර ඇස් බැංකුවේ සහ ශ්‍රී ලංකා මිනිස් පටක බැංකුවේ නිලධාරීන් ඉදිරියේයි.
‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපතිතුමන් සිය ඇස් ඇතුළු සියලු ශරීරාංග දන් දීමෙන් අනතුරුව අනුරාධපුර ජේතවනාරාම පුදබිමට හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් පැමිණි සැදැහැවතුන් විශාල පිරිසක් ද සිය ශරීරාංග දන් දීමේ පුණ්‍යකර්මයට දායකත්වය ලබා දුන්නා.
මේ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති සම්පත් ද සිල්වා පවසා සිටියේ,
“මරණයෙන් පසු නිවසට හෝ රෝහලට පැමිණ ‘ඇස් කුනීත’ ලබාගන්නවා. විශේෂ ද්‍රාවණයක බහා රැගෙන යනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. පටක බැංකුවටත් පටක දන්දී තිබෙනවා. පසුගිය වසරේ (2024) රෝගීන් 956 දෙනෙකු එමගින් අපි සුව කළා. සමස්තයක් ලෙස 13,000 කට සෙත සැලසුණා. අපේ මූලස්ථානයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ පොරොන්දු පත්‍ර ලියාපදිංචි කළ හැකියි.
https://www.eyedonation.lk/ ඔස්සේත් ලියාපදිංචි විය හැකියි. මේ වසරේ ලක්ෂ 25 ක් අපේ ඉලක්කයයි.”
+
හිමිකම සනාථ කිරීමට නොහැකිවූ වාහන නිවසකින් හමුවෙයි
(13.01.2025 – 22:37 +0530 – sinhala.adaderana.lk)
ගණේමුල්ල – ගලහිටියාව ප්‍රදේශයේ නිවසක හිමිකම සනාථකිරීමට නොහැකිවූ සුඛෝපභෝගී ජීප් රථ 3 ක් සහ ‘වැගන් ආර්’ රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සොයාගත් එම වාහනවල වටිනාකම රුපියල් කෝටි 12 කට අධික බව පොලීසිය සඳහන් කළේය.
රාගම බටුවත්ත ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයෙදී පොලිස් නිලධාරීන් විසින් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
පළායන අවස්ථාවේ රිය පැදවූ පුද්ගලයා බීමත්ව සිට ඇති අතර බෙන්ස් රථය ගාල්කර තිබූ ගණේමුල්ල – ගලහිටියාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර ඇති අතර එහිදී හිමිකම සනාථකිරීමට නොහැකිවූ එම වාහන සොයාගෙන ඇත.
නිවස පරීක්ෂාකරන අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු නිවෙස් හිමියා, බිරිඳ සහ රථය පැදවූ රියැදුරා අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 17 දක්වා රක්ෂිත බණ්ධනාගාරගතකර කෙරුණි.
+
+
අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම නීත්‍යානුකූල ද?
(14.01.2025 – bbc.com/sinhala/)
+
මුදල් අමාත්‍යාංශයෙන් ආණ්ඩුව රවට්ටලා – වාහන ගෙන්නුවට අපිට වාහනයක් ගන්න බෑ – ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (13.01.2025)
+
මාලිමාව නිසා ජනතාවට තෛපොන්ගලුත් නෑ.. (14.01.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴