ආරක්ෂකයා මරා සේප්පුව කඩා රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකෑ සේවකයා අත්අඩංගුවට
ආරක්ෂකයා මරා සේප්පුව කඩා රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකෑ සේවකයා අත්අඩංගුවට
(12.01.2025 – 08:59 +0530 – hirunews.lk/sinhala)
පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 45 ක් වන විජයකටු පොත, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු එම ආයතනයේ ආරක්ෂකයෙකු ලෙස සේවයකර ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය 10 වැනිදා ඔහු රාත්‍රී රාජකාරියේ නිරතව සිට ඇති අතර පසුදින (11) උදෑසන මොහු හිසෙහි තුවාල සහිතව මියගොස් සිටි බව සේවකයින් පවසනවා.
එම ආයතනයේ සේප්පුවක තිබු රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවත්, එහි හිමිකරු විසින් මුන්දලම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.
මුන්දලම පොලිස් ස්ථානයේ හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවකු ඊයේ (11) සවස් කාලයේ බත්තුළුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි එම ආයතනයේම සේවකයෙක්.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
ආනයනික වාහන මත පැටවෙන සමස්ත බදු ප්‍රතිශතය 500% දක්වා ඉහළ යා හැකියි – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය
(12.01.2025 – 13:17 +0530 – hirunews.lk/sinhala)
රජය ප්‍රකාශයට පත් කර ඇති නව බදු ප්‍රතිශතවලට අමතරව වාහන ආනයනයේදී දැනට පනවා ඇති අනෙකුත් සියලුම බදු එක්වූ පසු ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා පවතින සමස්ත බදු ප්‍රතිශතය 500% ක් දක්වා වැඩිවිය හැකි බව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මේ වසර තුළ වාහන 50,000 ක් පමණ ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි.
වසර 05 ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, ලබන පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා වන බදු ප්‍රතිශත රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් ප්‍රකාශයට පත් කෙරුණු එම ගැසට් නිවේදනය ප්‍රකාරව එම බදු පැනවෙනු ඇති.
ඒ අනුව, නිෂ්පාදිත දින සිට අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා 200% ක සහ 300% ක ප්‍රතිශතයකින් බදු පනවා තිබෙනවා.
ඒ අනුව වාහන මිල ගණන් ද ඉදිරියේදී සියයට 20 කින් පමණ ඉහළ යා හැකියි.
එන්ජින් ධාරිතාව 660cc කාණ්ඩයේ රථවාහන සඳහා පැවැති බද්ද රුපියල් ලක්ෂ 16 ක් පමණ වූ අතර, නව බදු ප්‍රතිශත අනුව එම බද්ද රුපියල් ලක්ෂ 18½ පමණ වනු ඇති.
එමෙන්ම එංජින් ධාරිතාව 1,000cc කාණ්ඩයේ රථවාහන සඳහා පැවැති බද්ද රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ නමුත් නව බදු ප්‍රතිශතය අනුව එම රථවාහන සඳහා රුපියල් ලක්ෂ 24½ පමණ බද්දක් පැනවෙනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ, එංජින් ධාරිතාව 1,500cc කාණ්ඩයේ රථවාහන සඳහා රුපියල් ලක්ෂ 57 ක් පමණ වූ බද්ද නව බදු ප්‍රතිශතය ගැලපීමෙන් පසු රුපියල් ලක්ෂ 66 ක් පමණ වනු ඇති බවයි.
රජය ප්‍රකාශයට පත්කළ නව බදු ප්‍රතිශතය සහ සියලුම අනෙකුත් බදු එකතු වූ පසු ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා පැනවෙන සමස්ත බදු ප්‍රතිශතය 500% ක් පමණ වනු ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයකරුවන්ගේ සංගමය පවසනවා.
+
+
+
ගෙදරින් එපා කියපු පෙම්වතා මහමගදී පාසල් පෙම්වතිය පැහැරගනී
(12.01.2025 – 13:09 +0530 – hirunews.lk/sinhala)
බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන බව දැක්වෙන CCTV දර්ශන පෙළක් ‘හිරු නිවුස්’ වෙත ලැබී තිබෙනවා.
මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙකු (2) මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු පැහැති කුඩා වෑන් රථයක් පැමිණෙන බවත් එහි පසු අසුනේ දොර විවෘත කරන තරුණයෙක් මෙම තරුණිය බලෙන් ඔසවා වෑන් රථයට දමාගෙන යන අයුරු එහි දකින්නට ලැබෙනවා.
එසැණින් බියට පත්වන අනෙක් තරුණිය දිව යන අතරතුර පාරේ ගමන් ගත් තරුණයෙක් ඇය මුදා ගැනීමට ඉදිරිපත් වන අයුරු පෙනෙන්නට තිබෙනවා.
ඔහු තරුණියා බේරා ගනීමට මහත් පරිශ්‍රමයක් දරන බව දකින්නට ඇති අතර එම තරුණයා වෑන් රථයේ එල්ලී සෑහෙන දුරක් යන බවද දකින්නට ලැබෙනවා.
සිදුවීම දවුලගල, හපුගහයටතැන්න ප්‍රදේශයේදී සිදුව ඇති බවයි ‘හිරු නිවුස්’ කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ.
මෙම පැහැරගැනීම ඊයේ (11) පෙරවරු 07:45 ට පමණ සිදුව තිබෙන බවයි දවුලගල පොලිසිය ‘හිරු නිවුස්’ වෙත පැවසුවේ.
පැහැරගැනීමට සම්බන්ධ වෑන් රථය පොලොන්නරුව නගරයේ ඇතහැර දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙන අතර එය කුලී පදනම මත ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පැහැර ගැනීමට ලක්වූ තරුණිය හෝ පැහැරගැනීම සිදුකළ තැනැත්තා ගැන තොරතුරක් නැති අතර එම තරුණිය ගම්පොල, මරියවත්ත පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
ඇය දවුලගල, හපුගහයටතැන්න ප්‍රදේශයේ සිට ඉගෙනුම් කටයුත්තක නිරතව සිට තිබෙන බව පැවසෙනවා.
පැහැරගැනීම සිදුකර ඇත්තේ තරුණියගේ ඥාති සහෝදරයෙක් බවත් තරුණිය සැකකරුගේ මාමාගේ දියණිය බවයි පැවසෙන්නේ.
දියණිය තරුණයාට විවාහ කර දීමට එම නිවැසියන් කැමැත්තෙන් පසුවී ඇතත් එම අදහස පසුව වෙනස් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවට උරණ වූ තරුණයා විසින් තරුණිය පැහැරගෙන තිබෙන බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.
පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 18 ක තරුණියක් වන ඇතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
+
දේශිය වෙළඳපොළේ සියඹලා කිලෝවක් රුපියල් 2000 යි
(12.01.2025 – 12:06 +0530 – hirunews.lk/sinhala)
දේශිය වෙළඳපොළේ පවතින සියඹලා හිඟයත් සමග හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් රු 2000 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බව වෙළෙඳුන් පවසනවා.
මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවයි වෙළඳුන් කියා සිටියේ.
හින්දු ජනතාව ව්‍යාංජන පිළියෙල කිරිමේදි සියඹලා බහුල වශයෙන් භාවිතා කරන අතර, හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හෝදදට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ලෙසයි සැලකෙන්නේ ෴
පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඇති බාධා ඉවත් කිරීමට රජයේ අවධානය
(12.01.2025 – 07:53 +0530 – sinhala.adaderana.lk)
ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 10 දින මරදාන පිහිටි VEGA Innovations සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදීය.
VEGA Innovations සමාගම නිපදවා ඇති ලොව තෙවන (3) වේගවත්ම විද්‍යුත් මෝටර් රථය ලෙස සැලකෙන VEGA විද්‍යුත් මෝටර් රථය, 100% දේශීයව නිපදවා ඇති විද්‍යුත් ත්‍රීවිල් රථ සහ සමාගම විසින් AI තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති අනෙකුත් නිෂ්පාදන නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එවැනි පරිසර හිතකාමී නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා ඇති බාධාවන් ඉවත් කිරීම සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජය කිසිසේත්ම පසුබට නොවන බවද පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් VEGA Innovations සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා පැවසුවේ වසර 2030 වන විට AI තාක්ෂණය සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක වෙළඳපළක් තිබෙන බවය.
එම වෙළඳපළෙන් 1% ප්‍රමාණයක් එනම් ඩොලර් බිලියන 150 ක් ලබා ගැනීමේ අරමුණින් මෙම AI තාක්ෂණ ලංකාවේ ප්‍රචලිත කළ හැකි බව පෙන්වා දෙන ලද අතර මේ වනවිට ලෝකයේ විද්‍යුත් ත්‍රීරෝද රථ සඳහා ඩොලර් බිලියන 30 ක ඉල්ලුමක් පවතිනු ඇති බවත් ලංකාවට ඉන් 10% – 15% ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇති බවය ෴
+
+
හිරු, දෙරණේ සදාචාරය ගැන හිටපු නි. කතානායකගෙන් මාලිමාවට සුපිරි දේශනයක් (11.01.2025)
+
ඩිජිටල් හැඳුනුම්පත හරහා දැවැන්ත දත්ත මංකොල්ලයක් (12.01.2025)
+
හැමෝම උඩ දාගෙන කතා කරපු අම්බිගා අතුරුදන් (12.01.2025)
+
කොච්චර හිතුණත් පැවිදි වෙන්න බැරි ඇයි? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (12.01.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴