ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්; බරපතළ තුවාල ලබා රෝහලේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්; බරපතළ තුවාල ලබා රෝහලේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්; බරපතළ තුවාල ලබා රෝහලේ

(10.01.2025 – 23:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර රන්මාල් ද සිල්වාට අයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අද (10) පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.

ඔහු පදිංචිව සිටින රත්මලානේ පිහිටි සිය නිවසට අද (10) රාත්‍රියේ පැමිණි කණ්ඩායමක අයෙකු ඔහු ඉලක්ක කර තියුණු ආයුධයකින් පහරක් එල්ල කළ අවස්ථාවේදී ඉන් බේරීම සඳහා තම අතක් ඔසවා ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රහාරයෙන් ඔහුට තුවාල සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ නමුත්, මෙලෙස පැමිණි පිරිසටද ඔහු විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිසිය සැකකරනු ලබන්නේ මෙම ප්‍රහාරය සඳහා පාතාල කල්ලියක සම්බන්ධයක් පවතින බවයි.

එමෙන්ම, මෙලෙස තුවාල සිදුකර පළාගිය පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ සහ සාවිත්‍ර ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රංජන් ද සිල්වාද 2018 වසරේදී නාඳුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වුණා ෴

+

+


කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් මෝටර් රථයක් ලියාපදිංචි කල අයෙකු අත්අඩංගුවට

(10.01.2025 – 21:50 +0530 – sinhala.adaderana.lk)

‘මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව’ වෙත කූඨ ලේඛන ඉදිරිපත් කර මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය’ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2023.07.13 වන දින කඩවත ප්‍රදේශයේදී ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය’ වෙත ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් ව්‍යාජ අංක තහඩු සවි කරන ලද වාහනයක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව අදාළ පුද්ගලයා ගමන් ගත් වාහනය හා පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී හමුවූ වාහන 404කට අදාළ විවිධ ලේඛන සමග සැකකරු කඩවත පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත ‘මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ’ ලියාපදිංචි අංක තහඩු සහිත නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් 2024.12.26 වන දින මීරිගම හල්පෙ ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගෙන ඇත.

එම ජීප් රථය කොටස් වශයෙන් මෙරටට ආනයනය කර එකලස් කරන ලද්දක් බවට අනාවරණය වී ඇති අතර එම රථයට අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංක යොදා කූඨ ලේඛන ‘මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව’ වෙත ඉදිරිපත් කරමින් ඉහත මෝටර් රථයට ලියාපදිංචි ලේඛනයක් සකස් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ’ නිලධාරින් විසින් අද (10) දින බෝල්වතේ, ගනේමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් තව දුරටත් ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය’ මඟින් විමර්ශන සිදුකර ගෙන යනු ලබයි ෴

+

+


රෝහින්‍යා සරණාගතයින් පස්සේ ඉන්නේ මුජිබුර් සංහිඳියාව නැතිකරන කුමන්ත්‍රණයක් හදිසියේම CIDයට පැමිණිල්ලක් (10.01.2025)

+

ත්‍රස්තවාදී සරණාගතයින්ගෙන් මේ පුණ්‍යභූමිය පුරවන්න එපා.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (10.01.2025)

+


දීර්ඝ සති අන්තය හෙටින් (11) ඇරඹෙයි මාකුඹුරට මහා ජන ගංගාවක් ගම්බිම් බලා යන්න ලොකු පිරිසක් (10.01.2025)

+


උඩ බලලා ගන්න තීන්දු බිම ක්‍රියාත්මක කරන්න බැහැ | ආණ්ඩුවට වෙලා තියෙන නස්පැත්තිය චරිත හෙළිකරයි (10.01.2025)

+


දුමින්ද බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට..

(10.01.2025 – 20:36 +0530 – lankacnews.com)

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට අද (10) පස්රුවේ මාරු කර ඇත.

දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටියේ වෛද්‍ය නිර්දේශ අනුව වුවත් තව දුරටත් රෝහලේ රැදවීමේ අවශ්‍යතාවයක් නොමැති බව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කිරීමෙන් පසු සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

+

දුමින්ද සිල්වාගේ බොරුව මාට්ටු | බන්ධනාගාරයෙනුත් තීරණයක් ගනී | අහෝ ! දුමින්දට අත් වුණු ඉරණම (10.01.2025)

+


පාර්ලිමේන්තුවේ තිදෙනෙකු (3) සේවයෙන් නෙරපයි.. ලිංගික අතවර වාර්තාව එයි..

(11.01.2025 – 10:00 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවේ සේවය කරන රූමත් තරුණියන්ට ලිංගික අතවර කරන ලද බව කියන සිදුවීම සම්බන්ධයෙන් එහි තිදෙනෙකුගේ (3) සේවය සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලකවරයෙකු ඇතුළු තිදෙනකු (3) මෙසේ සේවය අත්හිටුවනු ඇතැයි සඳහන්ය.

මෙම තීරණය ගෙන ඇති බව පැවසෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක නිර්දේශ මතය.

2023 වසරේ අගෝස්තු මාසයේදී මෙම අතවර සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව ඒ ගැන විමර්ශණ කිරීමට මෙම කමිටුව පත් කරන ලදී.

සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවගෙන් පහළොස් දෙනෙකු (15) ගෙන් කමිටුව ප්‍රකාශ සටහන් කරගෙන තිබින.

මේ අතර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධතිය හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේද ඇතැම් කාන්තාවන්ට සිදුව ඇතැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන්ද මේ දිනවල විමර්ශනයක් පැවැත්වෙයි ෴


බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයකින් වැටී දැරියක් මරුට

(11.01.2025 – 07:47 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ලේ පිහිටි මහල් 24 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.

ඊයේ (10) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

ඇය බොරැල්ල – සර්පන්ටයින් පාර, ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මියගිය දැරිය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම දැරිය එම මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන ඇත්ද, නැතහොත් වැටී ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ‘ධනංජය ද සිල්වා’ගේ සහෝදරයා අත්අඩංගුවට

(11.01.2025 – 12:34 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ‘ධනංජය ද සිල්වා’ගේ සහෝදරයා වන ‘සාවිත්‍ර ද සිල්වා’ හෙවත් ‘සංගු’ නැමැත්තා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්ය.

‘සංගු’ නැමැත්තා ඊයේ (10) රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී තිබේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා, ‘ධනංජය ද සිල්වා’ගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති ‘කුඩු අංජු’ නැමැත්තාගේ සහ ‘ඇල්ටෝ ධර්මේ’ නැමැත්තාගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ‘ඉන්දික සුරංග සොයිසා’ නොහොත් ‘රත්මලානේ සුද්දා’ නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ‘ධනංජය ද සිල්වා’ගේ සහෝදරයාට පහරදී ඇත.

පොලීසිය සඳහන් කළේ, ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ‘ධනංජය’ගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් ‘රත්මලානේ සුද්දා’ නැමැත්තාට හා තවත් අයෙකුට පහරදී ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූ දෙපිරිසම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ වන විට ‘ධනංජය ද සිල්වා’ගේ සහෝදරයා වන ‘සාවිත්‍ර සිල්වා’ හෙවත් ‘සංගු’ නැමැත්තා හා ඔහුගේ පහර කෑමෙන් තුවාල ලැබූ ‘රත්මලානේ සුද්දා’ නැමැත්තා හා තවත් අයෙක් පොලිස් භාරයේ පසුවෙමින් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.


සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද අමාත්‍යාංශයේ හොරු රෑනට අහුවෙලා (10.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *