බාස්මතී කියා ඔබ මිලදී ගන්නෙත් මෙම සහල් ද ?
(10.01.2025 – 07:17 +0530 – sinhala.adaderana.lk)
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරතවන පිරිසක් පිළිබදව තොරතුරු ‘අද දෙරණට’ වාර්තා විය.
ඒ පිළිබද අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ බාස්මතී සහලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර, බාස්මතී සහල් ලෙස වෙළෙඳපොළ තුළ අලෙවිකරණ බවයි.
බාස්මති සහල් ඕනෑම අවස්ථාවක මෙරටට ආනයනය කළ හැකි අතර, සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300 කට වැඩි බදු මුදලක් පනවා තිබේ.
එහෙත් මෙරට තුළ රුපියල් 220 ත් 250 ත් අතර සීමාව තුළ අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් මෙලෙස කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65 ක බදු මුදලක් ගෙවා මෙරටට ආනයනය කර වැඩි මිලට අලෙවිකිරීම සිදු වේ.
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ මෙරටට පැමිණෙන සහල් තොගවල සාම්පල පරික්ෂාව සඳහා යොමුකිරිමේදී පමණක් ඒවා බාස්මතී සහල් නොවන බවට හඳුනාගැනෙන බවයි.
මේ පිළිබද පියවර ගැනීමට කිසිදු නෛතික බලයක් රේගු දෙපාර්තමේන්තුවට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් බලය පවතින්නේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
+
+
අන්තවාදයට එරෙහි ඤාණසාර හිමි සිරගත කිරීම ….. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (10.01.2025)
+
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ්
(10.01.2025 – 16:31 +0530 – hirunews.lk/sinhala)
අසල්වැසියෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඔහුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
මිරිහාන පොලිසිය මගින් අද (10) උදෑසන නුගේගොඩ තලපත්පිටිය ප්රදේශයේදීයි ඔහුව අත්අඩංගුවට ගත්තේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, තාප්පයක ගැටලුවක් මුල් කරගෙන දෙපාර්ශවය අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි.
පහර කෑ පුද්ගලයා මේ වන විට ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
+
+
+
+
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි
(10.01.2025 – 16:16 +0530 – hirunews.lk/sinhala)
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දියත් කළ උපවාසයක් හේතුවෙන් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
මේ බව විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ ෴
+
+
නීති විරෝධීව ආනයනය කළ වාහන 400 කට අධික ප්‍රමාණයක් එකලස් කළ අයෙකු අත්අඩංගුවට
(10.01.2025 – 15:50 +0530 – hirunews.lk/sinhala)
ව්‍යාජ එන්ජින් සහ චැසි අංක සවි කළ බවට චෝදනා එල්ල වන වාහන ජාවාරම් කිරීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස නීතිවිරෝධී ලෙස එකලස් කර විකිණීම සඳහා වාහන 400 කට අධික ප්‍රමාණයක් ආනයනය කර සකස් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ ෴
බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදයෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ අවධානමක්
(10.01.2025 – 10:40 +0530 – hirunews.lk/sinhala)
නිෂ්කාශන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000 ක් අතර ප්‍රමාණයක් වරාය තුළ සිර වී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසනවා.
එම සංගමයේ සභාපති සනත් මංජුල ඊයේ (09) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ, වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කළමණාකාරිත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාද වී ඇති බවයි.
මෙම ගැටලුව හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳී සිටීමට සිදුව ඇති බව සඳහන් කළ එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද 20% කින් පමණ ඉහළ යා හැකි බවයි.
+
+
මාර්ග අංක 187 සුඛෝපභෝගී බස් රථවලට ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයට පැමිණීමට අවසර
(10.01.2025 – 09:55 +0530 – hirunews.lk/sinhala)
ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් මාර්ග අංක 187 (කොටුව – කටුනායක) සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට අවසර ලබා දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කරනවා.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාඹුකුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් ද අද (10) සිට ආරම්භ කළා.
ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10 ක් මේ හරහා ක්‍රියාත්මක බවයි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සදහන් කළේ.
කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාඹුකුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා යාමට අයකරන ගාස්තුව රුපියල් 450 ක් ෴
රට සිහින පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
(09.01.2025 – 20:46 +0530 – hirunews.lk/sinhala)
ඉතාලියට හා රුමෙනියාවට රැකියා සඳහා යවන බව පවසමින් බොහෝ පිරිසකගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් හම්බන්තොට සමරකෝන්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ රැකියා ලබා දෙන බව පවසා අදාළ සැකකරු ප්‍රදේශ රැසකම පිරිස් රවටා මුදල් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකරුට මුදල් ලබාදුන් හම්බන්තොට, වීරකැටිය, හුංගම, අම්බලන්තොට, සූරියවැව, තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශ රැසක පිරිසක් පසුගියදා හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබුණා.
විවිධ නම්වලින් පෙනී සිටිමින් සැකකරු විසින් මෙම ජාවාරම සිදු කර ඇති අතර ඔහු එක් අයෙකුගෙන් රුපියල් පනස් දහසේ (50,000) සිට විවිධ ප්‍රමාණයන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ පුද්ගලයා මුදල් ලබාගෙන ටික දිනකින් ඔවුන්ගේ දුරකථන අංක අවහිර කිරීමට කටයුතු කරන බවත් පැමිණිලිකරුවන් පවසා තිබෙනවා.
මාස 9 ක් තිස්සේ ඔහු එම ජාවාරම සිදුකරමින් හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ තම බිරිද හා දරුවන් තිදෙනා (3) සමඟ සැඟව සිට ඇති අතර මුදල් ලබාදුන් පිරිසක් පොලිසිය සමඟ ගොස් ඔහුව අල්ලා ගෙන තිබුණා.
දේපළ සොරකමක් සම්බන්ධයෙන් ද අදාළ සැකකරුට එරෙහිව අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අතර එලෙස සැකකරුට මුදල් ලබාදුන් තවත් අය සිටිනම් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිලි කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴
මව්කිරි සිරවීමෙන් දින 12 ක බිළිඳෙකු අවසන් ගමන් යයි
(10.01.2025 – 19:22 +0530 – sinhala.adaderana.lk)
හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් (12) වයසැති බිළිදෙකුට ලබාදුන් මව්කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
බිළිඳාගේ දෙමාපියන් චෝදනා කරනුයේ රෝහල් කාර්ය මණ්ඩලය විසින් නොසැලකිලිමත් අයුරින් ලබා දුන් මව්කිරි හේතුවෙන් බිළිඳා මිය ගිය බවය.
මෙලෙස මියගොස් ඇත්තේ යුගාන් උදයංග නමැති දින දොළහක් (12) වයසති බිළිදෙකි.
පසුගිය 27 දා කාසල් කාන්තා රෝහලේ දී උපත ලැබූ පිරිමි බිළිදෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා එදිනම හෝමාගම මූලික රෝහලට මාරු කර තිබිණි. ඒ බිළිඳාගේ උපත අඩුබර උපතක් නිසාය.
පසුව එහි දින දොළහක් (12) නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 දා අලුයම දරුවාට කිරි දීම සඳහා මව බිළිඳා ළඟට ගිය අවස්ථාවේදී බිළිදා කිරි වමනය කොට ඇග සීතලව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව දැනුවත් කිරීමට වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලය සොයා තිබේ.
එහෙත් කිසිවකුත් සොයාගැනීමට නොහැකි වී ඇති අතර අනතුරුව තවදුරටත් සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා නිදා සිටින අයුරු දැක ඔවුන්ට දැනුම් දී තිබේ.
පසුව බිලිඳා වෛද්‍යවරයාට යොමු කිරීමේදී පවසා ඇත්තේ කිරි පෙනහළුවලට ගොස් සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඒ අනුව ඊයේ (09) දින බිලිඳාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි බිළිදාගේ පෙනහළුවල සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවය.
දෙමාපියන් මෙහිදී චෝදනා කරමින් පැවසුවේ මෙවැනි සිදුවීමක් තවදුරටත් සිදු නොවීමට බලධාරීන් වගකිය යුතු බවත් මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසය.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව බිළිඳාගේ මා පියන් හෝමාගම මූලස්ථාන පොලීසියටද පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධව රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ සිද්ධිය සම්බන්ධව තමන් වෙත පැමිණිල්ලක් ලද බවත් මේ සම්බන්ධව අපක්ෂපාතීව පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴