දිලිත් ජයවීර පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. ආණ්ඩුවෙන් දැඩි විරෝධතා..

දිලිත් ජයවීර පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. ආණ්ඩුවෙන් දැඩි විරෝධතා..


දිලිත් ජයවීර පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. ආණ්ඩුවෙන් දැඩි විරෝධතා..

(09.01.2025 – 15:00 +0530 – lankacnews.com)

‘ජාතික ජන බලවේග ආණ්ඩුව’ට කිසිදු වැඩපිළිවෙලක් නැති බව ‘සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා’ සඳහන් කරයි.

ආණ්ඩුවට අද වන විට හැකියාව ලැබී ඇත්තේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියමින් තී‍්‍රවිල් වල කෑලි ගැලවීමට පමණක් බවද ඔහු කියා සිටී.

ආණ්ඩුවට හැකියාව ලැබී ඇත්තේ ජනතා සිහින මරා දැමීමට පමණක් බවත් සිහිනවලට පණ දීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය මැතිවරණවලදී පොරොන්දුවූ කිසිවක් ඉටු කිරීමට නොහැකි බවද පැවසූ ඔහු ඒවා ඉටුකරන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ වනතෙක් ඉදිරිපත් කර නැති බවද සඳහන් කළේය.

මෝඩ ගොබ්බ වැඩ නොකර ජනතාවට පොරොන්දු වූ දේ වල් කරන ලෙසත් ඒවා කරන ආකාරය හෙළි කරන ලෙසත් එසේ නොහැකිනම් ප්‍රසිද්ධියේ ජනතාවට ඒ පිළිබඳව කණගාටුව පල කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

අද (09) පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වූ අතර ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධතාවයන් එල්ල විය.

+

අවුස්සා ගත්තොත් මගේ කටත් හොඳ නැහැ | පාර්ලිමේන්තුවේ වෙච්චි අලකලංචිය ගැන දිලිත් ජයවීර රටටම හෙළිදරව් කරයි (09.01.2025)

+


මගෙන් රටට සංවිධානය ඉස්සරහට දාගෙන සංජය මහවත්තත් මාර ගේමක්නේ ගහලා තියෙන්නේ | ඉවසුවා ඇති…මමයි මහලේකම් (09.01.2025)

+


සිසුවියගේ නිරුවත් දර්ශන නැරඹූ ගුරාට වැඩ වැරදී

(09.01.2025 – 15:52 +0530 – hirunews.lk/sinhala)

16 හැවිරිදි පාසැල් දැරියක රවටා ඇගේ නිරුවත් දර්ශන ජංගම දුරකතනය ඔස්සේ නැරඹූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසැලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ දැරියගේ ඥාතියෙකු මිනුවන්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පාසැලක විද්‍යා විෂය උගන්වන ගුරුවරයෙක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

අදාළ ගුරුවරයා එම විදුහලේ 11 ශ්‍රේණියේ සිසුවියක් සමග ජංගම දුරතනයෙන් විවිධ අසභ්‍ය සංවාද පවත්වා ඇති බවත් අදාළ ශිෂ්‍යාවගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකතනය ඔස්සේ නරඹා ඇති බවටත් සිසුවියගේ නැන්දණිය මිනුවන්ගොඩ පොලිසියට යොමු කළ පැමිණිල්ලේ සඳහන්.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දිවුලපිටිය පොලිසිය ආරම්භ කර තිබෙනවා.

වින්දිත දැරියගේ පියා මියගොස් ඇති අතර, මව විදේශගතව සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවත් දැරිය නැන්දණියගේ භාරයේ සිට ඇති බවත් විමර්ශනයේදී අනාවරණ වුණා.

දැරියගේ හැසිරීම් පිළිබඳව නැන්දණියට ඇති වූ සැකයක් මත ඇය දැරියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී දැරිය රවටා අදාළ ගුරුවරයා දැරියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන නරඹා ඇති බවට අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කළා.

සැකකාර ගුරුවරයා අවස්ථා කිහිපයකදී දැරියට මුදල් පවා ලබා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව, අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

අදාළ පාසලේ විදුහල්පතිවරයා පැවසුවේ, සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් මින් පෙර ද මෙවැනි චෝදනා එල්ල වී ඇති බවයි.

+


මියන්මාර ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ කඳවුරෙන් මිදී ආ තවත් තරුණයෙකු ‘හිරු’ට කියූ සංවේදී කතාව

(09.01.2025 – 15:00 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර – තායිලන්ත දේශසීමාව ආසන්නයේ ත්‍රස්තවාදී පාලනය යටතේ පවතින ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයේ පිහිටි කඳවුරක වහල් සේවයට යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව පළමු වරට තොරතුරු වාර්තා කළේ, ‘හිරු ප්‍රවෘත්ති’ කණ්ඩායමයි.

ඒ අනුව, මෙම පිරිස බේරා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් කෙරුණ ද, අවසානයේදී තිස් දෙදෙනෙකු (32) ගෙන් සමන්විත කණ්ඩායමක් දිවි බේරාගෙන දිවයිනට පැමිණියා.

වසරකට වැඩි කාලයක් මියන්මාරයේ ත්‍රස්ත කඳවුරකදී වධ හිංසනයට ලක්වූ තරුණයෙකු පැවසුවේ, තමන් ඇතුළු කණ්ඩායම මියන්මාර ත්‍රස්ත කඳවුරට යැවීමට කටයුතු කර ඇත්තේ, මෙරට ජාවාරම්කරුවන් තිදෙනෙකු (3) බවයි.

තොරතුරු තාක්ෂණ අංශයෙන් රැකියාවක් සඳහා තායිලන්තයට යාමේ අරමුණින් විදෙස්ගත වුවත් ත්‍රස්ත කඳවුරක දිවි ගෙවීමට සිදු වූ ඔහු මුහුණ දුන් කටුක අත්දැකීම් හිරුට ප්‍රකාශ කළා.

මෙලෙස එක් පිරිසකට දිවි බේරාගෙන දිවයිනට පැමිණීමට වාසනාව හිමි වුණත් තවමත් මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිර වී සිටිනවා.

+


වැලි ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට ගත්තැයි උරණ වී කොස්තාපල්වරයෙකුට පහරදෙයි

(09.01.2025 – 14:22 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් නිසා තවත් පුද්ගලයෙකු විසින් මාන්කුලම් ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මාන්කුලම් රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ, මාන්කුලම පොලිසියට අනුයුක්ත පරිසර කොට්ඨාසයේ රාජකාරී කරමින් සිටි නිලධාරිවරයෙක්.

මෙම පොලිස් කොස්තාපල්වරයා මාන්කුලම් අම්බන්පුරම් ප්‍රදේශයේ සේවයේ නිරත වෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසිනුයි පහරදී පළා ගොස් තිබෙන්නේ.

පසුගිය දෙසැම්බර් 28 වැනිදා බලපත්‍රයක් නොමැතිව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සිද්ධියට උරණ වී නිලධාරිවරයාට පහර දී ප්‍රදේශයෙන් පළා ගොස් ඇත්තේ, අම්බාල්පුරමි ප්‍රදේශයේ පදිංචි 38 පැවිරිදි පුද්ගලයෙක්.

ඒ අනුව, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාන්කුලම් පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴


ඊශ්‍රායල් යන්න ‘ෆිසිකල් ටෙස්ට්’ ගිය අයට විනාඩි 10 ට 2.5km දුවන්න වෙලා

(09.01.2025 – 11:55 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක දී ඊට සහභාගී වූ කිහිප දෙනෙකු ක්ලාන්ත වී වැටී සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ඔවුන්ව රෝහල් ගත කළ පුවතක් වාර්තා වනවා.

ඉකුත් 06 වැනි දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ‍යේ කළමනාකරු – බඳවාගැනීම් (ඊශ්‍රායල් අංශය) විසින් කෙටි පණිවිඩයක් මගින් අදාළ පිරිස වෙත දන්වා තිබුණේ, “ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ පුහුණුව සම්පුර්ණ කරන ලද ඔබ වෙත කරනු ලබන දැනුම් දීමයි. ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් ගන්නා ලද තීරණයක් අනුව ඔබගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් (2.5km ක දුරක් මිනිත්තු 10 ක කාලයක් තුල දිවීම, 50kg බරැති වැලි කොට්ටයක් 100m දුර අඛණ්ඩව රැගෙන යාම) පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර ඒ සදහා ඔබ 2025.01.10 වන දින උදෑසන 06:30 වන විට හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිනෙන ලෙස කාරුණිකව දන්වමි. එදිනට පැමිණීමේදී කළු පැහැති බොටම් කලිසමක් සහ සුදු පැහැති ටී ෂර්ටයකින් සැරසී පැම්ණෙන ලෙසත් ඉහතින් සදහන් කරන ලද ප්‍රායෝගික පරීක්ෂණ සදහා ඔබ ශාරීරිකව සහ මානසිකව යෝග්‍ය ද යන්න පිළිබදව රජයේ ලියාපදිංචි හෝ පිලිගත් වෛද්‍යවරයකුගෙන් යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙන දිනට දිනකට පෙර ලබා ගත් වෛද්‍ය වාර්තාවක් සහ සුදු පැහැති පසුබිමේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක් රැගෙන එන ලෙසත් තවදුරටත් දන්වා සිටිමු.” යනුවෙන්.

එම පණිවිඩයට අදාළව රැකියා අපේක්ෂකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනීම සඳහා 2.5km ක දුරක් මිනිත්තු 10 ක කාලයක් තුළ දිවීම සහ 50kg බරැති වැලි කොට්ටයක් මීටර් 100 ක් දුර අඛණ්ඩව රැගෙන යාම වැනි යෝග්‍යතා පරීක්ෂණ පවත්වන බවත්, ඒ සඳහා රජයේ ලියාපදිංචි හෝ පිලිගත් වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

නමුත් එම පරීක්ෂණය සඳහා පැමිණි පිරිස කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පිරිස වෙත ගොස් එම දුර දිවීම සඳහා ලබා දී ඇති කාලය දිර්ඝ කරදෙන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැතිව ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය ඒ ආකාරයෙන්ම පවත්වා තිබුණා.

එවන් තත්ත්වයක් තුළයි මේ ආකාරයෙන් ඊට මුහුණ දුන් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ක්ලාන්ත වී රෝහල් ගත කිරීමට සිදු වීමේ සිද්ධිය වාර්තා වුණේ.

මෙම යෝග්‍යතා පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් 500 කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර යුධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම පරීක්ෂණය පැවැත් වූ බවත් වාර්තා වනවා.

+


ඉන්දීය සංචාරකයාගේ නැති වූ බෑගය පැය කිහිපයක් තුළ සොයා දෙයි

(09.01.2025 – 11:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන් කළ ඉන්දියානු ජාතිකයාගේ අස්ථානගත වු ගමන් බෑගය පැය කිහිපයක් තුළ සොයා ගැනිමට හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි ප්‍රාන්තයේ පදිංචි 39 හැවිරිදි සංචාරකයා එම දුම්රියෙන් ඇල්ල දක්වා දෙවන පන්තියේ මැදිරියේ ගමන් කරමින් සිටියදි වටවල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතරදි තම ගමන් බෑගය අස්ථානගත වි ඇති බවට හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර සංචාරකයා එම දුම්රියෙන්ම ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කර ඇති බව සඳහන්.

වහාම ක්‍රියාත්මක වු හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වටවල දුම්රිය ස්ථානයෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියදි අස්ථානගත වු ගමන් බෑගයට සමාන බෑගයක් රැගෙන දුම්රියෙන් පැමිණි පුද්ගලයෙකු වටවල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කළ බවට පැවසිමත් සමග හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වටවල පොලිසිය දැනුවත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වු වටවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයට ගොස් එම මාර්ගයේ කුලි ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් කරුණු විමසිමේදි එවැනි බෑගයක් සහිත පුද්ගලයෙකු ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක නැග ගමන් කල බවට දැනුම් දිමත් සමග පොලිස් නිලධාරින් එම බස් රථය සොයාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර සොයාබැලිමකදි අදාල ලංගම බස් රථය ඩිපෝව තුල නතර කර ඇති බවත්, එම බස් රථය පරික්ෂා කිරිමේදි ඉන්දියානු ජාතික සංචාරකයාට අයත් ගමන් බෑගය බස් රථයේ ගමන් මළු රදවනය තුල ඇති බවට ඩිපෝවේ නිලධාරින් දැනුම් දිමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වටවල පොලිස් ස්ථානයේ නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

වටවල පොලිසියේ නිලධාරින් හැටන් ලංගම ඩිපෝව වෙත ගොස් එම ගමන් බෑගය රැගෙන හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත භාර දි භාරගත් බවට අත්සන් ලබාගෙන තිබෙනවා.

හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් කියා සිටියේ ඉන්දියානු ජාතික සංචාරකයාට දුරකථය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ඔහුගේ අස්ථානගත වු ගමන් බෑගය සොයාගත් බවත්, ගමන් බෑගය රාත්‍රි තැපැල් දුම්රියෙන්ඇල්ල දුම්රිය ස්ථානය වෙත එවිමට කටයුතු කරන බවත්, ඇල්ල දුම්රිය ස්ථානයෙන් එම ගමන් බෑගය ලබාගන්නා ලෙසට පැවසු බවයි.

එහිදි ඉන්දියානු සංචාරකයා තම ගමන් බෑගය සොයාගැනිමට කටයුතු කළ දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ අදාල පොලිස් නිලධාරින්ට ස්තුතිය පුද කල බව දුම්රිය ස්ථානාධිපතිවරයා පවසා තිබෙනවා.

ගමන් බෑගය සොයාගත් වටවල පොලිසියේ නිලධාරින් කියා සිටියේ එම දුම්රියෙන් පැමිණි පුද්ගලයෙකු වැරදිමකින් සංචාරකයාගේ ගමන් බෑගය රැගෙන ගොස් පසුව එය තමන්ගේ නොවන බවට තහවුරු විමෙන් පසු බස් රථයේම දමා ගොස් ඇති බවට සැකකරන බවයි.

එම බෑගය රැගෙන ගිය පුද්ගලයා හදුනාගැනිම සදහා සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශනයක් සිදු කරන බවයි වටවල පොලිසියේ නිලධාරින් පවසා සිටියේ ෴


අතුරුදන් වූ පුද්ගලයෙක් සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි

(09.01.2025 – 15:07 +0530 – hirunews.lk/sinhala)

2024.11.04 වැනිදා සිට සිය පියා අතුරුදහන් වී ඇති බවට ඔහුගේ දියණිය විසින් කොටහේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත කොටහේන පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳ විස්තර පහතින් දැක්වේ :

නම :- මානික්කම් තුරේසිංගම් රොබින්සන්
වයස :- අවුරුදු 69
ජා.හැ.ප :- 551152944v
ලිපනය :- අංක 167/6/10, ග්ලොරියස් රෙසිඩන්ස්, බණ්ඩාරනායක මාවත, කොළඹ 12
රූප විස්තර :- උස අඩි 05 අඟල් 08 ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරකි. ඔහු අවසන්වරට නිල්පාට ඩෙනිම් කලිසමක් හා ලා නිල් පැහැති කමිසයක් හැඳ සිට ඇති අතර මතක ශක්තිය අඩු පුද්ගලයෙකි.
දුරකථන අංක –
ස්ථානාධිපති කොටහේන : 071 859 1571 සහ 071 859 1572
පොලිස් ස්ථානය කොටහේන : 011 243 1861


අද (09) පාර්ලිමේන්තුවේ ආතල්ම කතාව මේක | හැමෝම පුදුම කරමින් චාමර සම්පත් දසනායක මාලිමාවේ ආණ්ඩුවට රිදෙන්නම දෙයි… (09.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *