‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට (08) විරෝධයේ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට (08) විරෝධයේ


‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට (08) විරෝධයේ

(07.01.2025 – 21:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘CLEAN SRI LANKA’ වැඩසටහන අද (07) හත්වැනි (7) දිනටත් ක්‍රියාත්මකයි.

මීට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම දැනුවත් කිරීම් සහ පිරිසිදු කිරීම් සිදුවුණා.

මේ අතර, මෙම වැඩසටහනට සමගාමීව සිදු කරන බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් හෙට (08) පස්වරුවේ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ‘හිරු ප්‍රවෘත්ති’ හා එක්වෙමින් සඳහන් කළා.

කෙසේ වෙතත්, CLEAN SRI LANKA වැඩසටහන යටතේ රථවාහනවල සවි කර ඇති විවිධ උපාංග ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බව ත්‍රිරෝද රථවල නවීකරණ කටයුතු සිදුකරන පිරිස පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඒ හේතුවෙන් තම බැංකු ණය සහ වෙනත් මූල්‍ය අවශ්‍යතා සඳහා වන මුදල් සොයා ගැනීමටද අපොහොසත් වී ඇති බවයි.

මෙවැනි පසුබිමක පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මෙම බස් රථ පරික්ෂාවට එරෙහිව හෙට (08) පස්වරුවේ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තු වන බවයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට (08) දිනයේ පවත්වන බවත් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ද ප්‍රකාශ කළේ පෞද්ගලික බස්රථ හිමියන් හෙට (08) සිට වර්ජනයක නිරත වන බවයි.

+

+


අනුරපුරේ හොර කච්චේරි දෙකක් (2) වටලයි

(07.01.2025 – 23:28 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාජ කච්චේරි ද්විත්වයක් පවත්වාගෙන ගිය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි යුවලක් සහ තවත් පුද්ගලයෙකු මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර එය රුපියල් එක්කෝටි දස ලක්ෂ පනස් දහසක මුදලකට මහනුවර ප්‍රදේශයේම පුද්ගලයෙකුට අලෙවි කිරීමෙන් පසු එය ව්‍යාජ ඔප්පුවක් බවට අනාවරණය වී ඇති අතර, ඉඩම් ගනුදෙනුවේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයෙන් එම යුවළ අත්අඩංගුව ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, අනුරාධපුරයේ තවත් ව්‍යාජ කච්චේරියක් වැටලු පොලිසිය එහි තිබී ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, විභාග සහතික, රජයේ කාර්යාල ලිපි ශීර්ෂ, උප්පැන්න සහතික, මරණ සහතික, විදේශ ගමන් බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලියකියවිලි තොගයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් ව්‍යාජ සහතික සකස් කිරීමට රුපියල් 3,000 සිට 50,000 දක්වා මුදල් ලබාගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

+

+


පුත්තලම පොලිසියෙන් අමානුෂික පහර දුන් බවට චෝදනා

(07.01.2025 – 23:16 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවට මදුරන්කුලිය වීරපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙක් චෝදනා කරනවා.

යතුරුපැදි සොරකමක් සම්බන්ධ C.C.T.V දර්ශන පෙළක අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පොලිසියට පැමිණෙන්නැයි මොහුට දැනුම් දී තිබෙනවා.

ඒ අනූව පසුගිය 29 වැනිදා පුත්තලම පොලිසියට යමින් සිටියදී සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් තමාගේ ඇස් බැඳ පාලු නිවසකට රැගෙන ගිය බවයි මොහු පවසන්නේ.

එහිදී පැය දහයකට (10) වැඩි කාලයක් අමානුෂික ලෙස පහරදුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා.

+


‘ඇප් එකෙන්’ හයර් මෙහේ බෑ.. ටැක්සි රියදුරෙකුට පහර දී කොල්ලකති..

(07.01.2025 – 18:20 +0530 – lankacnews.com)

04 වන දින දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල නගරයේදී කුලී රථ රියදුරෙකුට පහර දී මුදල් හා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන් දඹුල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර 2025.01.05 වන දින මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු (6) දඹුල්ල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 ත් 55 ත් අතර වයස් වල පසුවන දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

පුද්ගලික කුලී රථ සේවා සපයන ආයතනයකින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබා දුන් ගමන් වාරයක් අනුව, කටුනායක ගුවන්තොටුලපල වෙත විදේශිකයෙකු රැගෙන යාම සඳහා මෙම රියදුරු දඹුල්ල නගරය වෙත පැමිණ ඇති අතර විදේශිකයා කාර් රථයට නංවා ගැනීමෙන් පසු දඹුල්ල නගරයේ හයර් ලබා නොගන්නා ලෙසට සැකකරුවන් විසින් එම රියදුරුට ර්තජනය කරමින් පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 87,000 ක මුදලක් හා රුපියල් 15,000 ක් වටිනා උපැස් යුවලක් කොල්ලකා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරුවන් 2025.01.06 වන දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.01.08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත ෴


බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

(07.01.2025 – 22:14 +0530 – sinhala.adaderana.lk)

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී අදාළ නිලධාරියාව බදුල්ල හල්පේ ප්‍රදේශයට කැඳවා මෙම පහරදීම සිදුකර ඇති බව පැවසෙයි.

එහිදී ඔහුට පුද්ගලයින් සිව්දෙනෙකු (4) විසින් යතුරුපැදි හිස්වැසුමකින් පහරදී කැපුම් තුවාල ද සිදුකර ඇති බව වාර්තා වෙයි ෴


ධාවනය වෙමින් තිබූ බස් රථයක රියැදුරුට පහර දුන් පිරිසක් අත්අඩංගුවට

(08.01.2025 – 10:26 +0530 – hirunews.lk/sinhala)

හැටන් සිට මස්කෙලිය සාමිමලේ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හරස් කර, එම බස් රථයේ රියදුරා බස් රථයෙන් ඉවතට ගෙන පහර දුන් තරුණයන් සිව්දෙනෙකු (4) සැකපිට ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

හැටන් සිට ධාවනය වූ එම බස් රථය පසුපස ත්‍රීරෝද රථ දෙකකින් (2) සහ යතුරුපැදි දෙකකින් (2) පැමිණි පිරිසක් ත්‍රිරෝද රථය සහ යතුරුපැදි බස් රථය ඉස්සරකර හරස් කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඔවුන් බස් රථය නතර කර බස් රථයේ රියැදුරු ඉන් ඉවතට ගෙන රියැදුරුට පහර දුන් බවයි බස් රථයේ කොන්දොස්තරවරයා පවසා සිටියේ.

පහර දුන් පිරිස ඉකුත් (06) දින අධික ලෙස බීමත්ව එම මාර්ගයේ ත්‍රිරෝද රථයක් ධාවනය කළ අවස්ථාවේ ත්‍රීරෝද රථය එම පෞද්ගලික බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථයේ රියැදුරු විසින් ත්‍රිරෝද රථයේ රියැදුරුට බැන වැදිමට උරණ වූ එම පිරිස පසුදින බස් රථය පිටුපස හඹාගොස් රියදුරු ඉවතට ගෙන මෙම පහරදිම සිදු කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය පවසා සිටියේ.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථයක් සහ සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් පිරිසක් පලාගොස් ඇති බවත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් ස්ථානාධිපතිවරයා පවසා සිටියා.

පහරකෑමට ලක් වූ රියැදුරු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 වයස් කාණ්ඩයේ පසුවන හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් රියදුරුට පහරදෙන අයුරු බස් රථයේ ගමන් ගත් මගියෙකු ජංගම දුරකථනයෙන් විඩියෝගත කර ඇති අතර, සැකකරුවන් එම පිරිසට විඩියෝගත නොකරන ලෙසට තර්ජනය කර තිබෙනවා.

+


‘හවාලා’ සහ ‘උණ්ඩියල්’ ක්‍රමය මෙරට අනීතික නොවන බව ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි

(08.01.2025 – 10:46 +0530 – hirunews.lk/sinhala)

‘හවාලා’ සහ ‘උණ්ඩියල්’ ක්‍රමය මෙරට අනීතික නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

එසේ වුවද එය කිසි ලෙසක නියාමනය නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔහු මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා :

“හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රටේ අනීතික නැහැ. නමුත් ඒක කිසිම විදිහකට නියාමනය වෙන්නේ නැහැ. ඒ නිසා යෝජනාවක් කරලා තියෙනවා 2024 ජූනි ඉඳලා 2025 මැයි කියන මාස දොළහ ඇතුලේ මේ හවාලා උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර්ජාතිකව ගනුදෙනු කට්ටියක් රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. ඒ සම්බන්ධයෙන් තමයි මේ යෝජනාව තියෙන්නේ.

කාරක සභාව මහ බැංකුවෙන් ඉල්ලා හිටියා මේ පිළිබඳව ගැඹුරු සමාලෝචනයක් කරලා ඉදිරිපත් කරන්න කියලා වාර්තාවක්. නමුත් එය සම්මත කරලා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.”

+


ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා

(08.01.2025 – 07:44 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සඳහන් කළාය.

“විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට, ව්‍යාජ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනාධිපතිතුමා විසින් දුප්පත් පවුල් සඳහා රු. 50,000 ක ආධාර මුදලක් ලබාදෙන බවට පණිවුඩයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් වේගයෙන් සංසරණය වෙනවා. මේ සබැඳියන් ඔස්සේ සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනවා. මේ සබැඳියන් අවහිර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් අප යොදා තිබෙනවා. මේවා ව්‍යාජ සබැඳියන් වෙනවා. මේවා ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දුනහොත් ඔබගේ බැංකු ගිණුම්වලට අනවසර ප්‍රවිශ්ඨයන් වීම, ඊමේල් ගිණුම්ට තුන්වන පාර්ශවයක් ඇතුළු වීමෙන් බොහෝ කරදර සිදුවිය හැකියි. එනිසා පෞද්ගලික තොරතුරු ලබානොදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා” ෴


දෙවියො සත්තු මවල තියෙන්නෙ මරාගෙන කන්නද? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (08.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *