ගල්කිස්ස – වටරප්පල පාරේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මරුට
ගල්කිස්ස – වටරප්පල පාරේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මරුට
(07.01.2025 – 06:19 +0530 – hirunews.lk/sinhala)
ගල්කිස්ස – වටරප්පල පාරේදී අද (07) අලුයම 04:45 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ, ගල්කිස්ස වටරප්පල පාර ප්‍රදේශයේ පදිංචි ‘සුදත් ගෝමස්’ නැමැති 36 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලබා ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි ‘දැරණියගමගේ චානුක විමුක්ති පීරිස්’ නැමැති 20 හැවිරිදි පුද්ගලයෙක්.
ගල්කිස්ස – වටරප්පල පාරේදී සිදු වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අනෙකුත් පුද්ගලයාද (20) මියගොස් ඇති බව පොලිසිය පවසනවා ෴
ගල්කිස්ස – වටරප්පල – සෙම්බලන්කොටුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීම, ‘කොස්මල්ලී’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පාර්ශව විසින් සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයින් දෙදෙනා (2) ‘බඩෝවිට අසංක’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පාර්ශවයේ සමීපතමයින් බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මිත්තණියක් ද ඊයේ (06) රාත්‍රියේ මත්ද්‍රව්‍ය චෝදනාවකට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) අද (07) අලුයම මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණා ෴
+
+
තණකොළ කපන මැෂිමෙන් ආ ‘මාරයා’
(07.01.2025 – 07:29 +0530 – sinhala.adaderana.lk)
තණකොළ කැපීමට භාවිතා කරන මැෂිමක යකඩ දැත්තක් කැඩී ගොස් පුද්ගලයෙකුගේ හිසෙහි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (07) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ ඇඹිලිපිටිය පොලිස් වසමේ ගඟේයාය ප්‍රදේශයේදීය.
එලෙස මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
ට්‍රැක්ටර් රථයක් උපයෝගී කරගෙන ක්‍රීඩාපිටියක තණකොළ කපමින් සිටියදී තණකොළ මැෂිමේ තිබූ යකඩ දැත්තක් කැඩී ගොස් ක්‍රීඩා පිටියෙහි සිටි පුද්ගලයාගේ හිසෙහි වැදී තුවාල ලබා තිබුණි.
එම පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
ඝන, දැඩි මීදුම් තත්වය නිසා, කටුනායකට ආ ගුවන් යානා තුනක් (3) මත්තලට – එකක් (1) ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් තොටුපොළට ගොඩබස්සවයි
(07.01.2025 – lankadeepa.lk)
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති ඝන, දැඩි මීදුම් තත්වය නිසා, එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට, කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා, මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව අද (07) දින අලුයම 05:00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 881 සහ අද (07) දින අලුයම 05:05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද (07) දින අලුයම 06:00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි ෴
බස් රථ ධාවනයේ දී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීම තහනම්
(07.01.2025 – 09:28 +0530 – hirunews.lk/sinhala)
බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.
ඒ අනුව, මින් ඉදිරියට පාපුරුවේ ගමන් කරමින් සිටින කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා හරිමින් පාපුවරුවේ ගමන් කරමින් සිටින බවට පැමිණිලි ලැබී තිබුණා ෴
ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ රෝගීන්ට රජයෙන් වන්දි
(07.01.2025 – 11:51 +0530 – hirunews.lk/sinhala)
ඉකුත් සමයේ දී ඖෂධ ගැටලු හේතුවෙන් වාර්තා වූ රෝගීන්ගේ ඇස් අන්ධවීමේ සිද්ධීන්වලට මුහුණ දුන් රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ, එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි.
එහි දී අමාත්‍යවරයා පැවසුවේ, නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වූ බවත්, ඇතැම් අය පූර්ණ අන්ධ භාවයට පත් වූ බවත්, ඒ අය සම්බන්ධයෙන් සොයා බලා සාධාරණය ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කර ඇති බවයි.
ඒ අනුව අදාළ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් 17 දෙනෙකුට රජය මගින් වන්දු ලබා දීමට ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසුවා.
ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ, “මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා.” යනුවෙන්.
+
මගේ සිංදු ශ්රැති වලට නෑ කියලා චැනල් ලොක්කෙක් මාව එලෙව්වා | ඒ ලොක්කගෙ ශ්‍රැතිය අවුල් වෙලා දැන් රටෙත් නෑ | ආචාර්ය සනත් විමලසිරි (06.01.2025)
+
බස් වර්ජනය ගැන තීරණය හෙට (08)
(07.01.2025 – 15:04 +0530 – hirunews.lk/sinhala)
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සිදු කරනු ලබන බස් රථ පරීක්ෂා කිරීමට විරෝධය පළකරමින් දියත් කිරීමට යෝජිත වර්ජනය සම්බන්ධයෙන් හෙට (08) දිනයේදී තීරණයක් ගන්නා බව ‘ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
එමෙන්ම ‘සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ’ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ බස් රථ පරීක්ෂා කිරීම හමුවේ සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබද සිය සංගමයේ නියෝජිතයින් සමග අද (07) සාකච්ඡා කරන බවයි.
මේ අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව දියත් කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම අදත් (07) පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වනවා.
කෙසේ වෙතත් ‘ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ නිතීරිතී හුවා දක්වමින් සිය කර්මාන්තය බිද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සිදුවන බස් රථ පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බස් රථ හිමිකරුවෙකු ද වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ද මාධ්‍ය හමුවේ අදහස් පල කලා ෴
රාජාංගනේ හිමිට අප නිවැරිදි මාවත කියාදිය යුතුයි.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (07.01.2025)
+
ආනයනික සහල්වලින් රුපියල් කෝටි 187 ක් වංචා කරලා; ඩී. වී. චානක පාර්ලිමේන්තුවේදී හෙළිකරයි
(07.01.2025 – 17:24 +0530 – hirunews.lk/sinhala)
+
මේ හාබර් මාස්ටර්, වාර්තා හදපු නිලධාරීන් හිරේ යන එක ටක්කෙටම වෙනවා |මොකක්ද මේ සංජය අලුතින් අල්ලපු කතාව? (07.01.2025)
+
දුරකතන ඉමි අංක ලියාපදිංචිය ජනවාරි 28 න් අවසන්
(07.01.2025 – 22:07 +0530 – hirunews.lk/sinhala)
ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සදහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වනදායින් අවසන් වන බව ‘ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව’ සදහන් කළා.
ඒ අනුව ‘ඉමි අංකය’ ලියාපදිංචි නොකළ දැනට ක්‍රියාකාරි උපාංග ඉදිරියේදී දුරකතන ජාලාවල ක්‍රියාකාරි නොවනු ඇති බවයි එම කොමිසම ප්‍රකාශ කළේ.
ජනවාරි 28 වනදාට පෙර ‘ඉමි අංකය’ ලියාපදිංචි කර ඇති ඡාල සඳහා එමගින් ගැටලුවක් ඇති නොවන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියා.
මේ අතර ‘ස්ටාලින්’ සේවාවට අයත් පැකේජ කිහිපයක් සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලැබී තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴