වරාය කළමණාකාර අධ්‍යක්ෂක රුපියල් කෝටි 26 ක පාඩුවක් කරලා
(06.01.2025 – lankadeepa.lk)
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක්වීමෙන් කළ දැවැන්ත පාඩුව පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (6) පැමිණිල්ලක් බාරදුන්නේය.
ජපානයෙන් ප්රදානය කළ නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් 2020 වසරේ පෞද්ගලික විනෝද චාරිකාවක නිතරව තිබියදී අනතුරකට ලක්වීමෙන් රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිතකිරීම උපදෙස්දීම සහ අලාභහානි කිරීමට යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහවත්ත මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
වරාය අධිකාරිය සතු යාත්‍රාවක් නීති විරෝධී ලෙස පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගැනීම, බලය පාවිච්චි කර අනතුර සැඟවීම සහ අනතුරෙන් වූ හානිය යථා තත්වයට පත්කිරීමට විශාල මුදලක් වැය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙහිදී ‘ගණක හේමචන්ද්‍ර’ට එල්ල වන බවත් එවැනි චෝදනා ඇති නිලධාරියෙක් එම ආයතනයේම උසස් තනතුරකට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවදානය යොමු කරන බවත් මහවත්ත මහතා කීය.
අදාල නියමු යාත්‍රාව අලුත්වැඩියා කළ ද අනතුරෙන් පසුව මේ දක්වා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇති බව කියන මහවත්ත මහතා මෙය රාජ්‍ය දේපළ අවභාවිතය කිරීමේ ජාතික අපරාධයක් බව ද සඳහන් කළේය.
වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් කළ බව ද මහවත්ත මහතා කීය ෴
උපවාසයක නිරත වූ කතක් වස පානයට ගත් උත්සාහය වළක්වයි
(06.01.2025 – 16:08 +0530 – hirunews.lk/sinhala)
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වූ කාන්තාවක් නිලධාරීන් ඉදිරියේ අද (06) වස පානය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.
මෙම කාන්තාව හම්බන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු කළමනාකාරවරියක් බවයි පැවසෙන්නේ.
ඇගේ සේවය අත්හිටුවීමක් මත මෙසේ ක්‍රියාකර තිබෙන බවත් යළි රැකියාව සහ හිග වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් උපවාසයක නිරත වූ බවයි වාර්තා වන්නේ.
එම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අදාල ස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී නිලධාරීන් සහ කාන්තාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම අවස්ථාවේ ඇගේ ගමන් මල්ලේ තිබූ වස බෝතලයක් පානය කිරීමට උත්සාහ කළ බවයි පැවසෙන්නේ.
ඒ මොහොතේ නිලධාරීන් විසින් වස බෝතලේ උදුරාගෙන තිබෙන අතර ඇයව පාලනය කොට ගැටලුව සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යාමට පියවර ගෙන තිබෙනවා.
හම්බන්තොට විවිධ සේවා සම්ප්‍රකාර සමිතියේ සේවය කරමින් සිටියදී සමිතියේ වෙනත් පුද්ගලයින් විසින් සිදු කරන ලද මූල්‍ය වංචාවක් තමා පිට පටවා ඇති බවත් ඒ හේතුවෙන් සේවයෙන් පහකළ බවයි ඇය පවසන්නේ.
නමුත් ඊට සම්බන්ධ පිරිස තවමත් සේවයේ නිරත වීමට විරුද්ධවයි ඇය මෙම මාරාන්තික උපවාසය ආරම්භ කොට තිබුණේ.
මේ ගැටලුව සම්බන්ධයෙන් ඇය වසර ගණනාවක් තිස්සේ බලධාරීන් වෙත කරුණු දක්වා ඇතත් කිසිදු සහනයක් ලැබී නොමැති බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ ෴
සමන් දේවාල කපුමහතුන්ට රජයෙන් ප්‍රතිචාර
(06.01.2025 – 17:32 +0530 – sinhala.adaderana.lk)
සබරගමුව මහා සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීමට පියවර ගනු ලැබුවේ අදාළ පනත ප්‍රකාරව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක පවසයි.
එම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් සිදුකළ පත්කිරීමට එහි කපු මහතුන් ඇතුළු රාජකාරී මණ්ඩලයෙන් ඊයේ එල්ල වූ විරෝධයට ප්‍රතිචාර දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේ බව අද (06) ප්‍රකාශ කළේය.
සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතුන් ප්රමුඛ රාජකාරී මණ්ඩලය දේවාලයේ තේවා ඇතුළු රාජකාරී කටයුතුවලින් ඊයේ (05) ඉවත් වුණි.
ඒ අනුව, අද (06) දිනයේදීත් සබරගමුව මහා සමන් දේවාලය වසාදමා තිබෙන ආකාරය දක්නට ලැබුණි.
ශ්‍රී පාද වන්දනා සමය පසුගිය උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වූ අතර ශ්‍රීපාදය වන්දනා කරන බැතිමතුන් සබරගමුව මහා සමන් දේවාලය වෙත පැමිණ ආශිර්වාද ලබාගැනීමද සිදුකරනු ලබයි.
+
+
+
බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රිය කාලසටහනක්
(06.01.2025 – 16:19 +0530 – sinhala.adaderana.lk)
තෛපොංගල්, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ ගමනාගමන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ද කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බවය.
ඒම කාලසටහන පහතින් :
විදේශ ගමන් බලපත්‍රයකට අමතර රුපියල් 450 ක් ගෙවන්න වෙලා
(06.01.2025 – lankadeepa.lk)
ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල් 450 ක් අමතර ගාස්තුවක් ගෙවීමට සිදුව තිබෙන්නේ යැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතාට ජාතික වෘත්තිය, ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා අද (6) පැමිණිළි කළේය.
ආගමන විගමන දෙපාර්තුමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට සැරසුණු ‘ඊ පාස්පෝට්’ ක්‍රමවේදය අධිකරණමය කටයුත්ත හේතුවෙන් අත්හිටුවීමෙන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය වසර විස්සක (20) කාලයක් අඛණ්ඩව කළ සමාගමටම දී ඇති බවත් එම සමාගම මෘදුකාංග ගාස්තුවක් යැයි පවසමින් මෙම මුදල් රජයෙන් අයකරගන්නා බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ල කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික ඖෂධ නියාමන අධීකාරීයේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සාධාරණ හා පිළිගත හැකි පරීක්ෂණ කරනු ඇතැයි විශ්වාසයක් නොමැති බවත් ඒ මහතා කීය.
දේශපාලන පරිවර්තනයක් වූවත් පසුගිය කාලයේ වංචාවන්ට මුල් වූ නිලධාරීන් කටයුතු කරන නිසා ඉදිරි විමර්ශනවලදී එම නිලධාරින් විමර්ශන හා නීති අංශ නොමග යැමීමට හෝ සාක්කි වසන් කිරිමට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය ෴
+
ආණ්ඩුවට පෙරටුගාමින්ගෙන් ප්‍රහාරයක් | ඇයි තාමත් ටිරාන් අලස් නිදැල්ලේ | පුබුදු ආණ්ඩුවට අනතුරු හඟවයි (06.01.2025)
+
බිම තියෙන ගුවන් යානා තුනක් (3) රුපියල් කෝටි 280 ක් කා දමලා
(06.01.2025 – lankadeepa.lk)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් (3) වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280 ක් ගෙවා තිබූ බව ‘ජාතික විගණන කාර්යාලය’ නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවශ්‍යතා තක්සේරුවට අනුව ගුවන් යානා විසි හතක් (27) අවශ්‍ය බහු පැවසේ පැවසේ.
පසුගිය වසරේ අගෝස්තු දොළහ (12) දිනට සමාගම යටතේ භෞතික හා මෙහෙයුම් ගුවන් යානා ඇණි පිළිවෙලින් 22 ක් සහ 18 ක් විය.
ඉන් ගුවන් යානා තුනක් (3) 2013 වර්ෂයේ ඔක්තෝබර් 29 දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව ඇත. එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280 ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2023 වසරේ මාර්තු 31 දිනට අලාභය රුපියල් කෝටි 59,960 ක් බව එම වාර්තාවේ දැක්වේ ෴
උතුරු මැද පළාත් 11 ශ්‍රේණියට අදාළ තවත් විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් (2) පිටවෙයි
(06.01.2025 – 21:51 +0530 – sinhala.adaderana.lk)
උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ වාර විභාගයට අදාළව තවත් ප්‍රශ්ණ පත්‍ර දෙකක් (2) පිටවී තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටව ඇති බවය.
“ඊයේ මධ්‍යම රාත්‍රියේ පළවෙනි ආරංචිය ලැබුණා අද (06) දවසට අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවෙලා කියලා. ඒ අනුව අපි අද (06) අළුයමම ඒ විභාගයේ කටයුතු අත්හිටුවන්න කටයුතු කළා. අද (06) හවස්වරුව වෙනකොට හෙට (07) සහ අනිද්දා (08) ට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පිටව ගොස් ඇති බවට කරුණු වාර්තා වුණා.”
මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධව මේ වන විට අනුරාධපුර මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇතැයිද පැවසු ඒ මහතා සිද්ධිය සිදුවූයේ කෙසේද යන්න සොයා බැලීමට කටයුතු කරන බවද පැවසීය.
පළමුව පිටව ඇත්තේ උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ වාර විභාගයට අයත් සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය වන අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ පිටව ඇතැයි තහවරු විය.
මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියත් සමග උතුරු මැද පළාතේ සියළුම රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම්දෙන තුරු අවලංගු කිරීමට ද පියවර ගැණුනි ෴
රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් ගත් ඩිපෝ සේවකයා රිමාන්ඩ්
(06.01.2025 – 16:35 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් ලබා ගත් ඩිපෝ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු විසින් රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ඡායාරූපයක් යොදා ගනිමින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ කප්පම් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්ය සහයෙකු බව සඳහන්ය.
අදාළ සැකකරු ඊයේ (05) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත ෴
+
දිවයිනම සුද්ධ කරන “CLEAN SRI LANKA” – මෙහෙයුම් නවත්වන්නේ නෑ – පොලීසියත් දැඩි තීරණයක (06.01.2025)
+
අමිලගේ ඝාතනයෙන් වත්තේගම කැලඹෙයි – තත්ත්වය පාලනයට හදිසියේම විශේෂ පොලිස් මෙහෙයුමක් (06.01.2025)
+
ඡන්දෙන් පස්සේ යට ගිය JVP භීෂණය සජබේ මහලේකම් ආයෙත් උඩට ගනී | මාර කතා ටිකක් රංජිත් කියන්නේ (06.01.2025)
+
ලොක්කෝ ඉස්සරහා පොලීසියට බර අවි ප්‍රහාරයක් – ඔත්තුව දුන්නම පොලීසිය එන්නත් කලින් ජාවාරම්කාරයා දන්නවා (06.01.2025)
+
+
විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු පිලිබඳ අවධානය යොමු කළ අගමැතිනිය (06.01.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴