වෛද්‍යවරයෙකු ලෙස වෙස්වලා ගත් අයෙක් කාන්තාවකගේ රුපියල් ලක්ෂ 10 ක රන් ආභරණ කොල්ලකයි
වෛද්‍යවරයෙකු ලෙස වෙස්වලා ගත් අයෙක් කාන්තාවකගේ රුපියල් ලක්ෂ 10 ක රන් ආභරණ කොල්ලකයි
(04.01.2025 – 15:20 +0530 – hirunews.lk/sinhala)
වෛද්‍යවරයෙකු ලෙස වෙස්වලා ගත් හෙද සහයකයෙකු රෝගියෙකු බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණි කාන්තාවකගේ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ල කා පළා ගොස් තිබෙනවා.
අදාළ රෝගියාට ලේ ලබාදිය යුතු බව පවසා සැකකාර හෙද සහයකයා එම කාන්තාවගේ රන් ආභරණ ගලවා දෙන ලෙස පවසා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මරදාන පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය 31 වැනිදා කාන්තාවක් සිය නැගණිය සමග දහවල් රෝගීන් බලන වේලාවේදී කොළඹ ජාතික රෝහලට පැමිණ තිබුනේ නේවාසිකව ප්‍රතිකාර ලබන තම මව බැලීම සඳහායි.
සුළුවේලාවකින් වෙද නලාව ද පැළඳ වෛද්‍යවරයෙකු ලෙස පැමිණි පුද්ගලයෙක් රෝගී කාන්තාවගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර රෝගියාට ලේ අවශ්‍ය බව පවසා තිබෙනවා.
පසුව මෙම කාන්තාව ද කැටුව 56 වාට්ටුව දෙසට ගොස් රන් ආභරණ ගලවා දෙන ලෙසයි දන්වා ඇත්තේ.
ජාතික රෝහලේ ආරක්ෂක අංශ ද පෙර සිදු වු මෙවන් සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති අතර ඒවා සිදුකරන්නේ හෙද සහයකයෙකු බව ඔවුන් හඳුනාගෙන තිබෙනවා.
සැකකාර හෙද සහයකයා අදාල අවස්ථාවේ කලබලයෙන් පළා යන විට ආරක්ෂක අංශ විසින් ඔහුව නවතා ගැනීමට තැත් කරන වීඩියෝවක් ද ඔවුන් විසින් රැගෙන තිබුණා.
අදාල රන් භාණ්ඩ සොරකම් සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත්තා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
+
විදුලි සැර වැදී 14 හැවිරිදි සිසුවියක් මිය යයි
(04.01.2025 – 17:34 +0530 – hirunews.lk/sinhala)
විදුලි සැර වැදීම හේතුවෙන් පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි මෙත්මි සිතුම් කුමාරි නම් 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.
ඇය මවගේ ජංගම දුරකථනය ද රැගෙන සිය කාමරයට ගොස් ඇති අතර ඉන් මද වේලාවකට පසුව කෑගසන ශබ්දයක් නිවැසියන්ට ඇසී තිබෙනවා.
කෑගැසීම හේතුවෙන් ඔවුන් කාමරය වෙත ගොස් ඇති අතර එහිදී අදාළ දැරිය ඇය නිදාගන්නා යකඩ ඇඳ අතින් අල්ලාගෙන කෑ ගසමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
දැරියගේ මව ඇයව ස්පර්ශ කළ විට මවට ද විදුලි සැර වැදී තිබෙනවා.
කෙසේ වෙතත් විදුලි සම්බන්ධතාව විසන්ධිකර ඇයව රෝහල් ගත කර ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
+
සංචාරක වීසා මත මෙරට සිටින විදෙස් ජාතිකයින් නිසා ව්‍යාපාරිකයින් අවදානමේ
(04.01.2025 – 16:16 +0530 – hirunews.lk/sinhala)
සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර සිදුකරන විදෙස් ජාතිකයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ඉදිරියේදී සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ අවධානමක් මතුවන බව සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එම සංචාරකයින් සිදුකරන ව්‍යාපාරවලින් කිසිඳු ලාබයක් රජයට හිමි නොවන අතර එම පිරිස් ලාංකිකයින්ට කළ පහර දීම්ද වාර්තා වන බවයි.
සංචාරක වීසා මත මෙරටට පැමිණෙන යුක්රේන සහ රුසියානු ජාතිකයින් ඇතුළු ඇතැම් සංචාරකයින් ගාල්ල ඇතුළු ප්‍රදේශවල විවිධ ව්‍යාපාරවල නිරතවන බවට සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් පසුගිය දින කිහිපයේම චෝදනා කළා.
එවන් පසුබිමක සංචාරක වීසා මත මෙරටට පැමිණ උණවටුන යද්දේහිමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරයක නිරත යුක්රේන ජාතික යුවලක් සංචාරක කර්මාන්තයේ නිරත ලාංකිකයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පහර දීමේ පුවතක් ද ඊයේ (03) වාර්තා වුණා.
එම පහරදීම සිදුව තිබුණේ ඔහුගේ නිවසේ සිටින සුනඛයෙකු අදාළ යුක්රේන ජාතික යුවලට බිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් හටගත් ආරවුලක් මතයි.
මෙම පහරදීම සහ සංචාරක වීසා මත මෙරට රැදී සිටිමින් විදෙස් සංචාරකයින් විසින් සිදුකරගෙන යන ව්‍යාපාර සම්බන්ධයෙන් ‘සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව’ මෙලෙස අදහස් පළ කළා.
+
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 08 වැනිදා ඇරඹේ
(04.01.2025 – 15:39 +0530 – hirunews.lk/sinhala)
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු ලබන 08 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ‘හිරු ප්රවෘත්ති අංශය’ට කියා සිටියේ, එම කටයුතු ලබන 12 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, ඇගයීම් කටයුතු කඩිනමින් අවසන් කර ප්‍රතිඵල ලබාදීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 01 වන ප්‍රශ්න පත්‍රයේ ගැටළු සහගත ප්‍රශ්න 3 සඳහා සියලු විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය දා තීරණය කළා ෴
ඇමති නලින්දට තවත් චෝදනාවක්..”තර්ජනය, මර්ධනය කරන්න එපා” (04.01.2025)
+
+
කතරගම දෙවියන්ටත් හොරෙන් බස්නායක නිළමේ හොරා කාලා? (04.01.2025)
+
මිත්‍යා දෘෂ්ඨිය කරා යන අසිංහලයෝ.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (04.01.2025)
+
ප්රභාකරන් ඊළාම් සටන ඇරඹූ හැටි.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (04.01.2025)
+
“කිසිඳු ආකාරයක විශේෂ පහසුකමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී නැහැ” මඩ ප්‍රචාරවලට බන්ධනාගාරයෙන් ප්‍රතිචාර
(04.01.2025 – 22:42 +0530 – hirunews.lk/sinhala)
බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එල්ල කර ඇති චෝදනා පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයා නිවේදනයක් සහ ඡායාරූප පෙළක් නිකුත්කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂවරයා විසින් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බව දැන්වීමෙන් පසු බන්ධනාගාර වෛද්යනරුන්ගේ අධික්ෂණය යටතේ මේවන විටත් රදවා ඇති බව එම නිවේදනයේ සඳහන්.
ඔහුට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් තුළන් විවේචනාත්මක පුවත් පළවී තිබූ බවත්, එම පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් ලබාදී නොමැති බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රඳවා ඇති වාට්ටුවේ ඡායාරූප පෙළක් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් මාධ්‍යයට නිකුත්කර තිබුණා.
+
+++
රැඳවියෝ කෙහෙළියගේ ඇඳුම් මදිනවා, දුමින්දගේ වොෂ් රූම් එකට කවුරු හරි ගියොත් සත්තම දානවා, දුමින්ද සිල්වා හිරගෙදර ඇතුළේ ගහන ගේම් පත්තු වෙයි.. (04.01.2025)
+
+
රුපියල් කෝටි 28 ක රන් රටින් පන්නන්න හැදූ 3 ක් මාට්ටු
(04.01.2025 – lankadeepa.lk)
කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28 කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300 ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු (3) අද (4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ත් 45 ත් වියේ පසු වන තිදෙනෙකි (3).
සැකකරුවන් යාත්‍රා කළ ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.
සැකකරුවන් මෙම රත්තරන් තොගය ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.
අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ සැකකරුවන් රේගුවට බාර දීමට නියමිතව ඇත ෴
කොස්තාපලයෙකුගේ ගිනි අවිය පත්තු වී කොස්තාපලිය රෝහලේ
(04.01.2025 – lankadeepa.lk)
මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපලයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපලියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව මහවෙල පොලිසිය පවසයි.
වෙඩි වැදීම සම්බන්ධයෙන් කොස්තාපලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මහවෙල පොලිසියට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ පරිගණක ක්‍රියා කරවමින් සිටි පොලිස් කොස්තාපලියකි.
මහවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් 119 රාජකාරී සඳහා පිටව ගොස් අවශ්‍යතාවයක් සඳහා නැවත මහවෙල පොලිස් ස්ථානයට පැමිණ ඇත.
එම අවස්ථාවේදී කොස්තාපලයෙකු සතුව තිබූ රිවෝල්වරය ක්‍රියාත්මක වී උණ්ඩයක් එම පොලිස් කොස්තාපලියගේ පාදයේ සුලඟිල්ලේ වැදී තුවාල වී ඇති බව පොලිසිය පවසයි.
මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
මුල්වරට ජේ.ආර්.පී. පුංචි තිරයට ආපු හැටි – අවසන් ගෞරවය පුදකරන්න ආ හසන්ත මුල්වරට හෙළිකළේ මෙහෙමයි (04.01.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴