නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියක යකඩ ජාවාරමක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියක යකඩ ජාවාරමක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය


නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියක යකඩ ජාවාරමක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

(02.01.2025 – 21:31 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ – නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිකෙරෙමින් පවතින නිවාස ව්‍යාපෘතියක රුපියල් ලක්ෂ ගණනින් වටිනා යකඩ මැර පිරිසක් බලහත්කාරයෙන් පැහැරගෙන යමින් පවතිනවා.

අදාල භූමියේ සිටින ආරක්ෂක නිලධාරීන් බිය වද්දා සිදුකරන එම යකඩ ජාවාරම පිළිබඳවයි අද (02) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

පෑලියගොඩ නගර සභාව පිටුපස නිවාස ව්‍යෘපෘතියක් සඳහා ඉදිවෙමින් පවතින මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය අක්කර තුනහමාරක (3½) වපසරියක විහිදී පවතින අතර එහි හිමිකාරීත්වය පවතින්නේ ‘නාගරික සංවර්ධන අධිකාරිය’ට යි.

පසුගිය රජය සමයේ නාගරික සංවර්ධන අධිකාරිය පෞද්ගලික ආයතනයකට එම භූමිය පවරා තිබෙනවා.

එහෙත් මේ වනවිට අදාල නිවාස ව්‍යාපෘතිය අතරමඟ නතර වී ඇති අතර මෙහි බලය මුළුමනින්ම අවට ප්‍රදේශවල මැර පිරිස් අතට පත්ව තිබෙනවා.

මෙහි ආරක්ෂක නිලධාරීන් පවසන්නේ තියුණු ආයුධ රැගෙනවිත් තර්ජන එල්ල කර මෙහි ඇති යකඩ බට, කම්බි ආදිය බලහත්කාරයෙන් රැගෙන යන බවයි.

රාත්‍රි කාලය පුරා රුපියල් ලක්ෂ ගණනක් වටිනා කම්බි, බට කපා ගන්නා මැර පිරිස් ඒවා පාන්දර 5 ට පමණ ලොරි රථවලට පටවා ගන්නා අයුරු
‘හිරු.සී.අයි.ඒ.’ කණ්ඩායමට නිරීක්ෂණය වුණා.

මේ පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ මේ යකඩ ජාවාරම සම්බන්ධයෙන් ඔවුන්ට ද තොරතුරු ලැබී ඇති බවයි.

සංවිධානාත්මක පිරිස් පැහැර ගන්නා යකඩ පෑලියගොඩ නගරයේ පිහිටි යකඩ මිලදී ගන්නා වෙළඳසැලකට අලෙවි කරන බවට ද තමන්ට තොරතුරු ලැබී ඇති බවත් අදාල නිලධාරීයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පෑලියගොඩ යනු මෙරට ප්‍රධාන නගරය වන කොළඹ ට ආසන්න නගරවලින් පෙරමුණේ පසුවන නගරයක්.

එවන් නගරයකත් මෙලෙස ප්‍රසිද්ධියේ සොරකම් සිදුවන විට ආරක්ෂක අංශ මුණිවත රැකීම කෙතරම් ශෝචනීය තත්ත්වයක් ද ?

මෙම අනාවරණයෙන් පසුව හෝ මේ පිළිබඳව ආරක්ෂක අංශ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ අවධානයෙන්.

+


පැණි බීම වෙනුවට ‘පිරිසිදුකාරක’ පෙවූ පිටකොටුවේ පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ පිහිටි ආපන ශාලාව

(02.01.2025 – 22:51 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව, පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් ‘පැණි බීම බෝතලයක්’ පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා.

ආපන ශාලාවෙන් ‘පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක්’ අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.

රෝගාතුර වූ තරුණිය ඇගේ මව සමග ඉකුත් 31 වැනිදා අදාළ ආපන ශාලාව වෙත ගොස් තිබෙනවා.

එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක්ද් ඇණවුම් කළ බව පැවසෙනවා.

අනතුරුව එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

පසුව ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබෙනවා.

මේ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.

සිද්ධිය පිළිබඳව ඇගේ ඥාතීන්ගේ පැමිණිල්ලක් මතයි වේල්ලවීදිය පොලීසිය අදාළ ආපන ශාලාවේ සේවකයන් තිදෙනෙකු (3) ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.

එහිදී ඔවුන් පවසා ඇත්තේ, ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවෙන්, ‘හිස් පැණි බීම බෝතල්වල දමා පිරිසිදුකාරක ආපනශාලාව වෙත එවන’ බවක්.

මේ හේතුවෙන් පැණි බීම හා අදාළ පිරිසිදුකාරක හඳුනාගැනීමට නොහැකිව සේවකයෙකු විසින් අත්වැරදීමකින් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක බහාලූ බෝතලයක් තරුණියට ලබාදී ඇති බව ඔවුන් පවසා තිබෙනවා.

අදාළ ආපන ශාලාවේ තිබී තවත් එකී පිරිසිදුකාරක ඇතුළත් බෝතල් කිහිපයක් සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

වේල්ලවීදිය පොලිසිය හා කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

+++

+


මනූෂගේ සොහොයුරාගේ විදෙස් රැකියා මූල්‍ය වංචාව ගැන CID යට පැමිණිලි ගලයි

(02.01.2025 – 22:16 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ‘මනූෂ නානායක්කාර’ගේ සහෝදරයා වන ‘තිසර නානායක්කාර’ විසින් සිදුකර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 26 ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම පැමිණිලි අනුව පමණක් රුපියල් පන්කෝටි හැත්තෑ පන්ලක්ෂයක (5,75,00,000) මුදලක් වංචා කර ඇති බවටයි වාර්තා වන්නේ.

අද (02) දිනයේත් මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, පැමිණිලි ලබා දීම සඳහා ලබා දී ඇති විශේෂ දුරකතන අංකය හරහා තවත් පැමිණිලි ලැබෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු සදහන් කළා.

ෆින්ලන්තයේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුව පසුගිය මස 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු, ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴


සූර් වූ තරුණ කල්ලියක් යාපනය දෙවනත් කරලා

(02.01.2025 – 20:00 +0530 – hirunews.lk/sinhala)

බීමතින් පැමිණ ත්‍රී රෝද රථවලින් හා යතුරුපැදිවලින් රංගනයක යෙදෙමින් සිටියදී ඒ අසලින් ගිය යතුරු පැදිකරුවකුට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත සැකකරුවන් හතර දෙනෙකු (4) අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය නගරයේ දී මේ සිදුවීම වාර්තා වූ බවයි යාපනය පොලීසිය පවසන්නේ.

අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් නගරය මැද සාදයක් පැවැත් වූ තරුණයින් පිරිසක් නගරයේ විවිධ සංදර්ශනවල යෙදෙමින් සිට තිබෙනවා.

මෙම ක්‍රියාවන්ට විරෝධය පල කළ පිරිසට බීමත් තරුණයින් විසින් පහර දෙන්නට සූදානම් වීම නිසා ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අතරතුර පැමිණි යතුරු පැදිකරුවකු තරුණයින්ගේ මේ ක්‍රියාව ගැන නොදැන ඒ මැදින් ධාවනය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේදී තරණයින් පිරිස එම යතුරු පැදිකරුට ප්‍රහාරයක් එල්ල කොට තිබෙන බවයි පැවසෙන්නේ.

එම ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර සම්පූර්ණ සිද්ධිය ජංගම දුරකතනයකින් වීඩියෝ කළ තවත් තරුණයින් පිරිසක් එම දර්ශන පොලීසිය වෙත ලබා දී තිබෙනවා.

පසුව එම දර්ශනවලට අනුව තරුණයින් හතර දෙනෙකු (4) සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

+


සේවකයන්ගේ ගැටලු කියන්න WhatsApp අංකයක්

(02.01.2025 – 14:38 +0530 – sinhala.adaderana.lk)

කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා 070 722 7877 යන මෙම නව whatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴


කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි

(02.01.2025 – 11:10 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ‘ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ද කිරීමේ ඒකකයක්’ මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි.

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණි.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා, විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් 2023 වසරේ දී මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ඉදිරිපත් වුණි.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම හේතුවෙන් තෙමහල් වාට්ටු සංකිර්ණය සිව්මහල් වාට්ටු සංකිර්ණයක් ලෙස ඉදිකර 2024 වසරේ දී ජනතා අයිතියට පත්කළේය.

එලෙස ඉදිකරනු ලැබු සිව්මහල් (4) ගොඩනැගිල්ලේ තෙවන (3) හා සිව්වන (4) මහල් යොදාගනිමින් පිළිකා මාරයාට බිලිව දුක්විඳින දරුවන්ගේ ජිවීත්වීමේ අපේක්ෂාව තව දුරටත් අපේක්ෂාවක් පමණක් නොවීමට අවස්ථාව සලසන්නේ, ඇටම්දුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ නව ඒකකය ස්ථාපිත කිරීමෙනි.

මෙම ඒකකයේ සියලු නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපතිවරයා විසින් මෙහිදී එකඟත්වය පළ කරනු ලැබීය ෴


Dream Star එකටත් ලැජ්ජාවක් | Derana Dream Star | Tharushi Dewmini Kushani Sandareka (02.01.2025)

(එහෙම කිව්වෙ ඇය ඔබට වඩා රූපයෙන් වැඩි නිසා ද?)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *