ලේඛක කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීමට අදාලව පොලිසියේ තිදෙනෙකුට (3) ස්ථාන මාරු

ලේඛක කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීමට අදාලව පොලිසියේ තිදෙනෙකුට (3) ස්ථාන මාරු


ලේඛක කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීමට අදාලව පොලිසියේ තිදෙනෙකුට (3) ස්ථාන මාරු

(22.12.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල තම නිවස ඉදිරිපිට වෙළෙඳසැලකට යමින් සිටියදී හැදුනුම්පත සන්තකයේ නොමැතිවීමෙන් අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු (3) තාවකාලිකව ස්ථාන මාරුවීම් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

ඒ අනුව, අතුරුගිරිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබෙනවා.

කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් පොලිස් මූලස්ථාන සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අදාලව මෙම ස්ථාන මාරුවීම් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ (21) දිනයේ සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් චෝදනා කර තිබුණේ, එම අවස්ථාවේදී ඔහුට එම පිරිස විසින් පහරදීමක්ද සිදුකළ බවයි ෴

+

sinhala.adaderana.lk
අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාළව කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් මත මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ ෴

+

22-12-2024

+


මේ ආණ්ඩුව මෙච්චර ඇනගෙනත් පවතින්නේ විපක්ෂයේ දුබලකම හින්දයි | මෝදි අනුර කුමාරව බය කළාද? – උදය ගම්මන්පිල (19.12.2024)

+


22-12-2024

+

22-12-2024

+


දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

(22.12.2024 – 18:39 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටයිකොණ්ඩෝ තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක් සහ දියණියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18 ක් වයස ඇති දැරියක් හා අවුරුදු 38 ක පමණ ඇති වයසක මවක් බව පොලීසිය පවසයි.

ඔවුන් දෙදෙනා (2) සෙල්ෆි ඡායාරූපයක් ලබාගමින් සිටියදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබේ.

මෙම එම සෙල්ෆි ඡායාරූපය ගැනීමේදී ඔවුන් සමග පැමිණි තවත් දරුවෙකු සිට ඇත.

සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි ෴

+

+


හැටන් බස්‍ රථ අනතුර ගැන සැඟවුණු කරුණු රැසක් එළියට

(22.12.2024 – 18:04 +0530 – hirunews.lk/sinhala)

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ඊයේ (21) දින හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ පහලින් පිහිටි තේ වත්තට පෙරලීමෙන් සිදු වු අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනාගේ (3) අනන්‍යතාවය තහවුරු කරගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කරනවා.

ඒ අනුව, මෙම අනතුරින් හැටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ් කුමාර් නමැති 14 හැවිරිදි සිසුවෙකු, මහනුවර යටිනුවර විදියේ පදිංචිව සිටි අබ්දුල් උවයිස් නමැති 68 හැවිරිදි අයෙකු සහ නොර්වුඩ් ඉහළ කොටසේ පදිංචිව සිටි මුත්තුරාකු නමැති 68 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි ඔහු සඳහන් කළේ.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 53 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවත්, ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් හත්දෙනෙක් (7) මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බවත්, තවත් තුවාලකරුවන් 43 දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

අනතුරට පත් බස් රථයේ රියදුරා අතින් මීට මාස කිහිපයකට ප්‍රථම ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් එක් (1) අයෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, නාවලපිටිය ප්‍රදේශයේදී ද විශාල රිය අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් පැවසූ බවයි ‘හිරු ප්‍රවෘත්ති’ ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් බස් රථය රියදුරු විසින් ධාවනය කල බවට මගින් විසින් හැටන් පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇති අතර, අධික වේගයෙන් ධාවනය වු බස් රථයේ රියදුරුගේ දොර එකවරම විවෘත විම නිසා දොර වැසිමට රියදුරු උත්සහ කිරිමේදි බස් රථ රථය රියදුරු පාලනයෙන් මිදි බස් රථය තේ වත්තට පෙරලුණු බවට සාක්ෂි ලැබි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සඳහන් කළේ.

අනතුරට පත් බස් රථය අනුමත ආසන සංඛ්‍යාවට වඩා තවත් ආසන කිහිපයක් සවි කර තිබු බවට හැටන් පොලිසිය සැකකරන අතර, අනතුරට පත් බස් රථය තුළ තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බැලිමේදි බස් රථය අනතුර පත් වි විනාඩි කිහිපයක් තුල එම කැමරාවේ දර්ශන ජංගම දුරකථනයක් ඔස්සේ අධික්ෂණය කරන අයෙකු විසින් මකා දමා ඇති බවට හැටන් පොලිසිය විසින් සිදු කල මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරනවා.

එම දත්ත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර, අනතුරට පත් බස් රථය හැටන් පොලිසිය විසින් ගොඩගෙන තිබෙනවා.

අනතුරෙන් ජිවිතක්ෂයට පත් අවු 14 හැවිරිදි දරුවා වකුගඩු රෝගියෙකු වන අතර, ඔහු සායන කටයුතු සදහා සහභාගි විම සදහා සිය සොහොයුරිය සමග මහනුවර දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහුණපා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, ජිවිතක්ෂයට පත් එම දරුවාගේ සොහොයුරියද අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහු සඳහන් කළේ.

+

+

+

+


ආබාධිත රණවිරුවන් සණස මූලස්ථානය වටලයි උණුසුම් තත්ත්වයට බෙංගමුවේ හිමිත් මැදිවෙයි සජීවීව පටිගත වූ දර්ශන (23.12.2024)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *