ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්වනු ඇත
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්වනු ඇත
(19.12.2024 – 14:37 +0530 – sinhala.adaderana.lk)
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තමා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කළේ 2005 වසරේ සිට 2024 දක්වා දේශපාලකයින් ලබාගෙන ඇති මුදල් පමණක් බවයි.
කෙසේවෙතත් ජනාධිපති අරමුදල අවභාවිත කර ඇද්දැයි යන්න සොයාබලන බවද අමාත්‍යවරයා පැවසීය.
“1978 මෙම ජනාධිපති අරමුදල පනත මගින් නිශ්චිතව කාණ්ඩ 5 ක් යටතේ මුදල් ලබාදීමට අවස්ථාව ලබාදීල තියෙනවා. ඥාන වර්ධනයට උදව්කරන්න, ජාතික වැදගත්කමක් ඇති පුද්ගලයින්ට යම් සහායක් ලබාදීමට, දරිද්‍රතාවයට සහන සලසන්න, ඒ වගේම එහි අවසාන ‘කැටගරි’ එකේ තියෙනවා ඒ මණ්ඩලය විසින් තීන්දු කරන අයට දෙන්න පුළුවන් කියලා. ඔන්න ඔය අවසාන ‘කැටගරි’ එකෙන් තමයි ඒ අවස්ථාව සලසා ගෙන තියෙන්නේ.
සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාවට අත්දැකීමක් තියෙනවා හෘද සැත්කමක් කර ගත්තොත් නැත්නම් යම් ප්‍රතිකාරයක් ගත්තොත් ඒකට රුපියල් ලක්ෂයක්, 1½ ක් ගන්න කොතරම් දුක් විඳින්න ඕනෙද කියලා. ඒ ඉල්ලන මුදල ලැබෙන්නෙත් නැහැ. ඒකට ලියුම් කියුම් පුරවන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න සිද්ද වෙනවා.
මම ඉදිරිපත් කළේ 2005 සිට 2024 දක්වා යම් යම් කාලවල දේශපාලකයන් විසින් ලබාගත් මුදල් පමණයි. ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේත් මේ විදියට අරගෙන තියෙනවා. මම ඉදිරිපත්කළ ලේඛන වලට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සභාපතිවරු, පළාත් සභා ඇමතිවරු මේ විදියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන තියෙනවා. මේක ඇත්තටම සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. මෙම මුදල් සමහර අයට රුපියල් ලක්ෂ 100, 110 ලබාදීල තියෙන්නේ කොටස් වශයෙන් නොවෙයි; කෙළින්ම. රු. ලක්ෂ 5 ක් සාමාන්‍ය කෙනෙක්ට දුන්නොත් ඒක දෙන්නේ කොටස් වශයෙන්.
බලය තමන්ගේ අතේ තියාගෙන ඒ අය ලොකු හැන්දෙන්ම තමන්ට බෙදා ගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. කොහොම නමුත් අර ඉතිරි ලේඛනය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තියෙන්නේ….”
+
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩි කෙරේ
(19.12.2024 – 14:12 +0530 – sinhala.adaderana.lk)
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000 ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ.
ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60 ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත.
අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.
සම්පූර්ණ විස්තරේ පහත විඩීයෝවෙන් :
+
අර්චුනාගෙන් වන්දි ඉල්ලා යාපනය රෝහලෙන් නඩු..
(19.12.2024 – 18:20 +0530 – lankacnews.com)
යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකොට ඇත.
යාපනය මහරෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැනවැදීම ආදි කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂක වරයා මෙලෙස අපහාස නඩුවක් ගොනු කරනු ලැබීය.
අදාල නඩුව මගින් රෝහල් අධ්‍යක්ෂක වරයා පවස ඇත්තේ අවස්ථා කිහිපයකදීම අර්චුන මන්ත්‍රීවරයා විසින් තමන්ට බැනවැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුනු සැලකිල්ලට ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනුකොට රුපියල් මිලියන 100 ක වන්දියක් ලබාගැනීමට නියමිත් බවටයි.
එමෙන්ම යපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේද, සමාජ මාධ්‍ය මගින් හා විවිධ ස්ථානවල සිට පාර්ලිමේන්තුව තුලද අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට මෙන්ම යපනය ශික්ෂණ රෝහලේ කීර්තිනාමයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකර ඇති බවටද රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් අදාල නඩුව ගොනුකරමින් පෙන්ව දී ඇත.
මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයාට ඒරෙහිව දිවයිනේ විවිධ පුද්ගලයින් විසින් නඩු 20 ක් පමණ ගෙනුකොට තිබීමද විශේෂත්වයක් වෙයි.
වන්නි රොමේෂ් මධුෂංක
‘එට්කා’ පිළිබද ‘ජනපති අනුර’ සහ ‘ජවිපේ නායකයා’ අතර බරපතල මත ගැටුම් (19.12.2024)
+
අනාගත ජනපතිවරු බෙලහීන කරන හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂක කප්පාදුව (19.12.2024)
+
ප්‍රභූ ආරක්ෂාවට යෙදවිය යුත්තේ පොලිසිය නොව හමුදාවයි. ආණ්ඩුවට ඇති වාසිය මෙන්න (19.12.2024)
+
අනුර තනිවම දොර ඇරගෙන. ‘ජනාපති ආරක්ෂක ප්‍රධානියා’ තනතුරෙන් නෙරපන්න (19.12.2024)
+
ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක්
(19.12.2024 – 21:11 +0530 – sinhala.adaderana.lk)
ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු (4) තුවාල තබා ඇති බව වාර්තා වෙයි.
ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක (2) සාමාජිකයින් අතර එම ගැටුම හටගෙන තිබුණි.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ ‘අනුර පුෂ්පකුමාර’ හෙවත් ‘බටු මීයා’ නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ ‘කරන්දෙණිය සුද්දා’ නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි.
එහිදී ‘බටු මීයා’ නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු (3) තුවාල ලබා තිබේ.
‘බටු මීයා’ සහ ඔහුගේ සගයින් තිදෙනා (3) බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ ‘කරන්දෙණිය සුද්දා’ගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩිතැබීම සිදුකළ බවටයි.
ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට යැවුණු ඔවුන් රඳවා සිටි වාට්ටුවෙහි ‘කරන්දෙණිය සුද්දා’ගේ පර්ශ්වයට අයත් සැකකරුවන් පිරිසක්ද සිට තිබුණි.
අද (19) උදෑසන ‘කරන්දෙණිය සුද්දා’ගේ පාර්ශ්වය විසින් ‘බටු මීයා’ සහ ඔහුගේ සගයින්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බව සඳහන් ය.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වී තත්ත්වය පාලනය කර ‘බටු මීයා’ ඇතුලු පිරිස බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය ෴
ජවිපේ කාඩරේ අනුරගේ හැසිරීම ගැන මොකද හිතන්නේ? (19.12.2024)
+
පිරිසක් බිය ගන්වා කොල්ලකෑ කල්ලියේ කොස්තාපල් කොටුවෙයි
(20.12.2024 – dinamina.lk)
පොලීසියෙන් යැයි කියා සිරිපුර, රන්කෙත්ගම වැව ආසන්නයේදී පුද්ගලයන් පිරිසක් බියගන්වා තර්ජනය කරමින් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපලයකු ඇතුළු සිවුදෙනකු (4) පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් 390,000 ක මුදලක් සමඟ පවුම් 05 කට ආසන්න රන් භාණ්ඩ මෙම සැකකරුවන් කොල්ලකා ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ සිරිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපලයෙකි. ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ පෙරේදා (18) දිනයේය. ඊට පෙර දින (17) මෙම කොල්ලයට සම්බන්ධ සෙසු තිදෙනා (3) අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඔවුන් තිදෙනා (3) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලිස් කොස්තාපලයා ද ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාගර ගත කර ඇත.
මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය ජූලි 29 වැනිදාය. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ල ලැබී ඇත්තේ සැප්තැම්බර් 09 වැනිදාය ෴
සතුන්ට ඇද්ද විදුලි කම්බියට බිරිය බිලි – සිරුර නාවා කාමරේට දමා සැමියා අලි බොරුවක් ගොතලා
(20.12.2024 – dinamina.lk)
සතුන්ට ඇටවූ අනාරක්ෂිත විදුලි රැහැනකට හසු වී 45 හැවිරිදි දෙදරු මවක මරුමුවට පත් වීමෙන් පසු, ඇයගේ සිරුර නහවා තුවායක් අන්දවා මරණයට හේතුව වසන් කිරීමට උත්සාහ ගත්තේ බවට සැකපිට මියගිය කතගේ සැමියා අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය කියයි. විදුලිසර වැදුණු හේතුව වසන් කිරීම සඳහා මියගිය කාන්තාවගේ සිරුරට තෙත ඇඳුමක්ද අන්දවා, සිරුර නිවෙසේ කාමරයකට ගෙනැවිත් දමා තිබුණු බවට පොලිස් පරීක්ෂණලදී හෙළි වූ බව පොලීසිය පවසයි. එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයේදී සැකකාර සැමියා අසත්‍ය සාක්ෂි දුන් බවද හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
මේ කරුණු අනාවරණය වූයේ ඉකුත් 17 දා පස්වරුවේ විදුලිසර වැදීමකින් මියගොස් තිබුණු කහවත්ත, ජයතුංග යටාගර ප්‍රදේශයේ පදිංචි ජී.ඒ. සෙනරත් චන්ද්‍රලතා නම් දෙදරු මවකගේ කහවත්ත මූලික රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදීය.
කහවත්ත මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ආර්.එස්. ගොඩගේ මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය පැවත්වීය.
එහිදී සාක්ෂි දුන් මියගිය කාන්තාවගේ සැමියා ප්‍රකාශ කර තිබුණේ දිය නාගෙන නිවෙස තුළට පැමිණි තම බිරිය මහා හයියෙන් කෑගසන හඬ ඇසී තමා දුව ගොස් ඒ ගැන බැලූ බවයි. “ඒ අවස්ථාවේ මම හිටියේ ගෙදර ඉඩමේ. බිරිය බිම වැටී සිටියා. මට කෑගැසුණා. මම පුතාටත් බිරියගේ මල්ලීටත් කතා කළා. පසුව අසල්වාසීන්ද ආවා” යනුවෙන් ඔහු සාක්ෂි දී තිබිණි.
මියගිය කාන්තාවගේ විසි (20) හැවිරිදි පුතාද සාක්ෂි දෙමින් පවසා තිබුණේ තාත්තා කෑගසන හඬට ගොස් බලද්දී අම්මා බිම වැටී සිටි බවයි. දිය නාගෙන පැමිණි කාන්තාව රෙද්දක් ගසද්දී එය කාමරයේ විදුලි බල්බයකට සවි කර තිබූ විදුලි රැහැනක පැටලී විදුලිසර වැදී ඇතැයි එම පියා සහ පුතු අසත්‍ය සාක්ෂියක් දී ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා පසුව අනාවරණය කරගත්තේය. මරණය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයේදී මියගිය කාන්තාවට විදුලිසර වැදී ඇති ආකාරය ගැන මරණ පරීක්ෂකවරයාට සැක මතු වූ නිසා කාන්තාවගේ සැමියා, පුතා සහ සහෝදරයකු කහවත්ත මූලික රෝහලට නැවත කැඳවනු ලැබීය. රෙද්දක් ගසද්දී ඒ රෙද්ද විදුලි රැහැනක පැටලුණි නම් මියගිය කාන්තාවගේ අතකට විදුලිසර වැදිය යුතු බවත්, එහෙත් විදුලිසර වැදී ඇත්තේ ඇයගේ පාදයකට බවත්, එමෙන්ම රෙද්දක් ගසද්දී විදුලිසරක් ශරීරගත වූයේ නම් එය මරණයක් සිදු වීමට තරම් ප්‍රබල වනුයේ කෙසේද යන්න සැක සහිත බවත් හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කර තිබූ බව පොලීසිය සඳහන් කරයි ෴
වීදුරු තොගයකට යටවී රිය සහයක මරුට
(19.12.2024 – mawbima.lk)
වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බුලත්සිංහල පරාගොඩ පදිංචිව සිටි තිස්පස් (35) හැවිරිදි මනෝරත්න ජයලත් නමැති පුද්ගලයෙකි.
මෙම අවස්ථාවේදී මෙම ස්ථානයෙන් ගමන් ගත් යුද හමුදා බස් රථයක බට පිරිසක් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැයක පමණ මෙහෙයුමකින් වීදුරු තොගයකට යට වී සිටි රිය සහායක ගොඩ ගෙන රෝහල්ගත කළ බව පොලිසිය පැවසීය. හල්දුම්මුල්ල හාල්අටුතැන්න නගරයේ හාඩ්වෙයාර් වෙළඳ සැලක් ඉදිරිපිට දී මෙම අනතුරු සිදුවිය ෴
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴