කොළඹ වරායට නුදුරෙන් තවත් ඉරාන නෞකාවක් – සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
කොළඹ වරායට නුදුරෙන් තවත් ඉරාන නෞකාවක් – සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
(05.03.2026 – 11:08 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් ඊයේ (04) දිනයේ දී නෞකාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ද රජය විශේෂ ප්‍රකාශයක් සිදුකළ යුතු බවය.
ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් ඉරාන නෞකාවේ සිටි පිරිසගේ ජීවිත බේරාගැනීම පිළිබඳව ප්‍රසංසාව පුදකරන බවද පැවසු විපක්ෂ නායකයවරයා, රාජතාන්ත්‍රක වශයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොමැති බවද පැවසීය.
මෙරට ස්වෛරීයභාවය, භෞමික අඛණ්ඩතාවය පිළිබඳ අවධානය යොමුකළ යුතු බරපතළ තත්ත්වයක් පැන නැගී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා, ඊයේ (04) දිනයේ දී රට ආසන්නයේ දී මෙවැනි නෞකාවක් විනාශ වී තිබීම පිළිබඳව රජය දැනුවත්ව සිට සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටුකිරීමට බාධාවක් බවද සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහලට රැගෙන විත් ඇති ඉරාන ජාතික මෘත දේහයන් තැන්පත් කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් අඩි 40 කන්ටේනර් රථ ඉල්ලා ඇති බවත් රජය මඟින් ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසු සජිත් විපක්ෂ නායකවරයා, අපේ රටේ මුහුදු සීමාවේ සිදුවන ක්‍රියාවන් රජය නොදැන සිටීම ජාතික ආරක්ෂාවට ගැටලු නොවන්නේ කෙසේ දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
+++
+++
යුධ නැවට ගැහුවේ ගල්ෆ්වලින් ආපු සබ්මැරීන් එකක් – මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක් ?? (05.03.2026)
+++
කමේනි වෙනුවෙන් දුක බෙදා ගන්න ගිය රනිල් … (05.03.2026)
+
මොන වඳුරු කුණුහරුප ද මේ කියන්නේ? – විමල්ගේ හුණ්ඩුව සහ පාණ්ඩුව උණුසුම් වෙයි (05.03.2026)
+
ලෝකයම යුද පිටියක් වෙද්දී අප්‍රේල් මාසයේ – රටේ දැවැන්ත දේශපාලන පෙරලියක් ?? (05.03.2026)
+
මිහින්තලේ හිමි ඇන්ටික් බඩුත් අරගෙන මාධ්‍ය හමුවේ පට්ටන්තරේ දිග අරියි (05.03.2026)
+++
අපිත් ලේසියෙන් මේක අත අරින්නේ නෑ ! – මමයි මිහින්තලේ විහාරාධිපති හිමි ! හරිද ? (05.03.2026)
+
ඉරානය තරහා වෙයිද? ට්‍රම්ප්ගෙන් ගුටි කන්න වෙයිද? (05.03.2026)
+++
ඉරාන නැවේ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු තැන්පත් කරන්න අඩි 40 යේ ජංගම ශීතාගාර කරාපිටියට (05.03.2026)
+++
පානදුර මුහුදේ ඉඳලා උදව් ඉල්ලපු ඉරාන නැව – මහ රෑ කොලඹ වරායට ගෙනාපු වීඩියෝව මෙන්න (05.03.2026)
+++
නාවික හමුදාවේ ප්‍රශ්ණගත ප්‍රකාශයට පාදුක්ක හොඳටම ඇවිලෙයි | ආණ්ඩුවේ රෙදි ගලවපු කතාව (05.03.2026)
+
නොරොච්චෝලයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා
(05.03.2026 – 16:10 +0530 – sinhala.adaderana.lk)
නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් (2) ක්‍රියා විරහිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි එක් කොටසක් මේ වන විට අඩු ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, “නොරොච්චෝලය විදුලි බලාගාරයේ බරපතළ තත්ත්වයක් තියෙනවා එකේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් (2) නතර වෙලා තියෙනවා. ඒ නිසා එක (1) ප්ලාන්ට් එකක් දුවන්නේ අඩු ධාරීතාවයෙන්. ඒ වගේම ධුමාරය වැඩිපුර නිකුත්වෙනවා.” යනුවෙනි.
මේ අතර බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් නොරොච්චෝලය විදුලි බලාගාරයෙහි එක් කොටසක වැඩකටයුතු නතර කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ වන විට බලාගාරයේ එක් පද්ධතියක චිමිනියෙන් දැඩි ලෙස කළු දුමක් නිකුත් වෙමින් පවතින බවයි.
එමෙන්ම එහි ස්ථාපිත කර තිබූ ෆිල්ටර් පද්ධතිය ඉවත් කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ :
“මේ වේලාව වෙනකොට නොරොච්චොලය බලාගාරයේ එක (1) ප්ලාන්ට් එකක චිමිනියෙන් කළු දුමක් යනවා. ඉතාමත්ම ප්‍රභල ලෙස එම දුම ඒ ප්‍රදේශය වහගෙන තියෙනවා. ඒකට හේතුව තමයි බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනයේදී මේ බලාගාරයේ වැඩකටයුතු නතර කරන්න සිදුවුණා එක (1) ප්ලාන්ට් එකක. දැන් මේ චිමිනියේ තියෙන ෆිල්ටර් සිස්ටම් එක අයින් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ දේ නිසා ඒ ප්‍රදේශයේම බරපතළ ලෙස පරිසර හානියක් සිදුවෙලා තියෙනවා.”
+++
නොරොච්චෝලේ යන්ත්‍ර නතර කරන්න වුණා – රටම අඳුරු වෙනවා – අනුර වගකීම භාරගන්න ඕන (05.03.2026)
+
ඉබ්බන්කටුව වැව සෝලර් ප්‍රොජෙක්ට් එකකට බිලි – වැව් ඉවුර කපනකම් ඉංජිනේරුවෝ දැක්කේ නෑලු (05.03.2026)
+
මාලිමාවට අමුවෙන්ම ගේම ඉල්ලන චාමර සම්පත්, 159යේම රෙදි ගලවයි (05.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴