පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්
(04.03.2026 – hirunews.lk)
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් මිල්හාන්’ නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළා.
ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකිය යුතු ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක රාමනායක සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000 ක වන්දියක් සහ රජය විසින් රුපියල් 20,000 ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් එම තීන්දුවේ සඳහන් වුණා.
අදාළ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සෝභිත රාජකරුණා මහතා 2019 මැයි 05 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර තිබෙන බව සඳහන් කළා.
පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපාන හේතු එම සැකකරුට පොලිසිය විසින් දිය යුතු බවයි.
ඒත් වග උත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතු වූ කරුණු තමන්ට දැනුම් නුදුන් බවත් ඔහු කියා සිටියා.
එහෙත් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා මගින් දැනුම් දී තිබුණේ අයි.එස්. අයි.එස්. සංවිධානයේ මතවාදය අනුගමනය කරන පුද්ගලයින්ගේ ලැයිස්තුවේ මෙම පෙත්සම්කරුගේ නම 84 වන ස්ථානයේ තිබූ බවයි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සිය තීන්දුව තුළින් සඳහන් කර තිබුණේ පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රමාණවත් කරුණු පැවැති බවට අධිකරණය හමුවේ තහවුරු කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව පෙත්සම්කරු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සාධාරණ සැකයකින් තොරව තහවුරු කළ හැකි තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරු සඳහන් කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පෙත්සම්කරුවත් අත් අඩංගුවට ගෙන තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාලව නිකුත් කර තිබූ රිසිට් පතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම සම්බන්ධ සිද්ධීන් වලට අදාල තොරතුරු ඇතුළත් වී නොතිබූ බව අධිකරණය නිරීක්ෂණය කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම අත්අඩංගුවට ගැනීම තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා ෴
ජින්තුපිටිය වෙඩි තැබීමේ ‘වෙඩික්කරු’ ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ ග්‍රෑන්ඩ්පාස්හිදී කොටු වෙයි
(04.03.2026 – hirunews.lk)
ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට (2) තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැකකරන පුද්ගලයා ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට තිබුණා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 830 ක් භාරයට ගත් බව පොලිසිය පවසනවා.
ඉකුත් ජනවාරි 16 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු වූ අතර, එම වෙඩි තැබීමෙන් එක් අයකු (1) ජීවිතක්ෂයට පත් වුණා.
මෙහිදී කුඩා දරුවන් දෙදෙනෙකු (2) ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
මොහු අදාල ඝාතන සිද්ධියේ සෘජුවම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා (Shooter) බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා ෴
ත්‍යාග ලබා දෙන බව පවසා මුදල් වංචා කළ තරුණයාට ඇප
(04.03.2026 – hirunews.lk)
ත්‍රිකුණාමල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සැක සහිත ගිණුමක් පවත්වාගෙන යමින් ත්‍යාග ලබා දෙන බව පවසමින් පුද්ගලයන් සතු මුදල් වංචනික ලෙස ලබාගෙන රුපියල් 1,705,530/=ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකාර තරුණයෙකු රු. ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකණයට ඉදිරිපත් කිරීමෙන් අනතුර එලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ත්‍යාග ලබා දෙන බව පවසමින් පුද්ගලයන් සතු මුදල් වංචනික ලෙස ලබාගෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති බවයි.
සිද්ධියට අදාල බැංකු වාර්තා ලබා ගැනීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා ෴
පාතාලයේ රුපියල් කෝටි 3 කට අධික මුදල් ජාලයක් හෙළි වෙයි – සැකකරුවන් දෙදෙනෙක් (2) රු. ලක්ෂ 330 ක් සමඟ මීගමුවේදී අත්අඩංගුවට
(04.03.2026 – hirunews.lk)
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ මූල්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කර ගනිමින්, රුපියල් ලක්ෂ 330 ක මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ඉකුත් (15) වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම පුළුල් විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම සැකකරු සතු බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේදී හෙළි වූ සැකකටයුතු ගනුදෙනු කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මගින් මුදල් ලබාගන්නා පුද්ගලයෙකුගේ CCTV දර්ශන නිරීක්ෂණය කර තිබු බව පොලිස් මුලස්ථානය සඳහන්කරනවා.
අදාළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ (03) දින කොළඹ පිහිටි පෞද්ගලික බැංකු ගිණුමකින් ලබාගත් රුපියල් ලක්ෂ 330 ක (රුපියල් කෝටි 3.3 ක) මුදලක් ද සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වූ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන ආදුරුප්පුවීදිය සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇතැයි ද පොලිසය සඳහන් කරනවා.
මොවුන් විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින්ගේ මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මුදල් කොළඹ පිහිටි වෙනත් බැංකු ගිණුම් වෙත තැන්පත් කිරීම සහ බෙදාහැරීම සිදු කරන ප්‍රධාන නියෝජිතයන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
මීගමුව පොලිස් ස්ථානය මගින් මෙම ජාලයේ සෙසු සාමාජිකයන් සහ තොරතුරු සොයා වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා ෴
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ නවතම තත්ත්වය
(04.03.2026 – 21:41 +0530 – sinhala.adaderana.lk)
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව යම් යම් පාර්ශ්ව සැනසවීමට ගත් දේශපාලන ක්‍රියාදාමයක් බව පෙනීයන්නේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අද (4) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අද (04) මෝසමක් ගොනුකළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සලේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්නකරන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතීඥවරුන් අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේදැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විමසා තිබේ.
එවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නිලධාරියා කියා සිටියේ, මෙතෙක් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර නොමැති බවය.
එම අවස්ථාවේ සලේ මහතාගේ නීතීඥවරයා, ඒ මහතා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉටු කරන ලද සේවාව නිසා ඔහුට ජීවිත තර්ජන ඇති හෙයින් නිවසින් ආහාර ලබාගැනීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඔහුගේ පුත්‍රයාට ඔහු වෙත ප්‍රවේශය ලබාදීමට ඉඩ සලසන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එසේම ඔහුගේ නීතිඥයින්ට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම සහ ලබාගැනීම සඳහා පහසුකම් ලබා දෙන ලෙසත්, නිවසින් ආහාර ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
කෙසේ නමුත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බැවින් එම ඉල්ලිම්වලට ඉඩ ලබා දිය නොහැකි බවය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴