රනිල්ට හා ඇමති කුමාර ජයකොඩිට නීති දෙකක් : දයාසිරි ජයසේකර
(06.03.2026 – hirunews.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ වර්තමාන බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව නීතිය ක්‍රම දෙකකට (2) ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට සහභාගි වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති චෝදනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉන් අනතුරුව අධිකරණ ක්‍රියාවලියෙන් පසුව වික්‍රමසිංහ මහතාට අධි චෝදනා භාරදුන් බවයි.
ඇප ලබාදීමට හෝ ලබානොදීමට මහේස්ත්‍රත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් ඉන් අනතුරුව වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නා.
කුමාර ජයකොඩි ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ඉදිරිපත් කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි.
නමුත් කුමාර ජයකොඩි ඇමතිවරයාගේ නඩුව තිබෙන බවත් ඇප ලබා දීමට හෝ ලබා නොදීමට ඇමතිවරයා අධිකරණයට ඉදිරිපත් නොකොට කෙළින්ම අධි චෝදනා ලබාදීමට කටයුතු කර තිබෙන බවත් එසේ දෙයාකාරයකින් ක්‍රියා කිරීම නීතියේ ආධිපත්‍යද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
අධි චෝදනා භාරදීමට පෙර කුමාර ජයකොඩි ඇමතිවරයාද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළා ෴
+++
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු
(05.03.2026 – hirunews.lk)
‘බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි’ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

ඒ 2015 වර්ෂයේ දී ඔහු පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ‘ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම’ වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 (ආ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ෴
ලංවිම අහෝසි කරමින් නව සමාගම් 06 ක් පිහිටුවීමට ගැසට්ටුවක්
(06.03.2026 – hirunews.lk)
‘ලංකා විදුලිබල මණ්ඩලය’ අහෝසි කරමින් සමාගම් හයක් (6) ආරම්භ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින්.
එසේම එය ලබන 09 වැනිදා සිට බලපැවැත්වෙනවා ෴
විදුලි අර්බුදයක් ගැන PUCSL වෙතින් අනතුරු ඇඟවීමක්
(06.03.2026 – hirunews.lk)
ප්‍රමිතියකින් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් මෙම වර්ෂයේ (2026) අප්‍රේල්, ජුනි, ජූලි මාසවලදී මෙරට විදුලි උත්පාදනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම තත්ත්වය දිගටම පැවතියොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් මහජන උපයොගීතා කොමිෂන් සභාව(PUCSL) විසින් එම ගල් අඟුරු සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වෙනවා.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ විදුලි ඉල්ලුම පිළිවෙලින් මෙගාවොට් 3030, 3070 සහ 3000 දක්වා ළඟාවුවහොත් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී ජනන ධාරිතාවේ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම වාර්තාවේ සඳහන්.
මේ වසරේ (2026)මෙතෙක් වාර්තා වූ උපරිම රාත්‍රි ඉල්ලුම පෙබරවාරි 25 වන දින වාර්තාවූ මෙගාවොට් 2949 ක් බවද එහි සඳහන් වෙනවා.
තවද පවතින ඒකක / බලාගාර අතුරින් එක් (1) ගල් අඟුරු ඒකකයක් හෝ එක් (1) බලාගාරයක් අක්‍රිය වුවහොත් විශේෂයෙන් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී රාත්‍රි උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ජනන ධාරිතාව මදිවීමේ අවදානමක් පවතින බවද එම වාර්තාව මගින් පෙන්වාදී තිබෙනවා.
එමෙන්ම බලාගාරය ස්ථාවරව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නොරොච්වෝලේ ලක්විජය බලාගාරයේ ජනන ධාරිතාව තවදුරටත් අඩුකිරීමට සිදුවුවහොත් එම ජනන ධාරිතාවේ හිඟයේ අවදානම තවදුරටත් ඉහළ යා හැකිබව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වී තිබෙනවා.
මතභේදාත්මක ගල් අඟුරු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකළ විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මේවන විට භාරදී තිබෙනවා ෴
+++
නොරොච්චෝලේ බැරි වෙලා හරි කැඩුනොත් පැලවත්තේ සල්ලිවලින් හදපල්ලා (06.03.2026)
+++
අපි ඉන්නේ ඔයාලට ආවඩන්න නෙවෙයි – කාවද මේ හුරතල් කරන්නේ – මරික්කාර් සභාව හොල්ලයි (06.03.2026)
+++
බාල ගල් අඟුරු නිසා නොරොච්චෝල කඩන් වැටෙයි ?? – බලශක්ති විශේෂඥවරුන්ගෙන් අනතුරු හඟවයි (06.03.2026)
+++
නොරොච්චෝලෙන් අදත් කළු දුම පිටවෙයි – මෙන්න දැන් මාධ්‍යට නිකුත් වූ දර්ශන (06.03.2026)
+++
නොරොච්චෝලේ ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් – පෙරේදා රෑ ග්ලයින්ඩර් දෙකක් අක්‍රීය වුණා (06.03.2026)
+
අනුර ජනාධිපති – UAE ජනාධිපති දුරකථන සංවාදයක – විදෙස් පුවත් අරන් මුජිබර් සභාවට (06.03.2026)
+++
මම කිව්වේ නෑ ඉරාන නැවේ ඉන්නේ පහේ-හයේ දරුවෝ කියලා – මුජිබර්, අජිත් ආණ්ඩුවට යුද්දේ ප්‍රකාශ කරයි (06.03.2026)
+++
මාර්තු දෙවෙනිදා (02) ඉඳලා ඇමරිකානු යානා 2 ක් ශ්‍රී ලංකා වෙරළ තීරයේ කටයුතු කළා ? (06.03.2026)
+++
මුස්ලිම් ප්‍රජාව කොළඹදී ඇමරිකාවට එරෙහිව පාරට – සහයට ඉරාන තානාපතිත් එතනට එයි (06.03.2026)
+
ට්‍රම්ප්ට එරෙහිව වාසුදේවත් පාරට එයි – ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටත් උණුසුම් වෙයි (06.03.2026)
+
සර්ව ආගමික නායකයින් කොළඹට රැස්වෙයි – දුක බෙදාගන්න ඉරාන තානාපති කාර්යාලයට යයි (06.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴