මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි
මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි
(19.12.2024 – 14:28 +0530 – hirunews.lk/sinhala)
මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.
අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිස සඳහා ප්‍රමාණවත් ආහාර හා ජලය නොමැති වීම හේතුවෙන් යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසුවා.
+
+
අමාත්‍යවරයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්
(19.12.2024 – 16:04 +0530 – hirunews.lk/sinhala)
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.
එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරු සදහන් කර ඇත්තේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇති බවයි.
උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත්, රජයේ සේවයේ නිරතව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් ලෙසත් පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා ෴
වෛද්‍ය අර්ජුන රාමනාදන්ගේ මන්ත්‍රීකම අහෝසි කරන්නැයි අධිකරණ නියෝගයක් ඉල්ලයි..
(19.12.2024 – 15:00 +0530 – lankacnews.com)
වෛද්‍ය අර්ජුන රාමනාදන් පාර්ලිමේන්තු ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට ‘ක්වෝ වොරන්ටෝ ආඥාවක්’ නිකුත් කරන්නැයි ඉල්ලමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
අර්ජුන රාමනාදන් පසුගිය මහ මැතිවරණයට තරග වැදී ඇත්තේ වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වීම ලබානොදී බවත් ඒ හරහා මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සමෙන් පවසයි.
රජයේ සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදීම නීති විරෝධී බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවටත් නිගමනය කර මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද අධිකරණයෙන් ඉල්ලා ඇත ෴
ඉන්ධන හිගයක්..?
(19.12.2024 – 17:30 +0530 – lankacnews.com)
රට පුරා ඉන්ධන පිරවුම් හල් ගණනාවකත් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලත් අද (19) දිනයේ ඉන්ධන හිගයක් ඇතිවී ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ සඳහන් කරති.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පාලනය විසින් ගෙන ඇති තීරණයක් මීට හේතු වී ඇති බව ඉන්ධන බෙදුම්කරුවෝ පෙන්වා දෙති.
සංස්ථාව හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය මත ඉන්ධන ඇනවුමට පෙර දින මාර්ගගත ක්‍රම මගින් මුදල් තැන්පත් කළ යුතු වුවද එසේ මුදල් තැන්පත් කරන බොහෝ බැංකු රාත්‍රී කාලයේදී ගිණුම්ගත නොවන නිසා ඇණැවුම් නිසි ලෙස සකස් නොවීම මත මෙම ඉන්ධන සැපයීම අඩාල වී ඇති බවද ඔවුන් පෙන්වා දෙති ෴
යළි කරලියට ආ ආන්දෝලනාත්මක ‘රෝයල් පාක්’ ඝාතන නඩුව
(19.12.2024 – 17:09 +0530 – hirunews.lk/sinhala)
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වන විට රටින් පළා ගොස් සිටින ‘ජූඩ් ශමන්ත ජයමහ’ නමැති විත්තිකරු මේවනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
‘කාන්තා මාධ්‍ය එකමුතුව’ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට ‘හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන’ විසින් සමාව ප්රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව අදාල සමාව බල රහිත කරන බවත් නියෝග කර තිබුණා.
ඉන් අනතුරුව මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබුණා.
ඒ අනුව මෙම පෙත්සම අද (19) ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ‘ජාත්‍යන්තර පොලිසිය’ හරහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
ඊට අමතරව එම විත්තිකරුගේ බැංකු ගිණුම් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම කරුණු පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැනුම් දී තිබෙන බවත් ඔහු සඳහන් කළා.
ඉන් අනතුරුව අදාල පෙත්සම යළි මාර්තු මස 12 වන දා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියම කළා ෴
වාද්දුව ප්‍රදේශයේ නිවාසවලට ගල් ගැසූ තරුණයින් පිරිසක් අත්අඩංගුවට
(19.12.2024 – 15:50 +0530 – hirunews.lk/sinhala)
වාද්දූව ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තරුණයින් පිරිසක් රාත්‍රී කාලයේ දී අසල්වාසී නිවාස වලට ගල් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් අදාල නිවස වටලා විරෝධතාවක නිරත වීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක්ද හටගත්තා.
වාද්දුව තල්පිටිය මැද පාර ප්‍රදේශයේ පිහිටි නිවාස වලට දින කිහිපයක සිට කිසියම් පිරිසක් විසින් රාත්‍රී කාලයේදී ගල් ගසමින් ජනතාව භීතියට පත් කර තිබෙනවා.
මෙම ගල් ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුට තුවාල සිදුව ඇති අතර දේපල හානිද වාර්තා වී තිබුනා.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව වාද්දූව පොලිසිය අදාළ සැකකරුවන් සෙවීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලබාගනිමින්.
එහිදී මෙම ගල් ගැසීමේ සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තරුණයින් පිරිසක් රැඳීසිටි නිවසක් පොලිසිය විසින් වටලනු ලැබුවා.
අදාළ සැකකරුවන් නාවික ක්ෂේත්රයට සම්බන්ධ පාඨමාලාවක් හැදෑරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිසක් බවත් ඔවුන් එම නිවස කුළී පදනමට ගෙන තිබූ බවත් වාර්තා වුණා.
කෙසේවෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් අදාළ තරුණයින්ගෙන් කළ විමසීමක දී ඔවුන් පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.
ඒ අතරතුර ප්‍රදේශවාසීන් අදාළ නිවස වටළා විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් නොසන්සුන්තාවක්ද හටගත්තා.
+
සුරාබදු නිලධාරීන්ගේ වැරදුණු වැටලීම
(19.12.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවැසියන්ට පහරදුන් සුරාබදු නිලධාරීන් 9 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් අට දෙනෙක් (8) අද (19) පෙරවරුවේ ගොතටුව පොලිසියට පැමිණ භාර වූ බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් පසුගිය 11 වැනිදා රාත්‍රි 11 ට පමණ මාදින්නාගොඩ මොරවිටිය පිහිටි තම නිවසට පැමිණි පුද්ගලයින් 9 දෙනෙක් තමන්ට පහරදුන් බව පවසමින් එම නිවසේ හිමිකරු විසින් ගොතටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් නිවසට ඇතුළු වූ ඔවුන් තම බිරිදට සහ තම සහෝදරියට ද පහරදුන් බවයි.
එම පහරදීමෙන් මාස 11 වයසැති දරුවාටද තුවාල සිදුවු බව ඔවුන් පවසා තිබෙනවා.
එම සැකකරුවන් වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ එම නිවස වෙත පැමිණෙන අයුරු CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.
ජංගම දුරකථනයෙන් ලබා ගත් එම සිද්ධියේ දර්ශන ඔවුන් විසින් මකා දමා තිබුණද එක් දර්ශනයක් මකා දැමීමට ඔවුන්ට නොහැකි වී තිබුණා.
නිවැසියන් පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් නිවසට ඇතුළු වු ඔවුන් තමන්ට පහරදී යළි පිටව යන අවස්ථාවේදී තමන් සුරාබදු නිලධාරීන් බව පැවසු බවයි.
මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් එම වැටලීම සිදුකළ බවත් ඔවුන් පවසා තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් ගොතටුව පොලිසියට කළ පැමිණිල්ලෙන් පසුව නිවෙස් හිමිකරුට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔවුන් ඉල්ලා ඇත්තේ එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ ගොතටුව පොලිසිය, අදාළ සැකකරුවන්ට කළ දැනුම්දීමකට අනුව පැමිණි පුද්ගලයින්ගෙන් 8 දෙනෙක් පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.
ඔවුන්ගෙන් තිදෙනෙකු (3) ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන් පිටත්කර යැවූ බවත්, සෙසු පස්දෙනා (5) සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවත්, පොලිසිය සඳහන් කළා.
+
ඛනිජ තෙල් ලොක්කෝ ගහපු ගැහිලි සියල්ල ආනන්ද පාලිත හෙළිකරයි (19.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴