යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා
යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා
(16.12.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala)
මවක සහ දියණියක ගමන්ගත් යතුරුපැදියක් හප්පා පෙරලීමෙන් පසුව එම මවගේ ගෙල බැඳි වටිනා රන් මාලය සොරාගත් සිදුවීමක් වාර්තා වනවා.
ඇලයාපත්තුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් සොරාගත් මාලය රු. 400,000 ක් පමණ වටිනා බවයි පැවසුවේ.
පෙර පාසලේ නැටුම් පුරුදුවීම සඳහා තම දියණිය සමග යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ යතුරුපැදිය මෙසේ අනතුරට පත්කර තිබෙනවා.
පසුපසින් පැමිණි වෙනත් යතුරු පැදියකින් මව හා දියණිය රැගත් යතුරුපැදිය හප්පා දමා තිබෙන අතර එහිදී යතුරුපැදිය කානුවට වැටුණු පසුවයි සොරකම සිදුකර ඇත්තේ.
අනුරාධපුර, ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය පෙර පාසලේ නැටුම් පුරුදුවීම සඳහා කරුක්කන්කුලම විද්‍යාලය වෙත ගොස් තිබෙනවා.
එහි සිට දියණිය සමග නැවත නිවසට එමින් සිටියදී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම වැරද්දුවාට අධිකරණ ඇමති CIDයට
(16.12.2024 – 11:52 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ‘අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය’ නීතිඥ හර්ෂණ නානායක්කාර අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බවයි.
“මම අවුරුදු 25 ක් නීතිඥ කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ කියලා සඳහන් කරලා නෑ. ‘විසිටින් කාඩ්’ එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය සටහන් කරලා තිබුණා. ‘ආචාර්ය පදවියක්’ තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ‘ව්‍යාජ දත්ත’ ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙකුට ඇතිවෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
‘පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ’ අධිකරණ අමාත්‍යවරයාගේ නම ‘ආචාර්ය හර්ෂණ නානායක්කාර’ යනුවෙන් පළ කර තිබූ අතර පසුව අමාත්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලකින් පසු එය නිවැරදි කරනු ලැබුවා.
අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් පාර්ලිමේන්තුව විසින් ද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
+
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
(16.12.2024 – lankadeepa.lk)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් ‘තොරතුරු දැනගැනීමේ පනත’ යටතේ අයැදුම්පත් තුනක් (3) ඉදිරිපත් කර තිබේ.
‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්’, ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති’ සහ ‘මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති’ වෙතින් ආශු මාරසිංහ මහතා අදාල තොරතුරු ඉල්ලා ඇත.
2024 මහ මැතිවරණය මත තේරී පත්වූ මන්ත්‍රීවරු 225 දෙනා ලබා දී ඇති අධ්‍යාපන සුදුසුකම් රැකියාව හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ආශු මාරසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන ලද අයැදුම් පත්‍රයේ සඳහන් සඳහන් වේ.
+
+
නියෝජ්‍ය කතානායක රිස්වි සාලිටත් ඉල්ලා අස්වෙන්න කියයි..
(17.12.2024 – 00:02 +0530 – lankacnews.com)
‘නියෝජ්‍ය කතානායක ධුරය දරන රිස්වි සාලි’ එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ‘සමගි ජන බලවේග’ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
‘රිස්වි සාලි’ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස ‘නියෝජ්‍ය කතානායක’ ලෙස කටයුතු කරමින් ඇති බවටත් මන්ත‍්‍රීවරයා චෝදනා කළේය.
නියෝජ්‍ය කතානායකවරයා, කථානායකවරයාටත් එහා ගොස් මෙරට නීතිය උල්ලංඝනය කර ඇති බවටද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
+
මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5 ක් අත්අඩංගුවට
(16.12.2024 – 20:59 +0530 – hirunews.lk/sinhala)
ඊයේ (16) රාත්‍රියේ සිදු වූ මීටියාගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අදාල සැකකරුවන් සමග ගිනි අවියක්ද සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මීටියාගොඩ – බලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට ඊයේ (15) රාත්‍රියේ වෙඩි තබා තිබුණා.
ඒ හේතුවෙන් ඔවුන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 49 ක් සහ වයස අවුරුදු 29 ක් වන බලිමුල්ල, මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පියා සහ දියණියයි.
තුවාලකරු හා තුවාලකාරිය නිවසේ සිටියදී, පුද්ගලයින් පිරිසක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
බරපතල තුවාල පියා සහ දියණිය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්‍රයා වන ‘නුවන් ගුණතිලක’ නැමැත්තා සොයා වෙඩික්කරුවන් පැමිණ තිබෙන බවයි පොලිස් මූලික විමර්ශණවලින් හෙළිවී ඇත්තේ.
නමුත් වෙඩික්කරුවන් පැමිණෙන අවස්ථාවේ එම පුත්‍රයා නිවස තුළ සිට නැහැ.
‘මත්ද්‍රව්‍ය අරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව’ට පොලිසිය සැක පළ කරනවා.
වෙඩි තැබූ ස්ථානය අසළ තිබී මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ කොපු 4 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පියාට ද මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴
හමුදා බුද්ධි අංශ හැඳුනුම්පතක් ව්‍යාජව භාවිතා කළ සැකකරුවෙකු බන්ධනාගාරගත කරයි
(16.12.2024 – 20:38 +0530 – hirunews.lk/sinhala)
හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිතා කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිතා කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ‘කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්’ පවිත්‍රා සංජීවනී පතිරාජ අද (16) නියෝග කළා.
පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘විරාජ් මධුසංක’ නැමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කෙරුණේ.
පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ මාර්ග බාධකයකදී සැකකාර පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී එම සැක සහිත හැඳුනුම්පත අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණයට දැන්වුවේ.
සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මේ වන විටත් හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයෙකු විසින් ඔහුට එම හැඳුනුම්පත සකස් කරදී ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම හැදුනුම්පත භාවිතා කරමින් සැකකාර පුද්ගලයා කිසියම් නීති විරෝධී ක්‍රියාවන් සිදුකර තිබේද නැද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බවයි.
අදාල හැඳුනුම්පත හමුදා අංශ වෙත යොමු කර එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තහවුරු කිරීමට පියවර ගන්නා බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා ෴
ජායාරුපයකට පෙනීසිටි තරුණයා දුම්රියේ ගැටෙන හැටි …
(15.12.2024 – facebook.com/accident1stofficial/)
අද (15) දහවල් ‘ආරුක්කු නවය පාළම’ මතදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවූනා.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය දුම්රිය පැමිණීමත් සමග පිටුපා ජායාරූපයක් ගැනීමට යාමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබූ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර මේ වනවිට දෙමෝදර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
+
ජපානයේ ‘ඔනොමිචි’ සමාගම වසර 30 කට පසු ‘කොළඹ ඩොක්යාඩ්’ හැරයයි
(16.12.2024 – 23:56 +0530 – hirunews.lk/sinhala)
‘කොළඹ ඩොක්යාඩ්’ සමාගමේ 51% ක කොටස් හිමිකාරත්වයක් ඇති ජපානයේ ‘ඔනොමිචි (Onomichi) ඩොක්යාඩ්’ සමාගම ඉන් ඉවත් වීමට තීරණය කර ඇතිබව වාර්තා වෙනවා.
මේ පිළිබඳව එම සමාගම ‘කොළඹ ඩොක්යාඩ්’ සමාගම වෙත දන්වා ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම මේ පිලිබදව සිය ප්‍රධාන කොටස් හිමියන්ට ද දැනුම් දී ඇති බව පැවසෙනවා.
මෙම තත්වය මත නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා කරමින් සිටින බව ‘කොළඹ ඩොක්යාඩ්’ අධ්‍යක්‍ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දන්වා ඇති බවද සඳහන්.
ජපන් සමාගම මේ බව දැනුම්දීමෙන් පසු, ‘කොළඹ ඩොක්යාඩ්’ සමාගමේ කොටසක මිල රු. 63.30 කින්, එනම් 0.5% කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙනවා.
1991 වසරේ සිට ‘ඔනොමිචි’ සමාගම, ‘කොළඹ ඩොක්යාඩ්’ සමාගමේ 51% ක් එනම් කොටස් මිලියන 36.65 ක් හිමිකරගෙන තිබුණා ෴
පාර්ලිමේන්තු විවාදය සජීවීව | 2024-12-17
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Ansu Marasinghe. Here is another compulsive liar. He calls himself with a “Mahachaarya – Pattama”. Mahachaarya ,in English a Professor, is a title for usually Faculty Heads in a University, if they are holding such a role. There may be sub-divisions of the Faculty, in which case there may be other Professors within the Faculty. But what is important is that to be a Professor, you need to be in the University staff, holding an important administrative and management role, along with fund manager responsibilities, They must be administratively responsible for under grad students or post-grad researchers. This chap Ansu is not working in a Uni now, but he is and was an MP. all this was thoroughly explained by an active University Professor yesterday. See YouTube.