14 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට වසර 10 ක සිර දඬුවමක්, රුපියල් 45,000 ක දඩයක් සහ රුපියල් 4,50,000 වන්දියක්
(12.12.2024 – 19:08 +0530 – sinhala.adaderana.lk)
14 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය.
නියෝගය ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේ එය අවුරුදු 10 කින් ගෙවී යා යුතු බවය.
එමෙන්ම විත්තිකරුට රුපියල් 45,000 ක දඩයක් නියම කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් හාරලක්ෂ පනස්දහසක (4,50,000) වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළේය.
අදාළ දැරිය නීති විරෝධීව රඳවාගෙන ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුව තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම සමාජයේ සිටින නුවණින් මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද ගරු කිරීමට සෑම පුද්ගලයෙකුම වග බලා ගත යුතු බවය.
එවැනි දරුවන්ට අනීතික ආකාරයෙන් කටයුතු කරන මෙවැනි පුද්ගලයින්ට අධිකරණයෙන් කිසිසේත්ම සමාවක් හිමි නොවන බවත් විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කරමින් සඳහන් කළේය.
මෙහිදී දඬුවම් නියම කිරීමට පෙර යමක් පැවසීමට තිබේදැයි විනිසුරුවරයා අතවරයට පත් තැනැත්තියගෙන් විමසා සිටියේය.
එයිදී විත්තිකරුට දඬුවම් ලබාදී තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ අනාගතයේදී මෙවැනි වැරදි සිදු කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ටද පාඩමක් වන ආකාරයෙන් මෙම විත්තිරුට දැඩි දඬුවම් නියම කරන ලෙසය.
මෙහිදි විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම තැනැත්තිය විත්තිකරු සමග පැමිණියේ සිය කැමැත්තෙන් බැවින් විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙසය.
එහෙත් නඩු විභාගයේදී එවැනි කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළේය.
මෙම සිද්ධිය වූ අවස්ථාවේ අතවරයට පත් තැනැත්තිය 14 වන වියේ පසුවූ අතර ඇය දේවාලයක වාර්ෂික පෙරහැර නැරඹීම සඳහා පැමිණ ඇති අතර එම අවස්ථාවේදී විත්තිකරු ඇය සමග සුහද වී මරදාන ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන විත් බලහත්කාරයෙන් රඳවා තබා මුදලට ඇයව ගණිකා වෘත්තියේ යෙදවා තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය ෴
භාවිතයට නුසුදුසු ප්ලාස්ටි භාණ්ඩ අලෙවි සැල් සොයා වැටලීම්
(12.12.2024 – 14:48 +0530 – sinhala.adaderana.lk)
භාවිතයට නුසුදුසු ප්ලාස්ටික් සහ පොලිතින් අලෙවිය සම්බන්ධයෙන් මේ දිනවල සොයා බැලීම් සිදුකරන බව ‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය’ පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාර නගර ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ප්ලාස්ටික භාණ්ඩ අලෙවි සැල් පරීක්ෂා කිරීම් කරන බවය.
එහිදි භාවිතයට නුසුදුසු භාණ්ඩ අලෙවිකරන්නන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම එළැඹෙන වසරේ (2025) සිට දරුවන්ට අවශ්‍ය කෑම පෙට්ටි සහ ජලය පුරවන බෝතල් මිලදී ගැනීමේදි දෙමව්පියන් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය ෴
රුපියල් ලක්ෂ තුනහමාරක (3½) අල්ලසක් ගත් කාන්තාවක් අත්අඩංගුවට
(12.12.2024 – 12:49 +0530 – sinhala.adaderana.lk)
රුපියල් ලක්ෂ තුනහමාරක (3,50,000) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් තලාතුඔය ප්‍රදේශයේ කාන්තාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වී තිබේ.
කඩවත, ගෝනහේණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඇයව මහනුවර, බෝගම්බර ක්‍රීඩාපිටිය ඉදිරිපිට ඇති වාහන රථගාලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියවත්ත යන ඉඩම පැමිණිලිකරුට වගා කටයුතු සඳහා ‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව’ හරහා ලබාගැනීමට අවශ්‍ය රජයේ කටයුතු සිදුකරදීම වෙනුවෙන් අතරමැදියකු ලෙස කටයුතු කරමින් අදාළ කාන්තාව රුපියල් ලක්ෂ තුනහමාරක (3,50,000) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴
රෝහල් චතුරශ්‍රය සුද්ද කරගන්න වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අදත් පාරට බහී |පොලිස් ලොක්කෙකුට බෙල්ලන දෙහි කපයි (12.12.2024)
+
උපාධි හොරු අල්ලන්න කමිටුවක් – මේක ඉතාමත් අශිෂ්ඨ තත්ත්වයක් – අදෘශමාන බලවේගයක් ගැන හෙළිදරව්වක් (13.12.2024)
+
+
+
කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි (13.12.2024 05:40 pm)
+
හොර උපාධිකරුවන් බර ගණනක්.. හොර දොස්තරලාම හයක් (6)..
(14.12.2024 – 00:02 +0530 – lankacnews.com)
වත්මන් පාර්ලිමේන්තුව තුළ තම අධ්‍යාපන සුදුසුකම් වංචනික ලෙස ඉදිරිපත් කළ පිරිස බර ගණනක් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ආරංචි ලැබෙන ආකාරයට හොර දොස්තරලාම හයදෙනෙකු (6) සිටින බවද ඔහු පැවසීය.
“දැන් මේ රජයේ බලයට ආවේ නූගත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් වෙනුවට උගත් මිනිස්සු බලයට අරන් එනවා කියලා.
ලැයිස්තුවක් ප්‍රචාරය කරලා කිව්වා ‘මේ අය නොම්මර එකේ උගත් මිනිස්සු; මාර වැඩ කාරයෝ; ඉස්සර හිටපු ‘සෙට්’ එක වගේ නෙමෙයි’ කියලා.
කොහොමද වැඩේ.. කතානායකතුමාටම බීඑස්සී උපාධියක් නෑ.. ආචාර්ය උපාධියත් නෑ.. එන්ඩීටී එකත් තියෙනවද කියලා සැකයි.
බොරුවෙන්ම ජීවත් වෙච්ච අය. මේ වගේ බර ගාණක් ඉන්නවා දැන් පේන විදිහට. හොර දොස්තරලම හයක් (6) විතර ඉන්නවා” ෴
+
කඩවසම් හින්දි නළුවා සිංහලෙන් ආදරය ඉල්ලයි| දීපිකා පදුකෝන්ගෙ නංගිත් ඇවිත් (13.12.2024)
+
මට අනුර කුමාරට ලොකු සෙනෙහසක් තියනවා, එයාටත් චාන්ස් එකක් දෙන්න | මාලිමාවේ ආචාර්යලා ගැන මම හොඳට දන්නවා (13.12.2024)
+
මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක්… (13.12.2024)
+
ගහපු ගේම කියන්න කිසිම නාලිකාවක් ඉඩ දුන්නෑ.. මේ මාසෙම හෙළිවෙයි – නාගානන්දගෙන් හෙළිදරව්වක්?? (13.12.2024)
+
රිලවෙකුට චීනයෙන් ඩොලර් පනස්දාහක්..
(14.12.2024 – 03:22 +0530 – lankacnews.com)
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීම සඳහා මෙතරම් මහන්සි වෙන්නේ එක රිලවෙකුට ඩොලර් පනස් දහසක් (50,000) ලබාදෙන නිසා බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කරයි.
අයවැය පියවා ගැනීමට නොහැකිව රිලවුන් මරා හෝ අයවැය පියවා ගැනීමට උත්සාහයක් දරන බවද පැවසුවාය.
රිලවුන්ට නම් අත නොතියන ලෙසද ඉල්ලා සිටි ඇය රිලවුන් වන්ධ්‍යකරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් එම වැඩපිළිවෙළට එකඟ බවත් සදහන් කලාය.
පසුගිය රජය විසින් රිලවුන් චීනයට යැවීමට එකග වූ ගිවිසුමේ අන්ර්ගතය හෙලි කරන්නැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කළාය.
+
වැරදියට නම් ඇතුළත් කීරීම ගැන කරුණු කියන්න නියෝග
(13.12.2024 – lankadeepa.lk)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් අදාල නිලධාරීන්ට නියෝග කර ඇත.
මේ අනුව ඔවුන් ලබන සඳුදාට (16) පෙර නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුවේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සමහර මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට සඳහන් කෙරුණු ආචාර්ය උපාධි පසුගියදා ඉවත් කෙරිණ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කරනු ලබන්නේ එහි සභා ලේඛන අංශය විසිනි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴