රුපියල් ලක්ෂ 30 රන් කොල්ලය කොටු කරගත් සූක්ෂම මෙහෙයුම
(11.12.2024 – 22:50 +0530 – hirunews.lk/sinhala)
දෙල්ගොඩ නගරයේ රන් භාණ්ඩ අළෙවි සැලකින් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත උපායදූතයින් යොදා සූක්ෂම ලෙස කරන ලද මෙහෙයුමකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
දෙල්ගොඩ නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට පැමිණි පුද්ගලයෙක් එම රන්භාණ්ඩ අලෙවි සැලෙන් රුපියල් ලක්ෂ 30 කට ආසන්න රන් භාණ්ඩ කොල්ල කා පලායෑමේ සිද්ධියක් පසුගිය මස 26 වැනි දින වාර්තා වුණා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් එක් (1) පුද්ගලයෙක් එම රන් භාණ්ඩ කොල්ලකා, එම අළෙවි සැල අසළ නවතා තිබු යතුරු පැදියක නැග පලායන අයුරු cctv කැමරාවල සටහන්ව තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළත් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගැනීමට හැකිවූයේ නැහැ.
මේ අතරතුර, මුල්ලේරියාව පොලිසිය විසින් මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ පුද්ගලයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු තම හිතවතෙකු බව පවසමින් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ඒ.ජි.එස්. සුසන්ත මහතාට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර රුවන්වැල්ල පොලිසියේ සේවය නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂක ෆොන්සේකා නම් අයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ ඔහු නිදහස් කරන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් සැක සිතු ස්ථානාධිපතිවරයා උපායදූතයින් යොදා ගනිමින් දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන තිබුණා.
එහිදි අනාවරණ වුණේ ඔහු රාත්‍රි සමාජ ශාලාවල ගැවසෙමින් එම සමාජ ශාලාවලට පැමිණෙන තරුණියන්ට ‘අයිස් මත්ද්‍රව්‍ය’ ලබාදෙන පුද්ගලයෙක් බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වු මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදි එම සැකකරු අත්අඩංගුවට ගත්තා.
අවුරුදු 52 ක් වයසැති ‘නිශාන්ත කුමාර’ නමැති එම සැකකරු සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ද සොයා ගෙන තිබුණා.
වැඩිදුරටත් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අදාළ සැකකරු රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් කිහිපයකටද සම්බන්ධ බවයි.
ඒ අනුව දපසුගිය මස 26 වැනිදා දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවු රන් කොල්ලයේ ප්‍රධාන සැකකරුද ඔහු බවට පොලිසිය අනාවරණ කර ගත්තා.
අත්අඩංගුවට පත් එම සැකකරු මාර්ගයෙන්, ඔහුත් සමඟ රන් කොල්ලය සඳහා පැමිණි යතුරු පැදිකරු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
හිටපු යුද හමුදා සාමාජිකයෙකු වන එම සැකකරු සමග අනෙක් සැකකරුද රන් කොල්ලය සිදුවු දෙල්ගොඩ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැල වෙතද රැගෙන ගියා.
ඔවුන් විසින් සොරා ගත් රන් භාණ්ඩ ස්ථාන කිහිපයක උකස් තබා ඇති බවත්, රුපියල් ලක්ෂ 4½ පමණ වටිනා උකස් කර තිබූ රන් භාණ්ඩ සොයා ගත් බවත් පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, කොල්ලුපිටිය ප්‍රදේශයේ උකස් කළ රන් මාල 7 ක් පසුව එම සැකකරුවන් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට වැඩි මිලකට අළෙවි කර ඇති බවටද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
එම රන් භාණ්ඩ මිලදි ගත් පුද්ගලයා සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසුවා.
මේ අතර, කොල්ලය සඳහා පැමිණි යතුරු පැදිය එක් (1) සැකකරුවෙක් සේවය කරන පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් යතුරු පැදියක් බවටත්, එම යතුරු පැදියේ අංක තහඩු බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ ආයතනයක රථ ගාලේ තිබු යතුරු පැදියකින් ගලවාගත් අංක තහඩු බවටත් අනාවරණ කරගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.
+
ද්වේශය නිසා වැනසෙන අපේකම (11.12.2024)
+
සතුන්ගේ ජීවිත වෙනුවෙන් අජන්තා පෙරමුණට එයි (11.12.2024)
+
කතානායකගේ සිද්ධිය ඇත්ත නම් කතානායකට වෙන දේ මෙන්න | කවුරුත් නොහිතපු කතාවක් නීතිඥයා පැහැදිලි කරයි (11.12.2024)
+
+
කවුරු කළත් බොරුව බොරුවමයි, වංචාව වංචාවමයි, නීතිය ජනාධිපතිටත් වලංගුයි, කථානායකටත් වලංගුයි (11.12.2024)
+
මම ඇමති කාලෙ අශෝක රන්වල කාර්මික නිලධාරියෙක්.. ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කෙනෙක්.. චාමර සම්පත්ගෙ අවංකකම ඔහුට නෑ..
(11.12.2024 – 22:22 +0530 – lankacnews.com)
මම ඇමති කාලෙ අශෝක රන්වල කාර්මික නිලධාරියෙක්.. ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කෙනෙක්.. චාමර සම්පත්ගෙ අවංකකම ඔහුට නෑ..
පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත්ට තියෙන අවංක කම කතානායක අශෝක රන්වලට නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය :
“පළපුරුදු කියන එකේ ඉන්න හැම මිනිහම හොරු කියලනේ කිව්වේ. හැම මිනිහම බොරුකාරයෝ කියලනේ කිව්වේ. හැම මිනිහම අශිෂ්ටයි කියලනේ කිව්වේ. එහෙම කියලනේ මේ බලයට ආවේ ශිෂ්ට සම්පන්න රජයක් ආණ්ඩුවක් හදනවා කියලා. අද කතානායකගේ ප්‍රශ්නෙන් මොකක්ද පෙන්නලා තියෙන්නේ? මොකක්ද කිව්වේ? කතානායකතුමා කිව්වේ ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා කියලා ‘වසේඩා’ කියලා විශ්ව විද්‍යාලයක ජපානයේ. දැන් පෙන්නලා තියෙනවා එහෙම උපාධියක් තියා ඔහු කවදාක්වත් ඒකෙ ශිෂ්‍යයෙක්වත් වෙලා ඉඳලා නැහැ කියලා. දැන් කවුද ඔහු එතකොට? ඔහු මේක කියලා නේද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දේ ඉල්ලුවේ? ඊළඟට ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙක් කියලා කිව්වා. මම දන්නවා ඔහුව. මම තෙල් සංස්ථාව පාලනය කළා. මම දන්නවා ඔහු කාර්මික නිලධාරියෙක්. ඔහු මේ ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කෙනෙක්. ඉතින් මොකක්ද මේ?
නාමල් රාජපක්ෂගේ උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, චාමර සම්පත්ගේ බදුල්ලේ දෙකේ පන්තියට ගියා කියලා හිනා වෙච්ච අය … චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කිව්වා ‘අඩුගානේ මට උගත්කමක් නැහැ. මට ඉංග්‍රීසි බැහැ. මම සාමාන්‍ය වඩේ විකුණපු මිනිහෙක්’ කියලා කිව්වා. ඒ අවංකකම තියෙනවද මේ රන්වලට? චාමර සම්පත් ඒ ටික කියලා තමයි බදුල්ලෙන් ඡන්දෙට ආවේ. මෙයා කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මේ චාමර සම්පත්ලට බැන්නට, ‘චාමර සම්පත් ගිහිල්ලා තියෙන්නේ දෙකේ පන්තියට’ කිව්වට මොවුන් චාමර සම්පත්ටත් වඩා තක්කඩි පහත් පිරිසක් නේද? මතක තියාගන්න, මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ දීපු මිනිස්සු බහුතරයක් නාගරික, උගත් මිනිස්සු. ඡන්දේ දුන්නේ ඔය හාල් පොල් ප්‍රශ්න විසඳනවා කියලා හිතලම නෙමෙයි. ශිෂ්ට සම්පන්න රටක් ඇති කරයි; බොරු නොකියයි කියලා. දැනටමත් පරක්කු වැඩියි. ‘රන්වල ක්‍රියාවලියෙන්’ පෙන්නලා තියෙනවා පරණ තක්කඩිකම් ඒ විදිහටම සිද්ධ වේගෙන යන බව. මොකද හේතුව, මේ අය ඇතිවෙන්න හිනාවෙලා තියෙනවා අනිත් අයගේ දේවල් වලට.
ප්‍රශ්නය : ඔබතුමා ඉන්න කාලේ, ඛනිජ තෙල් සංස්ථාව ඔහු සම්බන්ධයෙන් වෙනත් නඩුවක් තියෙනවයි කියලා කිව්වද?
පිළිතුර : නැහැ. මම දන්නෑ. ඔහු ගැන ඔහු වෘත්තීය සමිති නායකයෙක් හැටියට තමයි මම ඔහුව හඳුනන්නේ. නමුත් දැන් ඔහුට කාලයක් දුන්නනේ දැන් සති ගානක් ඔහුගේ ආචාර්ය උපාධිය ඔප්පු කරන්න. මොරටු විශ්ව විද්‍යාලයේ ඔහු උපාධිධාරියෙක්ද නැද්ද කියන එක වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්නේ. එම වෙබ් අඩවියේ ඔහුගේ නමක් නැහැ. ඉතින් ඒ නිසා මේවා මේ අතේ පැලවෙන ඒවා. ප්‍රශ්නේ මේකයි. මන්ත්‍රීවරයා රාජ්‍ය සේවකයෙක්. අපගේ පරිපාලන රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයෙක් වැරදි සහතික පෙන්නලා ආවනම් මේ වෙලාවේ වැඩ තහනම් කරලා එළියට දාලා. ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම පිළිබඳ අපරාධ නඩු පැනෙව්වට පස්සේ කීයද අවුරුදු ගාන? අවුරුදු හතයි හිර දඬුවම.”
+
+
අපි හොඳ සිහියෙන් ඉන්නේ හොඳේ…| චමල් සංජිව ඇමතිටයි ලේකම්ටයි මතක් කරයි |කෙහෙළියට කරපු වැඩේ ඔබටත් කරයි (11.12.2024)
+
වාද්දුවේ නිවසක් අළු ගොඩක් වෙයි | ගින්නේ දර්ශන මෙන්න (11.12.2024)
+
ඉසුරුපාය විරෝධයේදී පොලිසියට තුවාල කලේ බුද්ධි අංශයෙන් යයි අධිකරණයේ කී පොලිස් නිලධාරියා ගැන විමර්ශණයක්..
(12.12.2024 – 08:40 +0530 – lankacnews.com)
පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :
2024.12.11 වන දින පුවත්පතක හා සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති පුවතක් කෙරෙහි අවධානය යොමු කරවමි.
එම පුවත අනුව, ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංර්වර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 02 වන දින බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට (3) තුවාල සිදු කළැයි කියන පුද්ගලයා යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවට සිදුකල විර්මශන වලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් බවට ඇතැම් මුද්‍රිත මාධ්‍ය සඳහන් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට තලංගම පොලිසිය මඟින් සිදුකරනු ලබන විර්මශන අනුව යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙම තුවාල කිරීම සිදුකර ඇති බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
එසේ තිබියදී, ගරු අධිකරණයේ එදින පෙනී සිටි නිලධාරියා මෙවැනි කරුණු දැක්වීමක් සිදුකලාද යන්න පිළිබඳව වැඩබලන පොලිස්පතිතුමාගේ නියමයෙන් පොලිස් විශේෂ විර්මශන ඒකකය මගින් විර්මශනයක් ආරම්භ කර ඇත ෴
වංචනික ලෙස ඉඩමක් විකිණු හිටපු පී.සී. අත්අඩංගුවට
(11.12.2024 – lankadeepa.lk)
කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ පිහිටි ඉඩමක් වංචනික ලෙස විකුණා රුපියල් මිලියන 60 ක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු උපසේවා කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
පර්චස් 18.3 විශාලත්වයෙන් ඉඩමක් කූට ලේඛන සකස් කර සැකකරු එලෙස විකුණා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 වෙත ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට පතල් කර්මාන්තයේ යෙදෙන අතර මීට වසර 19 කට පෙර උපසේවා කොස්තාපල්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
53 හැවිරිදි සැකකරු පැල්මඩුල්ල හන්දුරුකන්ද පදිංචිකරුවෙකි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴