රු. ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත්තැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කුරුවිටදී දැලේ

රු. ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත්තැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කුරුවිටදී දැලේ


රු. ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත්තැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කුරුවිටදී දැලේ

(02.04.2026 – hirunews.lk)

යතුරුපැදියක් විකිණීමට ඇති බවට සමාජ මාධ්‍ය ජාලයක පළ වූ දැන්වීමක් උපයෝගී කර ගනිමින් තරුණයෙකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක (2,46,000) කප්පම් මුදලක් ලබාගත් බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කළ මෙම නිලධාරියා ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකාර නිලධාරියා මීට පෙර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව සිදු කළ පරීක්ෂණයක් හේතුවෙන් රත්නපුර ප්‍රදේශයට ස්ථාන මාරු කර සිටි අයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

කුරුවිට, එදිරියන්වෙල උඩකඩ ප්‍රදේශයේ තරුණයෙකු විසින් එන්ජින් ධාරිතාව 1000cc වර්ගයේ යතුරුපැදියක් විකිණීමට ඇති බවට ‘වට්ස්ඇප්’ (WhatsApp) සමූහයක පණිවිඩයක් පළ කර තිබෙනවා.

එය දුටු සැකකාර පොලිස් පරීක්ෂකවරයා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයකින් එම නිවසට පැමිණ ඇති අතර, අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්න ඇති බව පවසා තරුණයාගේ පියා බිය ගන්වා ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය දුරදිග ගියහොත් පුතුන්ට විදේශගත වීමට පවා නොලැබෙන බවට තර්ජනය කරමින් සැකකරු රුපියල් ලක්ෂ දහයක (10) කප්පම් මුදලක් ඉල්ලා තිබූ බවද වාර්තා වෙනවා.

පසුව සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් (3) දක්වා අඩු කරගෙන ඇති අතර, කුරුවිට – දැරණියගල මාර්ගයේදී රුපියල් 246,000 ක මුදලක් සැකකරු ලබාගත් බවට තරුණයාගේ පියා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මුදල් ලබා ගැනීමෙන් පසුව ද සැකකරු විසින් යතුරුපැදිය රැගෙන කඩුවෙල පොලිසිය අසලට එන ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් දිගින් දිගටම බලපෑම් කර ඇති බවට ද වාර්තා වෙනවා.

ඉන් පසුව තරුණයාගේ පියා තමන් දන්නා හඳුනන උසස් පොලිස් නිලධාරියෙකුට මේ බව දැනුම් දී ඇතැයි ද සඳහන් වෙනවා.

ඒ අනුව, මධ්‍යම අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියසිංහගේ උපදෙස් මත සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයරත්න සහ සහකාර පොලිස් අධිකාරී බණ්ඩාර යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් කුරුවිට පොලිස් ස්ථානාධිපති චින්තක මයාදුන්න ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන කිහිපයක් ද පදනම් කර ගනිමින් වැඩිදුර සාක්ෂි රැස් කරමින් සිටින බවද පොලිසිය පවසනවා.

රත්නපුර විශේෂ විමර්ශන ඒකකය මගින් ප්‍රශ්න කිරීම් සිදු කළ සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අද (02) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++

+


ව්‍යාජ දොස්තර හැඳුනුම්පතක් තියාගෙන මිනිස්සුන්ට බෙහෙත් කරපු කාන්තාවට වැඩ වරදියි (02.04.2026)

+


ඔපෙරා හවුස් එකේ දිල්කාට අහවල් වැඩේ කරනවා කියපු සුදාට ඕස්ට්‍රේලියාවේ පුරවැසි කමත් අහිමිවෙන ලකුණු (02.04.2026)

+


“පෙට්‍රල්/ඩීසල් වලට අපි ඇබ්බැහි වෙලා! මේක ආර්ථික මර උගුලක්ද?” බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව (02.04.2026)

+


පානදුරේ අතුරුදන් වූ ත්‍රිරෝද රථ රියදුරු ඝාතනය කර සූසාන භූමියක වළ දමලා : සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(03.04.2026 – hirunews.lk)

මීට වසර එකහමාරකට (1½) පමණ පෙර පානදුර ප්‍රදේශයේදී අභිරහස් ලෙස අතුරුදන් වූ 31 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු ඝාතනය කර, ඔහුගේ මළ සිරුර හොරණ ප්‍රදේශයේ සූසාන භූමියක වළ දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (02) පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස ඝාතනයට ලක්වූ තැනැත්ත්වා පානදුර, කිරිබේරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි ඇලකාවගේ සඳුන් උදාර අල්විස් නමැති 31 හැවිරිදි පුද්ගලයා වන අතර, ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සළිඳු’ ගේ මෙහෙයවීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක රජයේ සාක්ෂිකරුවකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඝාතනයෙන් පසු සිරුර හොරණ තිබ්බටුගොඩ සූසාන භූමියේ වළ දැමූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මාලමුල්ල බටහිර සහ ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 44 සහ 64 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ ෴


ලැට් ෂුදා අයියාට ඉක්මන් සුවය ලැබේවා ! (02.04.2026)

+


අපහාස සතාට එරෙහිව ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් වෙත පැමිණිල්ලක් (02.04.2026)

+

මේ වගේ තිරිසන්නු හයර් කරන ආණ්ඩු වැටෙන එක පුදුමයක්ද ? (02.04.2026)

+

පොලිසියට ආපු නීතිඥයෙකුට පාට් එක දාලා (02.04.2026)

+

හිඟන ජේවීපීකාරයො කෝටිපතියෝ වුණේ කොහොමද ? කන්ඩත් නැතුව හිටිය එවුන් දැන් පියානෝ ගහනවලු (02.04.2026)

+


ලාල්කාන්තට සුරබිදෙන පහල කලේ සුවිශේෂ පුද්ගලයෙක්! (02.04.2026)

+


අන්තර්ජාල‍ය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට

(03.04.2026 – hirunews.lk)

හලාවත අඹකදවිල, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද පරික්ෂා කිරීමකදී අන්තර්ජාල‍ය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමට අදාළව විදෙස් ජාතිකයින් 147 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී චීන, මැලේසියානු හා වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීම සිදුවන අවස්ථාවෙදී එම ස්ථානයෙන් පැනයාමට උත්සාහ දැරූ චීන ජාතිකයන් දෙදෙනෙකු (2) තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අදාළ වැටලීමේදී ලැප්ටොප් පරිගණක 143 ක්, ඩෙක්ස්ටොප් පරිගණක 120 ක් සහ ජංගම දුරකථන 370 ක් ද නිලධාරින් භාරයට ගෙන තිබෙනවා ෴

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයින් 150 දෙනා ලබන අප්‍රේල් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴


කොළඹ ප්‍රදේශ රැසකට අද (03) ජල කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

(03.04.2026 – hirunews.lk)

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඊයේ (02) සිට ලබන 10 වැනිදා දක්වා කාලසටහන් ක්‍රමයක් ඔස්සේ ජලය සැපයීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා පාදුක්කට ද, අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා හෝමාගමට සහ අනිද්දා (05) රාත්‍රී 8 සිට 06 වැනිදා රාත්‍රී 8 දක්වා ද පළමු (1) වටය යටතේ ජල කප්පාදුව සිදු වෙනවා.

එසේම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත හා නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රි 10 සිට පසුදින අලුයම 1 දක්වා පැය 3 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි මෙම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴


+


‘සුදා’ට බර පන්තියෙන් වැඩ වරදියි වගේ – දිල්කා සමන්මලී රු. මිලියන 100 ක වන්දියක් ඉල්ලයි (03.04.2026)

+


නායකයන්ගේ සරලකම පෙන්වා වහන්නට බැරි තරම් ලොකු ලාල්කාන්තගේ මන්දිරය – වීඩියෝ සාක්ෂි සහිතයි (03.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *