කොළඹ කොටුව රෝහල පාරේ ප්‍රධාන පෙළේ හෝටලයක ගින්නක්
(05.12.2024 – 17:30 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුව රෝහල පාරේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක අද (05) ගින්නක් හට ගෙන තිබෙනවා.
මේ වන විට ගිනි නීවීමේ රථ ගින්න මැඩ පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 10 ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
+
+
+
+
+
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබේ
(05.12.2024 – 19:13 +0530 – sinhala.adaderana.lk)
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට අද (5) මුද්‍රා තැබීය.
මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (5) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබුණි.
එම නියෝගය ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කළේය.
ඒ පැය හයකට වැඩි කාලයක් එහි සිදුකළ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුවය.
ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් පැවසුවේ අද සිට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ සියලුම නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු සිදුකළ නොහැකි බවයි.
හිඟ බදු ගෙවීම පැහැරහැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා සිට අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.
එවන් පසුබිමක ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සමාගම ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (4) තීන්දු කළේය.
+
රේණුක පෙරේරා කාගේ කවුද ? “අසූ ගණන්වල භීෂණයට එරෙහිව ඉදිරියට ආ කෙනෙක්. කට වහන්න හදන්නේ…” (05.12.2024)
+
CIDය නිරුත්තර කළ මහෙස්ත්‍රාත්ගේ ප්‍රශ්නය..- “CID එකට කොහෙන් හරි ආපු බලපෑමක්” – රේණුක පෙරේරා එළියට (05.12.2024)
+
දෙයියෝ සාක්කි.. නිමල් සිරිපාලට බඩු පත්තු.. දොස්තර පෙම්වතියක් එක්ක ගහපු ගේම ලීක් (05.12.2024)
+
+
පහුගිය ආණ්ඩුවේ අම්බුලුවාවේ මහා ඉඩම් මංකොල්ලයක් ගැන ප්‍රථමවරට හෙලිවෙයි (04.12.2024)
+
රටක් බේරාගත් සුවිශේෂීම ඔත්තුකරුවාගේ පාපොච්චාරණය | පාස්කු පරීක්ෂණවල ගැටළු කිහිපයක් (05.12.2024)
+
සතොසේ සීමාවට පාරිභෝගිකයන් දෙහි කපයි
(05.12.2024 – 23:20 +0530 – hirunews.lk/sinhala)
පවතින හිගයට පිළියමක් ලෙස ලංකා සතොස ආයතනය මගින් වරකට නාඩු සහල් කිලෝ 5 ක් සහ පොල් ගෙඩි 3 ක් පාරිභෝගිකයින්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා කොළඹ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් 220 කටත්, පොල් ගෙඩියක් රුපියල් 130 කටත් අලෙවි කරන බවයි.
කෙසේ වෙතත්, සහල් කිලෝ ලක්ෂ 2 බැගින් සතොස හරහා ඊයේ (04) සිට වෙළෙඳපොළට නිකුත් කරන බවට විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවද අද (05) පස්වරුව වනවිටත් එම අලෙවිසැල් වෙත සහල් ලැබී නොතිබු බවට වාර්තා වනවා.
ජනතාව ද චෝදනා කළේ අමාත්‍යවරයා පැවසූ ආකාරයට සතොස හරහා සහල් ලබා ගැනීමට පැමිණිය ද තමන්ට සහල් නොලැබුණු බවයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සතොස අලෙවි සැල් 147 ට නාඩු සහල් සහ පොල් බෙදා හැරීම පස්වරුව වන විට සිදුකෙරුණු අතර ඉදිරි දින කිහිපයේදී සියලු සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමේ කටයුතු සිදුකර අවසන් කිරීමට පියවර ගන්නා බවයි සතොස සභාපතිවරයා සදහන් කළේ.
පොල් සඳහා පවතින අධික මිල හමුවේ කොළඹ මරියකඩේ ප්‍රදේශයේදී පොල් බෑය බැඟින් අලෙවි කිරීමට ද වෙළදුන් කටයුතු කළා.
මේ අතර ආනයනයන කරනු ලබන සහල් කඩිනමින් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් රේගුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
අද (05) පස්වරුවේ කොළඹ කැදවා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ කියා සිටියේ වරායට පැමිණෙන නෞකාවල පවතින සහල් පැය 04 ක් ඇතුළත ඉන් පිටතට යැවීමට කටයුතු කරන බවයි.
+
මත්පැන් බලපත්‍ර ගැන කරුණු රැසක් හෙළිවෙයි
(05.12.2024 – 20:09 +0530 – hirunews.lk/sinhala)
පසුගිය රජය සමයේ ජනතාව අතර දැඩි කතාබහට ලක් වූ මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් මත්පැන් බලපත්‍ර ලබා ගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ජනවාරි පළමු වැනිදා (01) සිට ඔක්තෝබර් 14 දා දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මත්පැන් බලපතුවලට අදාළ තොරතුරු ඊට ඇතුළත් වුණා.
එම වාර්තාවට අනුව ‘එෆ්.එල්. ෆෝ’ එනම් මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි නිකුත් කර තිබෙනවා.
ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර, එම සංඛ්‍යාව 22 ක්.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක සභාගත කළ පිටු 48 කින් සමන්විත වාර්තාවට අනුව සියලු දිස්ත්‍රික්ක සඳහා විවිධ කාණ්ඩ යටතේ මත්පැන් බලපත්‍ර රැසක් නිකුත් කර තිබෙනවා.
ඉන් ඇතැම් බලපත්‍ර දේශපාලනඥයින්ගේ හිතවතුන්ට ලබා දී ඇති බවටයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට ‘එෆ්.එල්. ෆෝ’ බලපත්‍ර 09 ක් නිකුත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ බිරිඳ වන කෝකිලා නිලිණිගේ නමට ද බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඇය කියා සිටියේ තමන් නීත්‍යානුකූලව මුදල් ලබාදී බලපත්‍රය ලබාගත් බවයි.
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කය සඳහා ‘එෆ්.එල්. ෆෝ’ බලපත්‍ර 09 ක් නිකුත් කර ඇති අතර නාවලපිටිය හිටපු නගරාධිපති අමල් ප්‍රියංකරට ද බලපත්‍රයක් නිකුත් කර තිබුණේ මේ වසරේ ජූලි 19 දායි.
මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ හිටපු නගරාධිපතිවරයාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ අදාළ බලපත්‍රය නිත්‍යානුකූලව මුදල් මත ලබාගත් බවයි.
මීට අමතරව යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අංගජන් රාමනාදන්ගේ ඥාතියෙකුට ද මත්පැන් බලපත්‍රයක් ලබාදී ඇති බවට සදහන් වී තිබුණා.
මේ සම්බන්ධයෙන් ඔහුගෙන්ද අප විමසීමක් කළ අතර හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් හා ඔහු අතර ගණුදෙනුවක් නොමැති බවයි.
එමෙන්ම, පුත්තලම දිස්ත්‍රික්කයට නිකුත් කර තිබූ බලපත්‍ර 06 අතරින් එක් (1) බලපත්‍රයක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාරට බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.
ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ තම පුත්‍රයාට අයත් හෝටලයකට අදාළ මත්පැන් බලපත්‍රය නීත්‍යානුකූලව ලබාගත් බවයි.
මේ අතර, මෙම සුරාබදු බලපත්‍ර සම්බන්ධයෙන් අදත් (05) පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා ෴
ජංගම දුරකථනයෙන් විඩියෝ කරමින් දුම්රියේ ගිය විදේශික කතට පොල්ලකින් පහර දි දුරකථනය පැහැරගනී..
(06.12.2024 – 08:40 +0530 – lankacnews.com)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා (04) දින ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් කල ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට පොල්ලකින් පහර දි ඇයගේ අතෙහි තිබු ජංගම දුරකථනය ඩැහැගත් සැකකරුවන් දෙදෙනෙකු (2) වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 05.12.2024 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා (2) මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා නියෝග කලේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් රොසැල්ල සහ විග්ටන් වතුයායේ පදිංචි 23-26 වයස් කාණ්ඩයේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි (2).
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා 04.12.2024 දින ගමන් කරන ඇති ස්පාඤ්ඤ ජාතික ඇල්පා මාරියා නැමති 36 හැවිරිදි කාන්තාව වටවල රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක (2) අතර ප්‍රදේශය සිය ජංගම දුරකථනයෙන් දුම්රියේ දොරටුවේ සිට විඩියෝගත කරමින් ගමන් කරන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ සිටි තරුණයන් දෙදෙනෙකු (2) තමන්ගේ අතට පස්වරු 01:20 ට පමණ පොල්ලකින් පහර දුන් බවත්, එම අවස්ථාවේ තමාගේ අතෙහි තිබු රු. ලක්ෂ පහක් (5) පමණ වටිනා ජංගම දුරකථනය අතෙන් ගිලිහි වැටුණු බවත්, පහර දිමෙන් තමන්ගේ හිසට තුවාල සිදු වු බවත් ඇය විසින් ඇල්ල සංචාරක පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.
හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වෙත දුම්රිය මාර්ගයේ සංචාරක මුරකරු විසින් ඒ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ක්ෂණිකව වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා වෙත දැනුම් දි ඇත.
සිද්ධය වාර්තා වු වහාම ක්‍රියාත්මක වු වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විමර්ෂණයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර තිබියදි 04.12.2024 දින රාත්‍රියේ පොලිස් මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින්ට වටවල රොසැල්ල ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකු (2) ගැන සැකසිතී පරික්ෂා කිරිමේදි ඒ තරුණයෙකු සන්තකයේ වටිනා ජංගම දුරකථනයක් තිබි ඇති අතර, එම ජංගම දුරකථනයේ අනන්‍යතාවය තහවුරු කිරිමට එම තරුණයන් දෙදෙනා (2) අසමත් වු නිසා ඔවුන් දෙදෙනා (2) සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි දුම්රියෙන් ගමන් ගත් විදේශිය කතකගෙන් ඩැහැගත් ජංගම දුරකථනයක් බවට තහවුරු වි ඇත.
පසුව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ඒ පිලිබදව ඇල්ල සංචාරක පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු විදේශිය කාන්තාව 05.12.2024 දින වටවල පොලිස් ස්ථානය වෙත පැමිණ සිය ජංගම දුරකථනය භාරගෙන පොලිසිය වෙත පවසා සිටියේ තම රටේ පොලිසියවත් මෙතරම් කඩනමින් ක්‍රියා නොකරන බවත්, ශ්‍රි ලංකා පොලිසිය වහාම ක්‍රියාත්මක වි තමාගේ නැති වු ජංගම දුරකථනය සොයාදිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කරන බවත් ය.
රංජිත් රාජපක්ෂ
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴