බස් ගාස්තු 10% කින් වැඩිකිරීමට යෝජනා : කැබිනට් අනුමැතියට යොමුකෙරේ

බස් ගාස්තු 10% කින් වැඩිකිරීමට යෝජනා : කැබිනට් අනුමැතියට යොමුකෙරේ


බස් ගාස්තු 10% කින් වැඩිකිරීමට යෝජනා : කැබිනට් අනුමැතියට යොමුකෙරේ

(22.03.2026 – hirunews.lk)

ලංකා සුදු ඩීසල් මිල ඉහළ යාමත් සමඟ වර්තමාන බස් ගාස්තුව සියයට දහයකට (10%) වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා.

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය හෙට (23) දින පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම වෙත යොමු කර ඇති බව එම කොමිෂන් සභාව පවසනවා.

වත්මන් බස් ගාස්තු සකසා ඇත්තේ ඩීසල් ලීටරයක මිල රුපියල් 289 ක්ව පැවති සමයේයි.

එහෙත් නව මිල සංශෝධනයට අනුව බස් ගාස්තු සූචිය 10% ඉක්මවා වැඩි වීමට දායක වී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කරනවා ෴

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහලූම් ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළ දැමීමට සිදුවන බව බහලුන් ප්‍රවාහනය රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන මිල වැඩිවීමත් අමතර කොටස්, ලිහිසි තෙල්, බැටරි මිල ඉහළ යෑම හා සේවකයන්ගේ දීමනා ලබාදීම ඉලක්ක කරගෙන මෙලෙස ගාස්තු වැඩි කිරීමට නියමිත බවයි බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ.

එළඹෙන උත්සව සමයේ ප්‍රමාදයකින් තොරව ආනයනික භාණ්ඩ ජනතාව අතට පත්කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා මෙම ගණන් වැඩි කිරීම අනිවාර්ය බවද ඔහු පවසනවා ෴


අල්ලස් කොමිසමේ ලොක්කාට මිනී මැරුම් චෝදනා

(22.03.2026 – lankacnews.com)

සුරේෂ් සලේ මහතාට යුක්‍තිය සාධාරණත්වය ඉටු කරදෙන ලෙස ඉල්ලමින් සිදු කරන අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමේ පස්වන අදියර අද (22) උදෑසන කඩුවෙල බස් නැවතුම්පොළ අසළ දී නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය කිරිගල්පොත්තේ චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේ හා නව ජනතා පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් නායක පූජ්‍ය කැලණිය සද්දාසීල හිමියන් ප්‍රමුඛ වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආරම්භ වුණි.

මෙහිදී හිටපු අමාත්‍ය රියාල් අද්මිරාල් සරත් වීරසේකරද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා සහ ජගත් කුමාර මන්ත්‍රීතුමාද ඇතුළු කඩුවෙල නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පැමිණ තම අත්සන යොදමින් මේ රණවිරු දඩයමට එරෙහිව සහයෝගය දක්වන ලදි.

මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කලේ අද (22) පස්වන (5) අදියර වන විට ඉතා විශාල සහයෝගයක් මේ වැඩසටහනට ලැබී ඇති බවත් නිරන්තරයෙන් ගම් නගර වල ජනතාව කතා කරමින් මෙම වැඩසටහන තම නගරයටද තම ගමටද රැගෙන එන මෙන් ආරාධනා කරන බවත් මේ උද්යෝගය තුළින් පෙනී යන්නේ මාලිමා ආණ්ඩුවේ මේ වැඩ බැරි වෛරි සහගත ළදරු මාලිමා ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ඇති අප්‍රසාදයයි. ඒ නිසා අප ජනාධිපතිතුමාට කියනවා සුරේෂ් සලේ සම්බන්ධයෙන් යම් තොරතුරක් විද්‍යාත්මක සාක්ෂියක් තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කරන්න. එයට අප විරුද්ධ වන්නේ නෑ. නමුත් පදනම් විරහිත ලෙස රස කතා ගොතා, සුරංගනා කතා ගොතා මෙවැනි අඳුරු කුටියක වාතාශ්‍රය නොමැතිව හරියට කෑමක් බීමක් නොමැතිව ඔහුව නොමරා මරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ මර්දනකාරී ක්‍රියාකලාපය දිගටම ඉදිරියට ගියොත් අත්සන් ලක්ෂය අත්සන් දස ලක්ෂය දක්වා ජනතාව අත්සන් ලබා දෙන්න සූදානමින් සිටින බවයි.

තවද මෙහිදී අදහස් දක්වමින් සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ :

“අද මේ රටේ පොලීසිය කොහොමත් දේශපාලනය කරලා ඉවරයි. මේ පොලිසිය මෙහෙයවන්නේ සම්පූර්ණයෙන්ම වෛරි සහගත ක්‍රෝධයෙන් හිස උදුම්මවාගත්ත ආනන්ද විජේපාල මහතා. එයාටම හරියන ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා දේශපාලනය කරලා මහජනතාවගේ අප්‍රසාදයට ලක්වුන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර. අද පොලිස්පතිතුමා ඇතුළු සමස්ථ පොලිසිය දේශපාලනීකරණය කරලා තියෙන්නේ. අද ධර්ම චක්‍රය නෙවෙයි ඔවුන් පලදින්නේ – ජනතා විමුක්ති පෙරමුණේ ලාංචනය වන මාලිමාව තමයි අද ගහගෙන ඉන්නේ තමන්ගේ නිළ ඇඳුමේ. ඒ නිසා පොලිසිය ගැන අද ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා. බරපතලම කාර්යය අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයටත් ඊයේ ඇති වුන මේ සිද්ධිය බරපතල කාරණයක්. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහත්මයාට කොහොමද මොකක්ද තියන බලය සාක්ෂි කාරයෙක්ට බලපෑම් කරලා මරණ තර්ජනය කරන්න. එතුමාට දැනටමත් මිනීමැරුම් චෝදනා එල්ල වෙලා තියනවා. දැන් ඒ දිවුරුම් ප්‍රකාශය අනුව කපිල චන්ද්‍රසේකර මහතා පවසනවා කෙහෙළිය ඇමතිතුමාගේ මස්සිනාගේ මරණයට තර්ජනය කිරීම එම මරණයට අනියමින් රංග දිසානායක මහතාට චෝදනා එල්ල වෙනවා. ඒ වගේම නීති කමිටුවේ සාමාජිකයෙක් කියලා ප්‍රබල තොරතුරක් හෙළි කරපු නන්දන ගුණතිලක මහතාගේ මරණය සැක සහිතයි. ඒ වගේම දිවුරුම් ප්‍රකාශයක් මගින් රංග දිසානායක මහතා මේ කරපු බලපෑම් සම්බන්ධයෙන් රටට හෙලි කරපු කපිල චන්ද්‍රසේන මහතාගේ ජීවිතය සම්බන්ධයෙන් ජීවිත අනතුරක් තියනවා. ඒ නිසා එතුමාට බන්ධනාගාරයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස අප මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේක මේ සුළුපටු ප්‍රකාශයක් නෙවෙයි. දිවුරුම් ප්‍රකාශයක් මගින් මහේස්ත්‍රාත් වරයෙකුට දුන්න ප්‍රකාශයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ජනාධිපතිතුමාට කියනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන්න. මේ CCTV පද්ධති පරික්ෂා කරන්න. රංග දිසානායක මහතා මේ පරීක්ෂණය යන අතරතුර ඔහුගේ වැඩ තහනම් කර අනිවාර්යයෙන්ම සේවයෙන් ඉවත් කරන්න. එහෙම කරලා ඔහු වැරදි කරු වුනොත් ඔහුව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. අනේ ජනාධිපතිතුමනි පින් සිද්ධ වෙයි රංග දිසානායක ගැනත් පාර්ලිමේන්තුවට ඇවිත් හෝදන්න ලෑස්ති වෙන්න එපා. රංග දිසානායක මේ වෙනකොටත් ඇඟේ අසූචි තවරගෙන ඉවරයි. ඒ නිසා ඔබතුමා හෝදන එක නවත්තන්න කියලා අපි කියනවා.

ඒ වගේම රටේ ගෑස් නෑ, තෙල් නෑ, විදුලි කප්පාදුවක් ළඟදි එනවා. ඒකට හරි වැඩපිළිවෙළක් නෑ. හැබැයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා හෝදන එකේ ඉවරෙකුත් නෑ. මේ හෝදන විදිහට මේ ළඳරු ඇමතිවරු ටික හානවා නාගන්නවා. ජනාධිපතිතුමා ගිහිල්ලා හෝදනවා. මේ හෝදන විදිහට ජනාධිපතිතුමාට සතියට දවසක් නෙවෙයි දවස ගානේ පාර්ලිමේන්තුවට යන්න වෙනවා. ඒ ලංකා ඉතිහාසේ නෙවෙයි ලෝක ඉතිහාසේ වැඩිම ගාණක් පාර්ලිමේන්තුවට ගිය රාජ්‍ය නායකයාට හිමි ගෞරවය හිමි වෙන්නේ ජනාධිපතිතුමාට. මොකද ඒ තරම් එතුමාට දැන් හෝදන්න වෙලා තියනවා. එතුමා කුමාර ජයකොඩි ගේ ගල් අඟුරු වංචාව වහන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. එතුමා තෙල් ටික ගෑස් ටික ගේන්න බැරි අසමත්භාවය වහගන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. එතුමා ඇමරිකාවත් එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම් ටික වහගන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. එතුමා කන්ටේනර් මගඩිය වහගන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. ඒ නිසා අද ජනාධිපතිතුමා දැඩි අපහසුතාවයට පත් වෙනවා. එතුමා අද මේ රටේ ඉන්න ජනාධිපතිවරයෙක් නෙවෙයි. එතුමාට නිරූපණය කරන්න වෙලා තියෙන්නේ … රෙදි අපුල්ලන කෙනාගේ චරිතයට තමයි එතුමාට පණ පොවන්න වෙලා තියෙන්නේ.

ඒ වගේම ජනාධිපතිතුමා හඳුන්වා දුන්න මිල සූත්‍රයට උසුළු විසුළු කරපු හිනා වුන කට්ටිය කාංචනගේ QR කේතයට එකට හිනා වුන කට්ට්ටිය ඔත්තේ ඉරට්ටේ අංක වලට හිනා වුන කට්ටියට ඒ සරණම යන්න වෙලා. 76 වසරක් මුළුල්ලේ තිබ්බ හොඳ දේවල් වලින් හරි මේ රට බේරගන්නවා නම් අපි කැමති. හැබැයි ජනාධිපතිතුමා අලුත් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. හැබැයි ජනාධිපතිතුමා කිව්වා ඩොලර් 1 ට රු. 2 ක් තෙල් මිල වැඩි කරලා තෙල් දෙන්න පුළුවන් කියලා. දැන් එහෙමනම් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරල් එක රු. 110 යි. ඒ කියන්නේ රු. 220 ට දෙන්න පුළුවන්. රු. 120 උනොත් රු. 240 ට දෙන්න පුළුවන්. සැපයුම් ගාස්තුව රු. 30 ක් දැම්මොත් රු. 250 ට දෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමා කියන විදිහට මේ රටේ මහා භාණ්ඩාගාරයේ අතිරික්තයක් තියනවා. බදු මුදල් වලින් භාණ්ඩාගාරය පිරිලා. ජනාධිපති කාර්යාලයේ අගමැති කාර්යාලයේ වාහන විකුණපු සල්ලි වලින් භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා ගිහින් තියනවා. ඒ නිසා මේ රටේ ඕන තරම් මහා භාණ්ඩාගාරයේ සල්ලි තියනවා. කරුණාකරලා ඒ සල්ලි වලින් බදු ගහන්නේ නැතුව රු. 250 ට තෙල් ටික දෙන්න කියලා අපි ජනාධිපතිතුමාට බොහොම වගකීමෙන් කියනවා” ෴


රනිල්ට කර තිබෙන්නේ නිල ආරාධනාවක් – Wolverhampton සරසවිය CIDට දැනුම් දේ

(22.03.2026 – lankacnews.com)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ (University of Wolverhampton) පැවැති උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූයේ එම විශ්වවිද්‍යාලය කළ නිල ආරාධනයකට අනුව බව එම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහවුරු කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

එම උපාධි ප්‍රදානෝත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමා තිබිණි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් විශ්වවිද්‍යාලය මේ බව දන්වා තිබේ.

2023 වසරේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළ මෙම සංචාරය ‘පෞද්ගලික සංචාරයක්’ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර චෝදනා කර තිබූ අතර, ඒ සඳහා රුපියල් මිලියන 16.6 කට අධික රජයේ මුදල් අවභාවිත කර ඇති බවට විමර්ශනයක් ආරම්භ විය.

කෙසේ වෙතත්, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇත්තේ තම විශ්වවිද්‍යාලය බ්‍රිතාන්‍ය රජයේ අරමුදල් ලබන, රජයට අනුබද්ධ ආයතනයක් බවයි.

මෙම තොරතුරු ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ‘අන්‍යෝන්‍ය නීති සහයෝගීතා’ (MLA) රාමුව යටතේ කටයුතු කිරීමට සැලසුම් කර තිබුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෘජුවම විද්‍යුත් තැපෑල හරහා ප්‍රශ්නාවලියක් යොමු කර මෙම පිළිතුරු ලබාගෙන ඇත. මෙම තොරතුරු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හෝ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනුවත් කර තිබේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර, හෘද සැත්කමකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේදී සුවය ලබමින් සිටී. පැය කිහිපයක් පුරා පැවැති එම සැත්කමෙන් පසු වෛද්‍යවරුන් ඔහුට පූර්ණ විවේකය නිර්දේශ කර ඇති අතර, අමුත්තන් බැලීමද සීමා කර ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව අප්‍රේල් මස 27 වනදා නැවත කැඳවීමට නියමිතය ෴


විජය කුමාරතුංගගේ අක්කා මල්ලිගේ ඝාතනය ගැන කරන සංවේදී අනාවරණය – ලාල්ගෙන් ඇහුවා ඇයි මල්ලිව මැරුවේ කියලා (21.03.2026)

+


ජේවීපීයට කළ අපරාධවලට කරුමය ඵල දුන්නු හැටි (22.03.2026)

+

මේ විදියට බොරු කෙළිමින් අනුර තව කොච්චර දුර යයි ද ? (22.03.2026)

+

අනුර, ඔයාගෙ වචන පාචනෙන් දැන් මේක ගොඩදාන්න බෑ – හේතුව, දැන් කවුරුවත් ඔයාව සීරියස් ගණන් ගන්නෙ නෑ (22.03.2026)

+


හදුන්නෙත්තිට හිරේ යන්න වෙන වැඩක් (22.03.2026)

+

බොරුමදිවට හොරු අනුර Fail දේශනය – වරුණ රාජපක්ෂ (22.03.2026)

+


තෙල් නැවක් අල්ලාගෙන එන අයට අනුරගෙන් ලොකු තෑගි (22.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *