සතියේ ආරම්භයත් සමගින් බස් ධාවනය අඩාළ වෙයි
(23.03.2026 – 08:25 +0530 – sinhala.adaderana.lk)
පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් බස් ගාස්තු සංශෝධනය වන තෙක් බස් ධාවනයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග අද (23) උදෑසන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ආශ්‍රිතව දැඩි පෝලිම් මතුව තිබේ.
මේ හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබූ අයුරු ද දක්නට ලැබුණි.
පසුගිය (21) මැදියම් රැයේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය පියවර ගත් අතර ඒ අනුව ලංකා සුදු ඩීසල් මිලද ඉහළ යාමෙන් බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් විසින් ප්‍රවාහන බලධාරීන් දැනුවත් කර තිබුණි.
ඒ අනුව ඊයේ (22) දිනයේම බස් ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස බස් සංගම් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණද එය ඉටු නොවීම හේතුවෙන් අද (23) දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔවුන් සඳහන් කළේය.
කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මිල සූත්‍රයට පවතින බස් ගාස්තු ඉහළ යාම 10% කට වඩා ඉහළ අගයකින් බලපා ඇති බවය.
මේ හේතුවෙන් අදාළ බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් ඒ අනුව කැබිනට් මණ්ඩල සංදේශයක් අද (23) දිනයේදී යොමු කිරීමට නියමිත බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව අද (23) දිනයේදී බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් අනුමැතිය හිමිවීමට නියමිත අතර නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව ඇත.
කෙසේ නමුත් නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන තෙක් බස් ධාවනයෙන් ඉවත් වීමට තමන් කටයුතු කරන බව බස් සංගම් සඳහන් කළේය.
බස් සංගම් නියෝජිතයින් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ඉන්ධන සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවත් බස් රථ නඩත්තුව ඇතුළු සියලු කරුණු පැරණි බස් ගාස්තුවෙන් සිදුකළ නොහැකි බවය.
ඒ අනුව නව බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරන තෙක් තමන් බස් රථ ධාවනයෙන් ඉවත් වන බවද බස් රථ සංගම් නියෝජිතයින් සඳහන් කළේය.
+++
138 බස් එකක්වත් අද (23) ඉඳන් දුවන්නේ නෑ – තෙල් ප්‍රශ්නේ තමයි වෙන කිසිම දෙයක් නෑ (23.03.2026)
+++
උදේන්ම වැඩට යන්න කොළඹට ආපු මිනිස්සු බස් නැතිව කට්ට කන හැටි (23.03.2026)
+
රෝගීන්ට සායනවලින් දෙන බෙහෙත් එකවර මාස දෙකකට
(23.03.2026 – hirunews.lk)
රජයේ රෝහල්වල සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මාසයකට (1) නිකුත් කරනු ලබන ඖෂධ එකවර මාස දෙකකට (2) ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කරනවා.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන කළමනාකරණය කරගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව මෙම සතියේ සිට මාස දෙකකට (2) අවශ්‍ය ඖෂධ සායනවලින් රෝගීන්ට ලබා ගැනීමට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
ඒ අනුව දැනට ඖෂධ තොග ප්‍රමාණවත්ව තිබෙන රෝහල්වල මෙම සතිය තුළදීම මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බවත් ඖෂධ තොග අඩු රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනමින් ඖෂධ තොග අවශ්‍ය ප්‍රමාණයට බෙදාහැරීමට දැන් සිටම අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
යම් රෝගියෙකු මාස දෙකකට (2) අවශ්‍ය ඖෂධ එකවර ලබා ගත්තද ඔහුට යම් කිසි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඕනෑම වෙලාවක රෝහලට පැමිණීමට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා .
මැදපෙරදිග යුද්ධය නිසා ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය සමග අවශ්‍ය ඖෂධ සැපයීම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් හංසක විජේමුණි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴