දළදා මාළිගාවට බෝම්බ තැබූ කල්ලි නායකයා ජනාධිපති වෙන තරමට බොරු කිව්වා..
දළදා මාළිගාවට බෝම්බ තැබූ කල්ලි නායකයා ජනාධිපති වෙන තරමට බොරු කිව්වා..
(03.12.2024 – 15:00 +0530 – lankacnews.com)
රටේ මුදුන්මල්කඩ වන දළදා මාළිගාවට බෝම්බ තියපු අනිත් කල්ලියේ නායකයා මේ රටේ ජනාධිපති වෙන තත්ත්වයට මේ බොරු ප්‍රචාර ගෙන ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව කීය.
“අපි කිසි කෙනෙකුගේ කටවල් වහන්න උත්සාහ දැරීමක් කළේ නැහැ. ඒ නිසා තමයි අපිට මෙහෙම වුණේ. අපිට විරුද්ධව, අපේ ආණ්ඩුවට විරුද්ධව, රාජපක්ෂවරුන්ට විරුද්ධව ගෙනගිය තරමේ බොරු ප්‍රචාර මේ රටේ ගෙනිච්චෙ නැහැ වෙන කාටවත් විරුද්ධව. එයට මූලිකත්වය දැරුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අමතරව සමගි ජන බලවේගය.
රාජපක්ෂවරු මේ රටේ හොරු හැටියට හංවඩු ගැහුව්වා. ඒ අනුව මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් නිමා කරපු නායකයා රට ඉදිරියේ හොරෙක් වුණා.
ඒ වගේම මේ රටේ උතුරේ දරුවන්ගේ බෙල්ලේ සයනයිඩ් කරල් එල්ලපු, මේ රටේ ජනතාව විනාශ කරපු, මේ රට නැති කරපු, අවුරුදු තිහක් තිස්සේ මේ රටේ සංවර්ධනය විනාශ කරපු ඒ ත්‍රස්තවාදි නායකයා වීරයෙක්, දෙවියෙක් කරලා ඒ මිනිස්සසු සලකන්න ගත්තා.
ඒ බොරුවට විරුද්ධව අවශ්‍ය පියවර අපි නොගැනීම නිසා තමයි ඒ දේ වුණේ. එය කොතරම් දුරට ගියාද කියනවා නම් මේ රටේ මුදුන්මල්කඩ වන දළදා මාළිගාවට බෝම්බ ගහපු ප්රභාකරන්, දෙවි කෙනෙක් වෙලා මේ රටේ මුදුන්මල්කඩ වන දළදා මාළිගාවට බෝම්බ තියපු අනිත් කල්ලියේ නායකයා මේ රටේ ජනාධිපති වෙන තත්ත්වයට මේ බොරු ප්‍රචාර ගෙන ගියා. එයට විරුද්ධව අවශ්‍ය නීති නොගැනීම අපි කරපු වරදක්. නමුත් අපි කවදාවත් ජනතාවගේ නිදහස් මත දැරීමේ අයිතියට විරුද්ධව කටයුතු කරලා නැහැ ආණ්ඩුවක් විදිහට” ෴
වෛද්‍ය රාමනාදන් අර්චුනාට පාර්ලිමේන්තුවේදී ගහලා ?
(03.12.2024 – 17:58 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා පවසනවා.
සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට මෙම පහර දීම සිදුකළ බවයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියේ.
එහිදී ඔහු සඳහන්කර සිටියේ තමන් 02:30 ට පමණ විපක්ෂ නායක කාර්යාලයට ගියේ හෙට (04) තමන්ට වෙලාවක් වෙන් වී තිබේද නැද්ද යන්න දැනගැනීමට බවයි.
නමුත් එහිදී එම පිරිස තමන්ව වෙනත් කාමරයක් වෙත එක්කන් ගිය බවත් හෙට (04) හවස 4 ට තමන්ට කාලය වෙන් කළ දිය හැකි බවත් එම පිරිස ප්‍රකාශ කළ බවයි මන්ත්‍රී අර්චුනා පවසා සිටියේ.
එහිදී තමන් එම වෙලාව්ද වෙන් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඒ පිළිබඳව කතා කිරීමට සුජිත් නම් පුද්ගලයෙක් හමුවට ගොස් කතා කරන්න යැයි එම පිරිස දැනුම් දුන් බවයි ඔහු පවසා සිටියේ.
“එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැ. පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා” යනුවෙන් තමන් පැවසූ විට සුජිත් නම් පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවයි මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියේ.
+
+
මාලිමා මන්ත්‍රීලා උදේටත්, දවල්ටත් පාර්ලිමේන්තුවෙන් කාලා රැටත් ඔතාගෙන යනවා.. – දයාසිරි පාර්ලිමේන්තු නිමවී යන ගමන්..
(03.12.2024 – 22:02 +0530 – lankacnews.com)
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ඇතැම් දිනවල පමණක් දිවා ආහාර ගත් බවත් උදේ ආහාරය කිසිදා නොගත් බවත් හෙතෙම කියයි.
මාලිමාවේ මන්ත්‍රීවරුන් දැන් පාර්ලිමේන්තුවෙන් උදේට, දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන්න තත්ත්වයට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 39 ක් පත් වූ අවස්ථාවේ ද මෙම තත්වය ඇති වූ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.
අද (03) පාර්ලිමේන්තු සැසිය අවසාන කර ආපසු යන අතරවාරයේ හෙතෙම මෙම අදහස් පල කලේය ෴
මෙන්න අලුත්ම හඬපටයක් එළියට.. ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (03.12.2024)
+
රජය සතු අධි සුඛෝපභෝගී වාහන ඉවත්කිරීමට යයි
(03.12.2024 – 16:37 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය.
රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800cc ට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300cc ට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ් / වෑන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරින් විසින් අපහරණය කිරීමටත්, ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොම්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි ෴
මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
(03.12.2024 – 22:23 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අද (03) රාත්‍රීයේ සිදු වූ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු (2) සිටින බවත් ඔවුන් ගාල්ල, කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.
ගාල්ල, මාගල්ල සුදර්මාරාම පන්සල අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ ෴
උසස් පෙළ විභාගය ගැන අලුත් තීන්දුවක් | විභාග කොමසාරිස්ගෙන් හදිස්සියේම මාධ්‍ය කැඳවලා දුන්න විශේෂ පණිවුඩය (03.12.2024)
+
සෙල්ෆි ගන්න ගිහින් විදෙස් කත කෝච්චියෙන් වැටිලා
(03.12.2024 – lankadeepa.lk)
ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ‘ඇල්ල ඔඩිසි’ සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .
ඉරානයේ සිට මෙරට සංචාරයක් සදහා පැමිණ ඇති 37 හැවිරිදි ඉරාන ජාතික විදේශික කාන්තාවක මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය.
මැය තවත් කිහිපදෙනක් සමඟ ඇල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ‘ඇල්ල ඕඩ්සි’ සංචාරක දුම්රියේ න් නානුඔය බලා ගමන් කරමින් සිටියදී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමෙදි ඔහීය ඉදල්ගස්හින්න අතර පිහිටි දුම්රිය බිංගෙයි ගැටී ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ඇද වැටී ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව එම දුම්රියේ දමා ගෙන මැය නානුඔය දුම්රිය ස්ථානයට රැගෙන ගොස් පසුව 1990 ගිලන් රථයක දමා ගෙන නුවරඑළිය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය සදහන් කළේය .
මේ අතර පසුගිය දින කීපය තුලදී කොළඹ කොටුව බදුල්ල අතර ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රිය න් වල ගමන් ගත් විදේශීය සංචාරකයන් මෙන්ම සරසවි සිසුවියක සෙල්ෆි ජායාරූප ගැනීමට යාම්දී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴