අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ තිදෙනෙක් (3) අත්අඩංගුවට ; පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටත් (2) තුවාල
(02.12.2024 – 13:30 +0530 – hirunews.lk/sinhala)
පාසල් සදහා අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මාර්ග අංක 174 කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
එසේ විරෝධතාවයේ නිරත වූ තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පොලිසි නිලධාරීන් දෙදෙනෙක් (2) තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
වසර 04 ක් තිස්සේ පාසල්වල ඉගැන්වීම් සිදුකරන බැවින් ගුරු සේවයට බදවා ගන්නැයි ඉල්ලමිනුයි ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට විරෝධතාවයේ නිරත වන්නේ.
අද (02) උදෑසන සිට පැවැත්වෙන මෙම විරෝධතාවයට සංවර්ධන නිලධාරින් 500 කට ආසන්න පිරිසක් එක්ව සිටිනවා.
පාසල් සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ පවතින ගැටලූව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැතියා.
එහිදී සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බවට අවධානය යොමුව තිබෙනවා.
එවන් පසුබිමකයි පාසල් සදහා අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරින් පිරිසක් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන්නේ.
+++++++
+
+
+
+
යාවත්කාලීන කිරීම: අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට (3) තුවාල සිදුව තිබෙනවා.
ඒ අතරින් එක් (1) පොලිස් නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා ෴
+
විරෝධතාකරුවන් සිව්දෙනා (4) රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
(02.12.2024 – 16:59 +0530 – sinhala.adaderana.lk)
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උස්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා (4) දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත්කළ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන සංවර්ධන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භකළ විරෝධතාවය අතරතුර දී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
එහිදි කලහාකාරී ලෙස හැසිරුනු විරෝධතාකරුවන් සිව්දෙනෙකු (4) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) ද තුවාල සිදුවිය ෴
+
උතුරේ සැමරුම් පිළිබඳ පෝස්ට් එකක් නිසා රිමාන්ඩ් කළ අයෙකු ඇප මත මුදා හැරේ
(02.12.2024 – 10:43 +0530 – hirunews.lk/sinhala)
උතුරු ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (01) දින රක්ෂිත බන්ධනාගාර ගතකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ‘කැලුම් හර්ෂණ’ නමැති අයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග කර තිබෙනවා.
ඒ අනුව, සැමරුම් කළ අය අත්අඩංගුවට ගන්නා ලෙසත්, සැමරුම සම්බන්ධයෙන් ඡායාරූප පළකළ අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට ඇති නීතිමය ප්රතිපාදනය කුමක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
+
රුපියල් කෝටි දෙකක (2) පිළිම සොරකම
(02.12.2024 – 12:22 +0530 – sinhala.adaderana.lk)
රුපියල් කෝටි දෙකකට (2) අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ශ්‍රමණවේශධාරීන් දෙකක් (2) සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් මෙලෙස සොරකම් කර තිබුණේ කරහම්පිටිගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත්කර තිබූ ලෝහමය බුදුපිළිමයකි.
මාවනැල්ල දෙවනගල ඓතිහාසික රජමහා විහාරස්ථානයට අයත් කරහම්පිටිගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත්කර තිබූ රුපියල් කෝටි දෙකකට (2) අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් කිසියම් පිරිසක් සොරකම් කර ඇති බවට දෙවනගල රජමහා විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි විසින් පසුගියදා මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඒ අනුව සබරගමුව පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින් සොරකම පිළිබඳ විමර්ශන කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පවරනු ලැබීය.
අනතුරුව කළ විමර්ශනයේදී සොරකමට සැකපිට කිඹුල්විලවත්ත දොම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක 28 හැවිරිදි ශ්රමණවේශධාරියෙක් (1), මහනුවර මහයියාව ප්‍රදේශයේ විහාරස්ථානයක ශ්රමණවේශධාරියෙක් (1) සහ පේරාදෙණිය ගන්නෝරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අනාවරණ වී ඇත්තේ දොම්පේ විහාරස්ථානයේ ශ්‍රමණවේශධාරියාගේ සැලසුමක් අනුව සොරකම සිදුකර ඇති බවය.
සොරකම සඳහා යොදාගත් මෝටර් රථ දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴
‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 400 ක් සමග කොටු වූ සැකකරුවන්ව කොළඹ වරායට ගෙන එයි
(02.12.2024 – 12:06 +0530 – sinhala.adaderana.lk)
පසුගියදා ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක (2) සහ එහි සිටි සැකකරුවන් අද (02) කොළඹ වරායට රැගෙන ආවේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජභාහු නෞකාව එම කටයුත්ත සඳහා එක්වී තිබුණි.
ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාව විසින් අදාළ යාත්‍රා දෙක සිය භාරයට ගත්තේය.
එහි එක් (1) යාත්‍රාවක ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 400 ක් පමණ තිබූ බවත් අනෙක් යාත්‍රාව එහි සහායට ගොස් තිබු බවත් සඳහන් ය.
එම බහුදින යාත්‍රා සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිස පසුගිය 24 සහ 25 යන දිනයන්හී දී ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි.
එම ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් පසුගිය 29 වනදා ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව වෙත ඉන්දීය නාවික හමුදාව විසින් භාර දී තිබුණි.
ඒ අනුව, නාවික හමුදාව විසින් එම ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය, බහුදින ධිවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද (02) ගොඩබිමට රැගෙන ආවේය ෴
++++++
+
+
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ
(02.12.2024 – 17:36 +0530 – hirunews.lk/sinhala)
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝකර තිබෙනවා.
ඒ අනුව ලබන 10 දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024 (2025) සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් 05 සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරන බවයි පසුගිය දිනෙක ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.
නමුත් ෆෙන්ගල් සුළිකුණාටු තත්ත්වයත් සමග දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴
මනුෂව අපි දන්නේ නිකං ගෙදර ඉන්න කාලේ ඉඳන් රට යවනවා කියලා මූ අපිටත් දුන්නේ පට්ට ගේමක්. (01.12.2024)
+
ආණ්ඩුවත් බරපතල අවුලක | පාස්කු විමර්ශනයත් අනතුරේ | සියල්ල හෙළිකර පෝද්දල රටින් පිටවේ (02.12.2024)
+
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය – පළමු දිනය 2024-12-03
+
උද්ඝෝෂණවලට පහරදීමේ කුමන්ත්‍රණයක් – පොලීසියට භාරදුන් පුද්ගලයා අතුරුදන් අපි හිතුවේ නෑ මෙහෙම කරයි කියලා (03.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴