14 වසරක් පොදු දේපල අවභාවිතයක – ඇමති ලාල්ට එරෙහිව පැමිණිල්ලක්
14 වසරක් පොදු දේපල අවභාවිතයක – ඇමති ලාල්ට එරෙහිව පැමිණිල්ලක්
(23.04.2026 – lankacnews.com)
අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් පසුගිය වසර 14 තුළ රාජ්‍ය දේපළ බරපතළ අන්දමින් වංචා කර රජයට විශාල මුදලක් පාඩු කිරීම සම්බන්ධව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ විසින් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත අද දින භාර දෙන ලදි.
මෙම ලිපිය භාර දෙමින් නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ලාල් කාන්ත මහතා විසින් පාර්ලිමේන්තුවේ T10 මන්ත්‍රී නිවාසය වසර 14 ක් දිගටම භාවිතා කිරීම නිසා රාජ්‍ය දේපළ බරපතළ අවභාවිතයක් වු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන බාහිර පුද්ගලයෙකුට එසේ මන්ත්‍රී නිවාසයක් තුළ තමන්ගේ දරු පවුල සමග ජීවත් වූයේ කෙසේද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව උපතිස්ස කුමාරතුංග මහතා පැවසීය.
එසේම පහුගිය 14 වසර තුළ තමන්ගේ නැති බැරිකම් ලොවට කියාපාපු තමන්ගේ ධරිද්‍රතාවය ලොවට කියා පාපු ලාල් කාන්ත මහතා අද හිටි හැටියේ සුපිරි ධනවතෙකු වී ඇති බවත් ඔවුන්ගේ වත්කම් සහ බැරකම් පවා වංචා සහගත බවත් ඔහු සතුව ඇති වත්කම් නිසියාකාරව වත්කම් බැරකම් සටහනේ සඳහන් නොකර ඇති බවත්, තවදුරටත් සඳහන් කලා.
එසේම වසර 14 ක් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් මන්ත්‍රී නිළ නිවාසයක ජීවත් වූ ලාල් කාන්ත මහතා අමාත්‍ය ධූරයට පත් වී වසරක් වැනි කෙටි කාලයක් තුළ රු. ලක්ෂ 1000 කට ආසන්න වටිනාකමින් යුත් තෙමහල් සුපිරි මන්දිරයක් වැලිවිට ප්‍රදේශයේ ඉදි කලේ කෙසේද යන්න අද රටටම ප්‍රශ්නයක් වී ඇත.
ඒ නිසා ලාල් කාන්ත වැනි රාජ්‍ය දේපළ අවභාවිතා කරපු අයට දඬුවම් දෙන බවට ප්‍රතිඥා දුන් ගරු ජනාධිපතිතුමනි දැන් ඔන්න ඔබගේ පාරදෘශ්‍ය භාවය පෙන්වන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව කඩිනම් විධිමත් පරීක්ෂණයක් කරලා ලාල් කාන්තව නීතිය හමුවට ගෙනෙයි කියලා. හැබැයි මතක තියාගන්න මේ ආයතන වලට දාන ගොඩක් පැමිණිලි හමස් පෙට්ටියට යනවා. ඒ පැමිණිලි සම්බන්ධයෙන් වග විභායක් දෙන්න.
හැබැයි අමතක කරන්න එපා. මොන තරම් ඒ file පැමිණිලි යට කරන්න හැදුවත් අපි ඒවා සම්බන්ධයෙන් අවදියෙන් ඉන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සති දෙකක් තුනක් ඇතුළත ලාල් කාන්තට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කරයි කියලා. ඒ පරීක්ෂණ මේ පැමිණිල්ලට සාධාරණයක් වෙන තුරු නව ජනතා පෙරමුණ මේ සටන අත නොහරින බවත් අප තරයේ ප්‍රකාශ කර සිටිනවා ෴
+++
+
“අපි ගෝඨාභයත් එක්ක හැප්පිච්ච මිනිස්සු” – මිහින්තලේ හිමි බේරා ගන්න සෙට් එකක් මානව හිමිකම් එකට ගිහිල්ලා (23.04.2026)
+
ධම්මරාජ මහා බෝසතානෝ : මේ අයගේ පෙර පසු සසර කතාව – ආධ්‍යාත්මික නායකයා සොයාගැනීමට සාක්ෂි – 2026-04-23
+
ගල් අඟුරු ජනාධිපති කොමිසමේ ලේකම් ජේවීපී ගැත්තෙක් දුමින්දගෙන් හෙලිදරව්වක් (22.04.2026)
+
මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව කියලා රටක් නැතිවෙයි ! (22.04.2026)
+
ඩොක්ටර් සහතිකේ මට දුන්නෙ ඇඟේ තෙල් ගානවට – සුළු ගුළු පොඩි වෙද මහත්තයාගේ ජාවාරම (23.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴