සිසුවියන් දෙදෙනෙක් (2) වික්ටෝරියා ජලාශයට පනිති; එකියක් නැවත මෙලොවට – අනෙකිය පරලොවට

සිසුවියන් දෙදෙනෙක් (2) වික්ටෝරියා ජලාශයට පනිති; එකියක් නැවත මෙලොවට – අනෙකිය පරලොවට


සිසුවියන් දෙදෙනෙක් (2) වික්ටෝරියා ජලාශයට පනිති; එකියක් නැවත මෙලොවට – අනෙකිය පරලොවට

(24.11.2024 – 14:37 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවියක් (1) ඊයේ (24) වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති අතර ඉන් එක් (1) අයෙක් දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දියේ ගිලී අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ (23) පස්වරුවේ සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වන තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක්.

මෙම සිසුවියන් දෙදෙනා (2) අත් අල්ලාගෙන ජලාශයට පැන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මින් දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයකට පත්ව තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)


රුහුණු විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙකු පත් කෙරේ

(24.11.2024 – 18:32 +0530 – sinhala.adaderana.lk)

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා පත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අති විශේෂ ගැසට් පත්‍රයක් අද (24) නිකුත් කරමින් මෙම පත්කිරීම සිදුකර ඇත.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20-4(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙය නිකුත්කර ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව එහි සඳහන් වේ.

ඒ අනුව පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද නියමයක්, නියමාවලියක්, ප්‍රඥප්තියක්, අතුරු ව්‍යවස්ථාවක්, නියෝගයක් හෝ රීතියක් යටතේ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙත පිළිවෙලින් පිරිනමන ලද කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා හෙට (25) සිට බල පැවැත්වෙන පරිදි පත් කර තිබේ ෴


මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

(24.11.2024 – 18:29 +0530 – sinhala.adaderana.lk)

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය පවසයි.

එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා පැවසුවේ, හෙට (25) දිනයේ ද ගංවතුර තත්ත්වය පැවතුණහොත් උසස් පෙළ විභාහගයට පෙනී සිටින දරුවන්ට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් හා යුද හමුදා යුනිබෆර් රථ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා සතුව පවතින බෝට්ටු හා ට්‍රැක්ටර් රථද අවශ්‍ය පරදි යෙදවීමට සුදානම් කොට ඇති බවය.

එමෙන්ම, කිසියම් ආපදා තත්ත්වයක් හමුවේ විභාගය සඳහා ගමන් කිරීමට ගැටලුවක් පවතින්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක 041 223 4134 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත ඊයේ (23) රාත්‍රියේ සිට අද (24) පස්වරු 04:00 දක්වා කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රදේශයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බව වාර්තා වේ.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසයි ෴

++++++++

+

+


මීගමුව කළපුවට බිලි වූ පියා සහ දියණිය සොයා මෙහෙයුම්

(24.11.2024 – 15:47 +0530 – sinhala.adaderana.lk)

මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන් වී තිබේ.

පොලීසිය පැවසුවේ අද (24) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

පුද්ගලයින් 7 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර එයින් 5 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

මෙලෙස දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ 50 හැවිරිදි පියා සහ 20 හැවිරිදි දියණිය බව පොලීසිය පවසයි.

දිවි බේරාගත් 5 දෙනාගෙන් දෙදෙනෙකු (2) රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා අතර අනෙක් තිදෙනා (3) ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටවගොස් තිබේ.

අතුරුදන් වූ දෙදෙනා (2) සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි ෴

+

+


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම සෙල්ලම මෙන්න | එපා කිව්ව වැඩක් ආයෙත් කරලා | මෙන්න සංජයගේ හෙළිදරව්ව (24.11.2024)

+


නාවික හමුදාවේ සහයෙන් අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය විසින් අත්අඩංගුවට ගැනෙයි

(24.11.2024 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 23 වන දින, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට පත්වී ඇත.

මාලදිවයින් අනන්‍ය ආර්ථික කළාපය වෙත ‘අශේන් පුතා’ ලියාපදිංචි අංක IMUL-A-0924-MTR දරණ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාව ඇතුලුවී ඇති බවත්, එම යාත්‍රාව යම් දෝෂයක් හෝ ආපදාවක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට ඇතුලුවි ඇත්ද යන්න සනාථ කරන ලෙසත්, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකායේ සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සෙවිම් හා මුදාගැනිම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත 2024 නොවැම්බර් මස 23 වන දින අළුයම දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම යාත්‍රාව සම්බන්ධ නාවික හමුදාව සතු තොරතුරු පරික්‍ෂා කෙරිණි. නාවික හමුදාව සතුව පවත්නා බුද්ධි තොරතුරු අනුව, ‘අශේන් පුතා’ ලියාපදිංචි අංක IMUL–A-0924-MTR නැමැති එම බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රාවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි එම බුද්ධි තොරතුරු කඩිනමින් මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය සමඟ හුවමාරු කර ගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් ලබා දුන් එම බුද්ධි තොරතුරු අනුව, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය විසින් එරට අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුලු වී තිබූ ‘අශේන් පුතා’ ලියාපදිංචි අංක IMUL–A-0924-MTR දරණ මෙරට බහුදින යාත්‍රාවේ 2024 නොවැම්බර් මස 23 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබු අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු (05) මෙලෙස අත්අඩංගුවට ගැනීමට මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය සමත්වී ඇත.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 37 ත් අත‍ර වන දෙවිනුවර සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක්ද, නැතහොත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන යන්නක්ද යන්න පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධි අංශය සහ මාලදිවයින් බුද්ධි අංශය එක්ව සිදු කරණු ලබයි.

තවද, ධීවර කර්මාන්තය මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කලාපීය සමුද්‍රීය පාර්ශව කරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින්, නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙනු ඇත.


සෝමාලියාවෙන් පැනපු සෙට් එකක් වගේ මාලිමා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කැන්ටිමම කෑවා (24.11.2024)

+


බිහිසුණු බස් අනතුරක්.. බස් රථයක් දෙකට කැඩේ.. මගීන් රෝහලේ..

(25.11.2024 – 09:20 +0530 – lankacnews.com)

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව්දෙනෙකු (4) තුවාල ලබා (25) දින වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ උදැසන 06:40 ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.

ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවේ බස් රථය සහ හැටන් සිට මහනුවර දක්වා පෞද්ගලික බස් රථය එකිනෙක ගැටි මෙම අනතුර සිදු වි ඇත.

හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදි පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් තුවාල ලැබු සිව්දෙනාගේ (4) තත්ත්වය බරපතල නොවන බවත්, පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අනතුරෙන් පෞද්ගලික බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.

රංජිත් රාජපක්ෂ

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *