හුදෙකලා වන වයෝවෘද්ධ දෙමාපියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්
හුදෙකලා වන වයෝවෘද්ධ දෙමාපියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්
(01.06.2026 – hirunews.lk)
වර්තමාන සමාජය තුළ වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අතිශය සංවේදී මෙන්ම අත්‍යවශ්‍යම කාර්යයක් බවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
දරුවන් රැකියා සඳහා නිවසින් බැහැරව යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම හේතුවෙන් වයෝවෘද්ධ දෙමාපියන් නිවාසවල හුදෙකලා වී අවදානමට ලක්වීමේ ප්‍රවණතාවක් පසුගිය දිනවල බහුලව වාර්තා වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙනවා.
“වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එතරම් අවධානයක් යොමු නොවුනද අද තිබෙන ඉතාමත් සංවේදී වගේම අත්‍යවශ්‍යම කාර්යයක් බව ශ්‍රී ලංකා පොලිසිය හඳුනාගෙන ඇත. දරුවන් රැකියාවලට යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම නිසා මෙසේ වැඩිහිටියන් අවදානමකට ලක් වන අවස්ථාවන් පසුගිය දිනවල වාර්තා විය.
හුදෙකලාව නිවසක සිටින මොවුන් අපරාධකරුවන්ගේ පහසු ඉලක්කයක් විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව සැලකිළිමත් වීමට ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරවනු ලැබේ.
විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් මුදල් සහ රන් බඩු කොල්ලකෑම සඳහා මෙවැනි හුදෙකලා නිවාස ඉලක්ක කර ගනු ලැබේ. එහිදී ඔවුන්ගේ අපරාධමය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී ඝාතනයන්ගෙන් අවසන් වන සිදුවීම්ද මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය නිරීක්ෂණය කර ඇත.
එවැනි වයෝවෘධ සහ හුදෙකලා වැඩිහිටියන් සිටින නිවාස පිළිබඳ කටයුතු කිරීමේදී පහත කරුණු සම්බන්ධව අවධානය යොමු කල හැකිය :
- නිවස වටා රාත්‍රී කාලයට හොඳින් ආලෝකය වැටෙන ලෙස සකසා තිබීම.
- ආගන්තුකයන් ලෙස නාන්නාඳුනන පුද්ගලයන් නිවස තුළට යම් කාර්යන් සිදු කිරීම සඳහා කැඳවා නොගැනීම.
- අසල්වැසියන් සමඟ සුහදතාවය වර්ධනය කරගැනීම තුළින් අනෝන්‍යය ආරක්ෂාව සලසා ගැනීම.
- හුදෙකලාව වෙසෙන වැඩිහිටියන් පිළිබඳව ග්‍රාම නිලධාරී මහතා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කර තිබීම මඟින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු ගැනීමට කටයුතු කිරීම.
- දෙමාපියන්ට පහසුවෙන් හැසිරවිය හැකි සරල ජංගම දුරකථනයක් භාවිතා කිරීමට ලබා දීම සහ ඒ සඳහා දරුවන්ගේ සහ පොලිසියේ අංක ඇතුළත් කිරීම.
- එසේම හදිසි අවස්ථාවකදී ඇමතීම සඳහා නිවසේ අත්‍යවශ්‍ය අංක ප්‍රදර්ශනය කර තිබීම (උදා – තම වසමේ පොලිස් ස්ථානයේ අංකය, 119, සුව සැරිය ගිලන් රථය 1990, ළඟම සිටින අසල්වැසියෙකුගේ සහ පවුලේ වෛද්‍යවරයාගේ අංක විශාල අකුරින් ලියා පහසුවෙන් දර්ශනය වන ස්ථානයක ප්‍රදර්ශනය කිරීම.
- වැඩිහිටියන් සහ හුදෙකලා දෙමාපියන් බලාගැනීමට මුදලට ලබාගන්නා බාහිර පුද්ගලයන්, සුරැකුම් මධ්‍යස්ථාන හෝ ගෘහ සේවකයන්ගේ සේවය ලබා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම සම්බන්ධව පරීක්ෂා කර බලා ඔවුන් පදිංචි පොලිස් වසමෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ සේවය ලබා ගැනීම.”
දෙමාපියන් සහ වැඩිහිටියන් හුදෙකලා කිරීම අවම කර ඔවුන්ගේ ආරක්ෂාව සතුට සම්බන්ධව නිරන්තරයෙන් අවධානයෙන් සැලකිලිමත් වී යම් අපරාධයක් සිදුවීමට ඇති අවස්ථා කල්වේලා ඇතිව හඳුනා ගැනීමට බුද්ධිමත් වන ලෙස ශ්‍රි ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ ෴
සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ ‘ඩුබායි සුද්දා’ අත්අඩංගුවට
(01.06.2026 – 16:40 +0530 – sinhala.adaderana.lk)
සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ ‘රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන’ හෙවත් ‘ඩුබායි සුද්දා’ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද (1) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.
සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර, කඩුවෙල ප්‍රදේශයේ රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට උත්සහ කිරිමේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වන අතර, සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබේ.
සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන අතර, මොහු මීට පෙර කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙකි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු හෙට (02) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කිසිවෙකුට විදේශ රැකියා සඳහා බඳවාගැනීම නීතිවිරෝධි වන අතර, ඔබ හෝ ඔබගේ පවුලේ ඥාතියෙකු විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා මෙම පුද්ගලයාට මුදල් ලබාදී මෙම ජාවාරමට හසුවී ඇති අයෙකු නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 288 2229 අංකය වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි ෴
බස් සංගම් හදිසියේ මාධ්‍ය කැඳවයි – 5% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි (02.06.2026)
+
රටේ ප්‍රශ්න කියලා පොසොන් උත්සවේ මඟ හරින්න බෑ – මිහින්තලේ හිමි නිලධාරීන්ගේ මූණටම කියයි (02.06.2026)
+
ගොඩකවෙල පොලිසිය හොර ලී ලොරියක් පස්සේ පන්නන සජීවී දර්ශන (02.06.2026)
+
දොළවත්තගේ පට්ට අනාවැකිය – රනිල් ජනපති – සජිත් අගමැති (02.06.2026)
+
මේ වෙලාවේ රනිල් හිටියනම් IMF එක කියන පදේට නටන්නේ නෑ (02.06.2026)
+
ආණ්ඩුවේ අයිස් මස්සිනා ගැන සාගර සැරට කියයි (02.06.2026)
+
ජේවීපී ආණ්ඩුව මහා අමානුෂික ආණ්ඩුවක් – අනුරට මගේ වාසගම තියන එක ගැන මම ලැජ්ජයි (02.06.2026)
+
“අනේ මගේ දුව ට්‍රොලියක දාලා ඇස් දෙක ඇරන් හිටියා” – ජීවිත 6 ක් බිළිගත් ප්‍රදීප් කුමාර (02.06.2026)
+
මාතර වෙසක් ඉතිහාසයේ වැඩිම තොරණ් ප්‍රමාණය මෙවර | පුදුම සෙනඟක් මාතරට ඇවිත් | බලන්න ලස්සන දර්ශනයක් (01.06.2026)
+
එංගලන්තයේ දිදුලන වෙසක් අසිරිය, බල්බ 40,000 ක දැවැන්ත තොරණක් | Liverpool Sri Sambuddha Viharaya (02.06.2026)
+
යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි විනාශ කරයි…
(02.06.2026 – lankacnews.com)
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ බෞද්ධ සිසුන් විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කර තිබූ වෙසක් සැරසිලි සහ වෙසක් පහන් කූඩුවකට හඳුනා නොගත් පිරිසක් විසින් හානි සිදු කර තිබේ.
මැයි 31 වැනිදා රාත්‍රියේ සිදුව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝපායි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.
පූජනීය වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු සිසුන් විසින් ඉකුත් මැයි 30 වැනිදා මෙම වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කර තිබුණි. කෙසේ වෙතත්, පසුදා අලුයම වන විට ඒවා විනාශ කර ඇති බව විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව කෝපායි පොලිසිය මුලින්ම දැනුවත් කර ඇත.
පසුව ජූනි 01 වැනිදා (ඊයේ) කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ සිසුන් විසින් මේ පිළිබඳව පොලිසිය වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම විනාශකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් සහ ඊට එරෙහිව සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් සිසුන් 400 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සාමකාමී විරෝධතාවක් ද පවත්වා ඇත.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ‘සර්වජන බලය’ සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා සඳහන් කරන්නේ මෙය ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් අතර අසමගිය සහ ආතතිය ඇති කිරීමේ අරමුණින් සිදු කරන ලද සමාජ විරෝධී ක්‍රියාවක් බවයි.
“මෙම ක්‍රියාව අප දැඩි ලෙස හෙළා දකිනවා. මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් ප්‍රමාදයකින් තොරව නීතිය හමුවට පැමිණවිය යුතුයි. එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දකුණේ සිංහල සහ මුස්ලිම් සිසුන් වෙනුවෙන් අපගේ සහයෝගීතාවය පළ කරන අතර, සියලුම සිසුන්ට බියෙන් හා සැකෙන් තොරව අධ්‍යාපනය ලැබිය හැකි සුරක්ෂිත පරිසරයක් විශ්වවිද්‍යාලය තුළ තහවුරු විය යුතුයි.” යනුවෙන් ද අරුන් සිද්ධාර්ථ් මහතා අවධාරණය කර සිටියේය.
+++
යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් පහන් කූඩුවට ප්‍රහාරයක්? පොලිස් විමර්ශන ඇරඹේ (02.06.2026)
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ බෞද්ධ සිසුන් විසින් වෙසක් උත්සවය නිමිත්තෙන් ප්‍රදර්ශනය කර තිබූ වෙසක් සැරසිලි සහ වෙසක් පහන් කූඩුවකට අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වේ. මැයි 31 වැනිදා රාත්‍රියේ සිදුව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියට විරෝධය පළ කරමින් සිසුන් පිරිසක් සාමකාමී විරෝධතාවයක ද නිරත වී ඇත. මෙම සිදුවීමේ පසුබිම, සිසුන්ගේ ප්‍රතිචාර සහ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙම වීඩියෝවෙන් නරඹන්න.
+++
+
Jaffna Vesak 2026 Travel Vlog (31.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴