වෑන් රථයක් පොලිස් සැරයන් ඇදගෙන පලා යයි : රියැදුරු මත් ජාවාරම්කරුවෙකු බවට සැක
වෑන් රථයක් පොලිස් සැරයන් ඇදගෙන පලා යයි : රියැදුරු මත් ජාවාරම්කරුවෙකු බවට සැක
(02.06.2026 – hirunews.lk)
මහනුවර – මාතලේ පාරේ අකුරණ නගරයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන රියැදුරෙකු පොලිස් සැරයන්වරයෙකුට බරපතල තුවාල සිදුකර වාහනය සමගම පලාගොස් තිබෙනවා.
අද (02) අළුයම 03:00 ට පමණ අකුරණ නගරයේ ජංගම මුරසංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු වෑන් රථයක් නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබුණා.
එහිදී රථයේ ලේඛන පොලීසියට ලබාදෙන අතරතුර, රියැදුරු අසුනේ සිටි පුද්ගලයා එක්වරම ඉදිරිපස දොරේ වීදුරුව වසා දමා ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ අත ද ඊට හසුවන පරිදියි.
අත වීදුරුවට හිරවීම හේතුවෙන් පොලිස් සැරයන්වරයා ද මීටර් 30 ක් පමණ දුරක් වෑන් රථය සමග ඇදී ගොස් බිමට වැටී ඇති අතර, වෑන් රථය නොනවත්වා පලාගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මේ වන විට අකුරණ රෝහලට ඇතුළත් කර සිටිනවා.
පොලීසිය භාරයට ගත් ලියකියවිලි ඇසුරින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම වෑන් රථය මාතලේ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි.
එය කුලියට ගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට ද තොරතුරු තහවුරු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය වන අවස්ථාවේ වාහනය තුළ සැකකරු සමග කාන්තාවක ද ගමන් කර ඇති අතර, ඔවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීම සඳහා අලවතුගොඩ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා ෴
හැකර් විද්ද ඩො.මි. 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට
(02.06.2026 – 20:01 +0530 – sinhala.adaderana.lk)
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම පහක (2.5) මුදලක් වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලූ වාර්තාවක්, සිය පෞද්ගලික නිවසට එවා තිබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කරමින්, එය පාර්ලිමේන්තුවට එවන ලෙස තමා නියෝග කළ බවය.
“මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක සොරකම ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලුවා. ඒක මගේ නිවසට එවලා ‘පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි’ කියලා. වාර්තාව ඉල්ලුවේ මට පෞද්ගලිකව පරිශීලනය කරන්න නෙවෙයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කරන්න. මම එය භාරගැනීම ප්‍රතික්ෂේප කරලා. නැවතත් පාර්ලිමේන්තුව හරහා ඔවුන්ට ලැබෙන්න සැලැස්වූවා. මුදල් පිළිබඳ සොයාබැලීමේ බලය පාර්ලිමේන්තුවට ඒකටනේ මුදල් කමිටුව පත්කරලා තියෙන්නේ. වාර්තාව මට එවීම ඒ වගකීම මුදල් කමිටුවෙන් උදුරාගැනීමක් . එහෙම වෙන්න බැහැනේ, එහෙම වෙන්නේ කොහොමද? මුදල් කමිටු සාමාජිකයන්ගේ එකඟත්වය මත මම නියෝග කළා. හෙට නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස. එය ලැබුණු පසු අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට හැකිවිය යුතුයි.”
+
අනුරගේ කයිවාරුව වගේද, මෝඩ ආණ්ඩුවේ තෙල් කෙරුවාව (02.06.2026)
+
පල්ලේගම හේමරතන නොදුටු දසුන් එප්ස්ටයින් සහ අල්ගොරිදම් (02.06.2026)
+
කළුතර වෙඩි තැබීම සිද්ධ කලේ බෝංචියා!වෙඩික්කරු හඳුනා ගැනේ! (02.06.2026)
+
රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? උද්ධමනය 7% යි (02.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴