වෑන් රථයක් අලියෙකුගේ ගැටී කතක් (01) මරුට : තවත් 15 කට තුවාල
(01.06.2026 – hirunews.lk)
පොලොන්නරුව සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ වෑන් රථයක් වනඅලියෙකුගේ ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක (01) මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (01) අලුයම බඳනාගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි සිරිපුර පොලිසිය පැවසුවේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, නාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.බී. කරුණාවතී නැමැති 54 හැවිරිදි කාන්තාවක්.
පොලිසිය සඳහන් කළේ නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් 16 දෙනෙකු පොලොන්නරුව ප්‍රදේශයේ වන්දනා චාරිකාවක ගොස් නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
බඳනාගල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරහා මාරු වීමට තැත් කළ වනඅලියෙකුගේ වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූවන් අතර අවුරුදු 5 ක දරුවෙකු සහ මාස 10 ක පමණ වයසැති බිළිඳෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසු වූ අනෙක් පිරිස පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (01) අලුයම 4 ට පමණ කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය තහවුරු කළේ ෴
ගුවන්තොටුපළ – මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව යළි ආරම්භ කෙරේ
(01.06.2026 – 14:09 +0530 – sinhala.adaderana.lk)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මාකුඹුර අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට වළි ආරම්භ කර තිබේ.
ගුවන්තොටුපොළ භාවිත කරන දේශීය සහ විදේශීය මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම, සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම සේවාව ක්‍රියාත්මක කරයි.
මගී ජනතාවට උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීමේ අරමුණින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර සේවාවේ කාර්යක්ෂමතාව සහ මගී පහසුව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ඇත.
මෙම සේවාව මගින් ගුවන්තොටුපොළට පැමිණෙන සහ ගුවන්තොටුපළින් පිටවන මගීන්ට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත සහ එහි සිට ගුවන්තොටුපළ දක්වා සුවපහසු හා කඩිනම් ගමන් පහසුකම් සැලසෙනු ඇත.
මෙහි ගමන්ගාස්තුව රුපියල් 410 ක් වන අතර ගමන් කාලය මිනිත්තු 50 ක් පමණ වන බවද වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම සේවාව මගින් ගුවන්තොටුපළට පැමිණෙන සහ ගුවන්තොටුපළින් පිටවන මගීන්ට මාකුඹුර බහුවිධ මාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත සහ එහි සිට ගුවන්තොටුපළ දක්වා සුවපහසු හා කඩිනම් ගමන් පහසුකම් සැලසෙනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.
උදෑසන 05:15 සිට සවස 06:30 දක්වා සෑම විනාඩි 45 කට වරක් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ගුවන්තොටුපළ වෙත පැමිණෙන සහ ගුවන්තොටුපළින් පිටවන මගීන්ට වඩාත් පහසු, විශ්වාසනීය සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇති අතර ගුවන්තොටුපළ හා ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම තුළින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයට ද ධනාත්මක දායකත්වයක් සැලසෙනු ඇති බවද අමාත්‍යාංශය අපේක්ෂා කර තිබේ ෴
කොටදෙනියාවේ මාරක ලිදක මාරක අනතුරක් සිද්ධ වෙලා (01.06.2026)
+
කන්ටේනර් ගාස්තුත් 5% වැඩි වෙයි – රට ඉදන් ගේන හාල් ඇටේ පවා වැඩි වෙනවා (01.06.2026)
+
අනුර කුමාර තියලා බලන්නකෝ ඡන්දේ – කුජීත වෙන්නම මාලිමාව පරාදයි – සමන් රත්නප්‍රිය ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (01.06.2026)
+
කුලී රථ රියැදුරුගේ ගෙල මිරිකා මුදල් කොල්ල කෑ සැකකරු රිමාන්ඩ්
(01.06.2026 – hirunews.lk)
කුලී ගමනක් යන අවස්ථාවේදී කුලී කාර් රථයේ රියැදුරුගේ ගෙල මිරිකා රුපියල් 38,500 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (01) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් වැලිකඩ පොලිසිය සඳහන් කර සිටියේ රාජගිරියේ ප්‍රදේශයේදී පැමිණිලිකරුගේ කාර් රථයට මෙම සැකකරු කුලී ගමනක් කෑම සඳහා ගොඩ වූ බවට කරුණු හෙලි වු බවයි.
ඉන්පසුව ටික දුරක් ගිය පසු මෙම රියැදුරාගේ ගෙල මිරිකා රුපියල් 38,500 ක මුදලක් කොල්ල කා ඇති බවට පැමිණිල්ලේ සඳහන් බවට පොලිසිය සඳහන් කළේ.
සිද්ධියට අදාලව වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වූවා ෴
ශාපයක් නිසාද මේ..? අනුරාධපුරේ කොණක සැඟවුණු අද්භූත ගම්මානය..? තිනිපිටිගම (01.06.2026)
+
දඹුළු විහාරයේ ඉදිකෙරු දැවැන්ත තොරණට එළිය දෙන අවුරුදු 17 ක පොඩි කොල්ලා (01.06.2026)
+
සයිලාන්සර් කපලා නම්බර් ප්ලේට් නවලා මොඩිෆයි කරලා – සෙල්ලම් දැම්ම බයික් 50 ක් වෙසක් දවසේ පොලිස් භාරයට (01.06.2026)
+
“උඹලට බෑ මයේ අම්මා, උඹලා අත ඇරපල්ලා මේක, උඹලට උණ ගැනෙන්න එදාට දෙයි” ඉත්තෑකන්දේ හිමි අදත් සැරට නෙලයි (01.06.2026)
+++
රැල්ලක් හදන්න යනවා පන්සල් වහන්න – ජෙපි හිපාටුවන්ට පුළුවන්ද පන්සල් වහන්න (01.06.2026)
+
88/89 වෙච්ච බිහිසුණු අත්දැකීම් මවක් තිස්සකුට්ටිට හෙළි කරයි (01.06.2026)
+
ආණ්ඩුව මිනිස්සු එක්ක කරන අළුත් සෙල්ලම – ඩීසල්වල නම වෙනස් කරලා වැඩි ගාණට විකුණනවා (01.06.2026)
+
තව දවසක මාව CID එකට කැඳවනවා – එදාට 159 ම උසාවියට එන්නකෝ (01.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴