මවගෙන් දරුවාට රෝග බෝවීම වැළැක්වීමේ ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ වැඩසටහන අද (01) සිට ඇරඹේ

මවගෙන් දරුවාට රෝග බෝවීම වැළැක්වීමේ ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ වැඩසටහන අද (01) සිට ඇරඹේ


මවගෙන් දරුවාට රෝග බෝවීම වැළැක්වීමේ ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ වැඩසටහන අද (01) සිට ඇරඹේ

(01.06.2026 – hirunews.lk)

මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV), උපදංශය (Syphilis) සහ හෙපටයිටිස් – බී (Hepatitis B) වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා වන ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple Elimination) ජාතික වැඩසටහන අද (01) සිට දිවයිනේ සියලුම මාතෘ සායනවලදී නිල වශයෙන් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද (01) සිට ඉදිරියට දිවයිනේ ඕනෑම මාතෘ සායනයකට ලියාපදිංචි වන සියලුම ගැබිණි මව්වරුන්ගේ රුධිරය, හෙපටයිටිස් – බී වෛරසය තිබේදැයි සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මවගෙන් දරුවාට HIV සහ උපදංශ රෝගය බෝවීම වැළැක්වීම සඳහා රුධිරය පරීක්ෂා කිරීමේ ‘ද්විත්ව තුරන් කිරීමේ’ (Dual Elimination) වැඩසටහන කලක සිට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වුණා.

එම සාර්ථකත්වය අගයමින්, මවගෙන් දරුවාට HIV සහ උපදංශය සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට නිල සහතිකය පිරිනමා තිබුණා.

එතැන් පටන් අඛණ්ඩවම මෙම සාධනීය සහ ප්‍රශංසනීය තත්ත්වය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමටද ලක් වුණා.

එම සාර්ථක පියවරෙහි මීළඟ අදියර ලෙසයි හෙපටයිටිස් – බී වෛරසයද ඇතුළත් කරමින් මෙම “ත්‍රිත්ව තුරන් කිරීමේ” වැඩපිළිවෙළ අද (01) සිට රට පුරා ක්‍රියාත්මක කරනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴


අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයෙකු යළිත් රිමාන්ඩ්

(01.06.2026 – hirunews.lk)

අන්තර්ජාලය හරහා රැවටීමට ලක් කර ත්‍යාග පාර්සල් ලබා දෙන බව පවසා රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට (1,15,00,000) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයෙකු ලබන 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.

මෙම සැකකරු නයිජීරියානු ජාතිකයන් සමඟ එක්ව ලංකාවේ සිට මෙම ජාවාරම සිදු කරන බවත් වෙනත් නයිජීරියානු ජාතිකයෙකු විසින් මෙම ජාවාරම මෙහෙය වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැන්වුවා.

සැකකරු සන්තකයේ තිබු බැංකු කාඩ් පත් රාශියක් අත්අඩංගුවට ගත් බවත් එම ගිණුම් තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.

ලංකාව තුළ සිටින වෛද්‍යවරුන්, විධායක පන්තිවල ඉහළ තනතුරුවල සිටින පුද්ගලයන්, වයස 35-40 ත් අතර කාන්තාවන් මෙම කූට ජාවාරමට හසු වී තිබෙන බවද විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් කරුණු දැක්වුවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


මුළු මාතරම හැඩ කරන තොරණ් 20 මෙන්න දැකපු ගමන් පිස්සු හැදෙන ඩ්‍රෝන් දර්ශන පෙල (01.06.2026)

+


රටම බිලි ගන්න අති භායානක වෛරස් රෝග ගැන ඇඟ හිරි වැටෙන කතාව මෙන්න (01.06.2026)

+


සහනාධාර තව මාසයයි ? ඊට පස්සෙ මොකද වෙන්නෙ ? තෙල් සංස්ථාවේ සභාපති ඇයි දැන් මේ කෙඳිරි ගාන්නෙ (01.06.2026)

+

කටින් කයිවාරු, #කෙන් අච්චාරු කියන්නෙ මේවට තමයි (01.06.2026)

+

ටිල්වින්ගේ යාලුවො එවන සල්ලිවලින් තමයි දැන් රට දුවන්නෙ… මාසෙකට ඩොලර් බිලියන ගණන් (01.06.2026)

+

අන්තිමට අපට ඉතුරු වුණේ, දිලිත්ගේ රොටි දන්සැල විතරයි… 10 වෙනි ජනාධිපති කියන දෙයක් තමයි (01.06.2026)

+


කළුතර ඝාතනයේ මහ මොළකරු ඉම්රාන් වලානෙන් අල්ලයි! ඝාතනයට ඇත්තම හේතුව පොලිස් ඔත්තුවක ද? (01.06.2026)

+


පක්ෂ මාරු පනත නොදන්නාකමද? වංචාවද? (01.06.2026)

+

සිස්ටම් කඩා බලය රැක ගැනීම ආණ්ඩුවේ අවසන් අදියර (01.06.2026)

+


තෙල් මිල ගැන ජනපති නව මාධ්‍ය අධ්‍යක්ෂගෙ කතා වලට අපි හිනා වෙන්න ඕන නැද්ද? (01.06.2026)

+

වෙසක් දා රෑ කරපු කැත වැඩේ! නාමල් 2029 ට ලෑස්තියි? (01.06.2026)

+


අනුර දිසානායකට යැංකි ඩිකී වැහෙයි! (01.06.2026)

+


ශ්‍රී මහා බෝධියේ විහාර මන්දිරයේදී පොලිස් කොස්තාපල්වරියකටත් අතවර කර සිද්ධිය යටගහලා (01.06.2026)

+

සලේගේ බිරිඳ ජනපති අනුරට යැවූ ලිපියේ සැඟවුණු කතාවක් | ජනපති අනුරගේ ප්‍රතිචාරය (01.06.2026)

+


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – මහ බැංකු අධිපති (01.06.2026)

+


Hiru TV Salakuna Live | Dayasiri Jayasekara| Episode 531 | 2026-06-01

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *