වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ ‘නිධාන ගල’ කැබලි කරයි

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ ‘නිධාන ගල’ කැබලි කරයි


වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ ‘නිධාන ගල’ කැබලි කරයි

(23.11.2024 – lankadeepa.lk)

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ විය.

මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ (22) පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තත් තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද (23) තුන්වෙනි (3) දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරේ

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවකින් පසු මෙම ගල් කුට්ටිය කැඩීමට පියවර ගැනිණි.

අදාල නිලධාරීන් මෙම ස්ථානය වටා රැස් වී සිටිමින් එය නිරීක්ෂණය කරමින් පවතින අතර පොලිස් අපරාධ ස්ථාන පරක්ෂක නිලධාරීන් විසින් එහි ඡායාරූපගත කිරීමේ කටයුතුද කරමින් පවතී.

+

+++

වේයන්ගොඩ නිදන් කතාවේ සැඟවුණු රහස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙළි කරයි (23.11.2024)

+

+


රුපියල් කෝටි හතහමාරේ කොල්ලකරුවන්ගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

(23.11.2024 – 19:27 +0530 – sinhala.adaderana.lk)

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක (7,50,00,000) මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) ඉන්දියාවට පළායෑමට උත්සාහ දරා ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරක මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වැනිදාය.

ඒ පිළිබඳව ගම්පහ කොට්ඨාස මර්දන විමර්ශන ඒකකය වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

එහි ප්‍රධාන සැකකරු වන 37 හැවිරිදි ‘තුෂාර ඉන්දික සොයිසා’ කටානේ පදිංචිකරුවකුවන අතර අනෙක් සැකකරු 40 හැවිරිදි උඩුගම්පල පදිංචි ‘සමන් රණසිංහ’ නම් අයෙකි.

සැකකරුවන් දෙදෙනා (2) කොල්ලය සිදුකර මුදල් රැගෙන යන අතරතුරදී ඉන් රුපියල් කෝටි තුනහමාරක (3,50,00,000) පමණ මුදලක් තවත් අයෙකුට ලබාදී තිබූ අතර ඔහුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේ අදාළ මුදල්ද සමගිනි.

ඔවුන් දෙදෙනා (2) කොල්ලය සිදුකර කුරුණෑගල සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

සීසීටීවී දර්ශන රැසක් පරීක්ෂා කිරීමෙන් එම තොරතුරු සොයාගෙන ඇති අතර පොලීසිය අදාළ ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් දෙදෙනා (2) එහි සිට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් නාගදීපය දක්වා ගොස් ඇති බවය.

ඒ අතරතුර කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා (2) මහමග රැඳී සිටි අයෙකුගෙන් ඇමතුමක් ලබාගැනීමට බව පවසා ජංගම දුරකතනයක් ඉල්ලාගෙන පසුව එය රුපියල් දස දහසක (10,000) මුදලකට මිලදීගෙන තිබේ.

ඊට අදාළ සීසීටීවී දර්ශන පෙළක් ද මාධ්‍ය වෙත නිකුත්කර තිබුණි.

පසුව සැකකරුවන් දෙදෙනා (2) නාගදීපය විහාරස්ථානයට ගොස් පිරිකර 8 ක් පූජා කර නැවත යාපනය නගරය වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා (2) නාවික හමුදා සෙබලු කණ්ඩායමක් සමග ද කතා බහකර තිබුණද ඔවුන්ව එම අවස්ථාවේදී හඳුනාගැනීමට හැකිවී නොමැත.

පසුව රුපියල් එක් ලක්ෂ විසි දහසක (1,20,000) මුදලක් අදාළ කුලී රථයට සැකකරුවන් දෙදෙනා (2) විසින් ලබාදී තිබේ.

පසුව පොලීසිය අදාළ මෝටර් රථයේ රියදුරුට දුරකතන ඇමතුමක් ගෙන සැකකරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී ඔහු පරස්පර පිළිතුරු ලබාදී තිබේ.

පසුව අදාළ රියදුරු හා ඔහුගේ සහායකයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ, සැකකරුවන් දෙදෙනාව (2) පොලීසිය සොයන බවට දැනුම්දීමෙන් පසුව ඔවුන් පළාගිය බවය.

එලෙස පළායන සැකකරුවන් දෙදෙනාගේ (2) සීසීටීවී දර්ශන පෙළක් ද මාධ්‍ය වෙත නිකුත්කර තිබුණි.

පොලීසිය සැක පලකරන්නේ සැකකරුවන් දෙදෙනා (2) යාපනය හරහා ඉන්දියාවට පාලයෑමට උත්සාහ දරා ඇති බවය.

ඒ අනුව එය වැළැක්වීම සඳහා සියලු කටයුතු යොදා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

+


මාලිමා ආණ්ඩුවට ලොකු බලපෑමක් – අන්තරේ රතු එළි දල්වයි – අද එළියේ ඇවිලුණු අළු යට සැඟවුණු ගිනි (23.11.2024)

+


බෞද්ධයො මාලිමාවට ඡන්දෙ දුන්නේ මේ දේවල් කරන්නද? (24.11.2024)

+

https://www.canadiantamilcongress.ca/press-releases/dear-president-anura-kumara-dissanayake/


උතුරේ ගංවතුර.. කිඹුල්ලු පාරවල්වල පීනති..

(24.11.2024 – 17:30 +0530 – lankacnews.com)

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කළමනාකරන ඒකක පවසා සිටිති.

මේ අනුව ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ බලපෑම එල්ල වී ඇත්තේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී ජනතාවයි.

මෙහිදී මන්නාරම දිස්ත්‍රීක්කයේ පවුල් 2063 කට අයත් පුද්ගලයින් 7854 දෙනෙකුද, යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1904 කට අයත් පුද්ගලයින් 7025 දෙනෙකුද, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 111 දෙනෙකුට අයත් පුද්ගලයින් 365 දෙනෙකුද, මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 84 කට අයත් පුද්ගලයින් 226 දෙනෙකුද පීඩාවන්ට පත්ව සිටින බවට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල සිටියදී වනජීවි නිලධාරීන් සහ අසල්වසීන් විසින් ඔවුන් අල්ලා මුද හැරීමට කටයුතු කොට ඇති අතර ජනතාවට පරික්ෂාකාරීව සිටින ලෙසට දැනුම් දී ඇත.

සතියකට ආසන්න කාලයක් නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇති ව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩ වැඩිවිය හැකි බැවින් විපතට පත්වන ජනතව සහ දේපල ප්‍රමාණයන් ඉහල යා හැකි බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ බාර ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.

වන්නි රොමේෂ් මධුෂංක

+

+


නීතීඥවරියගේ රුපියල් කෝටි එකහමාරක (1½) මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට

(24.11.2024 – lankadeepa.lk)

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට (1,50,00,000) ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන් අදාල නිවසේ සේවය කරන ලද මෙහෙකාරිය ඇතුලු දෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කොල්ලකෑමට ලක් වූ නිවසේ හිමිකරිය යපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතීඥවරියක් වන අතර ඇය නිවසේ නොමැති අවස්ථාවක මීට දින කිහිපයකට පෙර රන් පවුම් 40 කට අධික ප්‍රමාණයක් සහ නීතීඥවරියගේ යතුරුපැදිය කොල්ලකෑමට ලක්ව තිබුණි.

පසුව නීතීඥවරිය විසින් යාපනය පොලීසියේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ පරික්ෂක්ෂණයක් ආරම්භ කරන ලදි.

එහිදී නීතිඥවරියගේ නිවසේ මෙහෙකාරිය පිළිබඳව සැක පලවීමත් සමග ඇයගේ දුරකතන දත්තයන්ද ගෙන සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙලි වී ඇත්තේ මෙහෙකාරිය විසින් නීතීඥවරිය නොමැති අවස්ථාවක ඇගේ ඥාතියෙකුට ඒ පිළිබඳව දැනුම් දී මෙම කොල්ලකෑම සිදුකොට ඇති බවයි.


අපාරාධයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11 ක් මාට්ටු

(24.11.2024 – lankadeepa.lk)

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා හෝ පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු (2) ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනෙකු (11), මෝටර් රථ තුනක් (3), කැබ් රථයක් (1) සමඟ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්වූ අය අතර සිටි යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරයකුට පළඳින නිල ඇඳුම් කොටස් හා ව්‍යාජ ලෙස සකසා ගත් හැඳුනුම්පතක් සහිත පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, යුද හමුදාවේ සේවයෙ නියුතු අනෙත් දෙදෙනා (2) ත්‍රිකුණාමලය හෙන්ද්‍රික් බලකොටුවේ ආරක්‍ෂාවේ නිරත වන පුද්ගලයන් බවට අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා (8) යක්කල, පාදුක්ක, ගලේවෙල, මිල්ලවාන, තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ විනයාරක්ෂක බලකා නිලධාරීන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරකට අනුව වැලිකන්ද පොලිසිය හා එම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය කරන ලද පරීක්ෂණ වලට අනුව යුද හමුදාවේ බ්‍රිගේඩියර් නිල තනතුර දරන බවට පෙනී සිටි පුද්ගලයා යුද හමුදාවේ සිටි පුද්ගලයෙකු නොවන බවද හෙළි වී තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *