‘ඊළාම් ඩයස්‌පෝරා’ නිකායේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..
‘ඊළාම් ඩයස්‌පෝරා’ නිකායේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..
(23.11.2024 – 03:10 +0530 – lankacnews.com)
සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ ‘අවධාරණය’ බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ‘ජාතික නිදහස් පෙරමුණේ’ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මොරටුව නගර සභාවේ හිටපු මන්ත්‍රී සුරේෂ් ඉන්දික, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ යන මහත්වරු ද එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම ජාතිවාදයට පමණක් නොව එහි විසකුරු ප්‍රකාශනයක් වන බෙදුම්වාදයට ද විරුද්ධ ජනවරමක් බව උතුරේ ජනතාව මැනවින් සනාථ කර ඇති බවත් ඊට හොඳම නිදසුන වන්නේ උතුරේ ජනතාව විසින් ප්‍රකට දෙමළ බෙදුම්වාදියෙකු මෙන්ම ඊළම තම එකම සිහිනය බවට පත් කරගත් ‘එම්.ඒ. සුමන්තිරන්’ මෙවර මැතිවරණයෙන් ගෙදර යැවීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක මැතිවරණ ප්‍රතිඵල අනුව සකලවිධ ආගමික අන්තවාදයන් ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පෙනී යන බවත් ‘රවුෆ් හකීම්’ වැනි ආගමික අන්තවාදී මහජන නියෝජිතයන් මෙවර පාර්ලිමේන්තු මනාප කඩඉම පසු කර ඇත්තේ ඉතා අපහසුවෙන් බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
නමුත් ‘ඊළාම් ඩයස්‌පෝරාව’, ‘ජාතික ජන බලවේගය’ට ලැබුණු ජනවරම වැරදි ආකාරයට අර්ථගන්වා තම බෙදුම්වාදී අරමුණු සපුරා ගැනීමට එය ‘ඉනිමඟක්’ කර ගැනීමට උත්සාහ කර ගනිමින් සිටින බවට ඒ මහතා මෙහි දී අනතුරු ඇඟවූයේය. ඒ බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පතමින් ‘කැනේඩියානු දෙමළ කොංග්‍රසය’ යොමු කළ සුබ පැතුම් ලිපියෙන් මනාව පැහැදිලි වන බව ද සමරවීර මහතා කීය. එම ලිපියේ සඳහන් ඉල්ලීම් අතර ‘පොලිස් බලතල සහිතව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම, බෙදුම්වාදය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිර විහාරස්ථාන සංවර්ධනය සහ ආරක්‍ෂා කිරීම නතර කිරීම’ වැනි දෙමළ බෙදුම්වාදී වුවමනාවන් ඇතුළත් බව ද සමරවීර මහතා වැඩිදුරටත් කීය.
එසේම ‘ඊළාම් ඩයස්‌පෝරාවේ’ අනුග්‍රහයෙන් ‘දන් වළඳන’ ඊනියා භික්ෂූන් කිහිපදෙනකු දැන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම, රණවිරු දඩයම, උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම හා ත්‍රිවිද හමුදා දුර්වල කොට, දුර්මුඛ කිරීම අරමුණු කරගත් ‘හිමාලයා ප්‍රකාශනය’ නම් වූ ව්‍යාපෘතියක් ජාතික සමගියේ මුවාවෙන් ජනාධිපතිවරයාට භාරදීමේ උත්සාහයක නිරත වන බව ද මහතා අනාවරණය කළේය.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
+
පගා දුන්නොත් බස් රථවල මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගුයි..
(23.11.2024 – 02:07 +0530 – lankacnews.com)
මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන සියළුම පෞද්ගලික බස් නැවතුම්පොලවල් වල සේවය කරන නිලධාරින්ට අයථා ලෙස මුදල් ලබාදිමක් සිදු කලහොත් එසේ මුදල් ලබාදෙන පෞද්ගලික බස් රථ වල නිකුත් කර ඇති මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගු කිරිමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති බි.එස්.කේ. ලංකේෂ්වරන් මහතා විසින් සියළුම පෞද්ගලික බස් රථ හිමියන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලිපියක් මගින් දැනුම් දි ඇත.
මධ්‍යම පළාතේ පෞද්ගලික බස් නැවතුම්පොල් වල සේවය කරන නිලධාරින් සහ වේලාසටහන්කරුවන් පෞද්ගලික බස් රථ හිමියන්ගෙන්, රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවරුන්ගෙන් මුදල් අල්ලස් සහ කප්පම් ලබා ගන්නා බවට මාධ්‍යම මගින් බස් රථ හිමියන්ගෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන් වෙත තොරතුරු ලැබි ඇති බවද සභාපතිවරයාගේ ලිපියේ සදහන් කර ඇත.
පොදු මහජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වල ප්‍රවාහන සේවාව සැපයිම සදහා පෞද්ගලික ආයෝජකයන් ලෙස ඉදිරිපත් වි කරන සේවාව සම්බන්ධයෙන් අගය කරන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරිම තුලින් සමස්ත මහජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ථ සේවායක් ලබා දිම සහ විනයගරුක පොහොසත් රටත් බිහි කිරිම රජයේ අරමුණ බවද එම ලිපියේ සදහන් කර ඇත.
බලපත්‍ර ලබාගැනිම, බලපත්‍ර දිර්ඝ කර ගැනිම, අංක සංශෝධනය, දත්ත සංශෝධනය වැනි බලපත්‍රවලට අදාල රාජකාරි ඉටු කර ගැනිමේදි ආයතනය වෙත ගෙවිය යුතු මුදලට අමතරව විශාල මුදලක් එම නිලධාරින් වෙත අල්ලස් වශයෙන් ලබාදෙන බවට තමන්ට වාර්තා වි ඇති බවද සභාපතිවරයා නිකුත් කර ඇති ලිපියේ සදහන් කර ඇත.
තවද මධ්‍යම පළාතේ පෞද්ගලික බස් නැවතුම්පොලවල් වල සේවය කරන නිලධාරින්ට සහ වේලා සටහන්කරුවන්ට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් වැටුප් සහ දිමනා ලබාදෙන බවත්, එවැනි තත්ත්වයක් තිබෙන විට එම නිලධාරින්ට මෙසේ මුදල් ලබා දිම දුෂණ විරෝධි පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද ලිපියෙන් පෙන්වා දි ඇත.
හැටන් බස් නැවතුම්පොලේ සේවය කරන නිලධාරින් සහ වේලාසටහන්කරුවන් විසින් මෙසේ අල්ලස් සහ කප්පම් මුදල් ලබා ගන්නා බවට අවස්ථා කිහිපයකදිම මාධ්‍ය මගින් හෙලිදරව් කර ඇත.
දුෂණ වංචා පිටු දැකිම නව රජයේ අරමුණ බැවින් ඒ සදහා සක්‍රිය දායකත්වය ලබාදෙන ලෙසද මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා මධ්‍යම පළාතේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසගෙන් ඉල්ලා සිටියි.
රංජිත් රාජපක්ෂ
‘යාපනේ ආවා කල්ලිය’ පසුපස ඉන්නේ යුද හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවයන්නේ හමුදාකඳවුරටයි.. – මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්
(22.11.2024 – 22:22 +0530 – lankacnews.com)
යාපනයේ ක්‍රියාත්මක ‘ආවා’ කණ්ඩායමේ පසුපස සිටින්නේ යුද හමුදාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් සඳහන් කරයි.
‘ආවා’ කණ්ඩායම විසින් කිසියම් ප්‍රචණ්ඩකාර ක‍්‍රියාවක් සිදුකිරීමෙන් පසු පැන දුවන්නේ හමුදා කඳවුරක් තුළට යන බවද ඔහු චෝදනා කරයි.
මෙම තොරතුරු පුවත්පත් ඇතුළු මාධ්‍යයන් ගණනාවකම වාර්තා කර තිබූ බවද හෙතෙම කියා සිටී.
ඒ මහතා මෙම අදහස් පල කරන්නේ ‘හිරු රූපවාහිනී නාලිකාවේ’ සාකච්ඡාවකට එක්වෙමිනි.
+++
+++
නවක මන්ත්‍රී අර්චුනාට රාමනාදන්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ…
(22.11.2024 – 17:31 +0530 – lankacnews.com)
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මන්ත‍්‍රීවරයා විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදීම මන්ත‍්‍රීවරුන්ට අසුන් වෙන් කර නොතිබූ බැවින් මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබින.
එහිදී මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවීම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරියෙක් සමග වාදයකද පැටළුනි.
+++
+++
අලුත් මන්ත්‍රීව අත්අඩංගුවට ගත් ආකාරය (23.11.2024)
+
නීතිපති මහර සිරකරු ඝාතන නඩුගොනුව වසාදැමීම පුදුම සහගතයි – වැලිසර මහෙස්ත්‍රාත්
(22.11.2024 – 20:05 +0530 – sinhala.adaderana.lk)
2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩුගොනුව වසා දැමීම පුදුමය දනවන්නක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (22) ප්‍රකාශ කළේය.
එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් කියා සිටියේ, ජනතාව පිළිගත යුත්තේ අධිකරණ නියෝගද ? නැතිනම් නීතිපති මතයද යන්න මෙම සිදුවීමේදී ප්‍රශ්නගත වී ඇති බවයි.
කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වෙනිදා මහර උද්ඝෝණයක් කළ මහර බන්ධනාගාරයේ රැඳවියන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණි.
එම රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට සිදුවූ වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වූ අතර, එහිදී මහෙස්ත්‍රත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා පැවසුවේ, එය අපරාධයක් බවයි.
එම වෙඩිතැබීම අවම බලය භාවිත කිරීමක් ලෙස සැලකිය නොහැකි බැවින් වහාම වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එම අධිකරණය නියෝග කළේය.
එවැනි පසුබිමක ඉකුත් සැප්තැම්බර් 26 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් සහිත ලිපියක් ඉදිරිපත් කරමින් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ අදාළ නඩුගොනුව වසා දමන ලෙසය.
නමුත්, අදාළ නඩුගොනුව එකවර වසා දැමීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර අගතියට පත් පාර්ශ්වයට දැනුම්දීමට අද (22) නඩුව යළි කැඳවා තිබුණි.
“මට මතකයි මේ නඩුවේ මුල් අවස්ථාවේදිම පැමිණිල්ල මේ කොරෝනා ආසාදිත පුද්ගලයින් කියා මෘත ශරීර පුළුස්සා විනාශ කරන්න හැදුවා. අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් නිසයි එය වැළකුණේ. පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා මෙම මරණ 11 ම සිදුව ඇත්තේ උදරයෙන් ඉහළට සිදුව ඇති වෙඩිවැදීම් නිසා කියලා. එය කලහකාරී තත්ත්වයක් පාලනයට අවම බලය භාවිත කිරීමක් ලෙස කිසිසේත්ම සලකන්න බැහැ. ඒ නිසයි අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා මා නියෝග කළේ. නමුත් නීතිපතිවරයා යොමුකළ උපදෙස් ලිපියේ කියන්නේ බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකාය නිත්‍යානුකූලව කටයුතු කළා කියලා. එය පුදුම සහගතයි. මෙතනදී පැහැදිලිව මගේ නියෝගයයි, නීතිපතිගේ මතයයි අතර ගැටීමක් සිදුවෙනවා. මෙය කිසිසේත්ම නඩු නිමිත්තක් නැහැ කියන්න පුළුවන් සිදුවීමක් නොවෙයි. මෙම අවස්ථාවේත් අධිකරණයේ මතය මේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ එන “මිනිමැරුම” හෝ 298 වගන්තියේ එන “නොසැලිකිලිමත්කමින් මරණය සිදුකිරීම” යන වරද යටතේ චෝදනා ගොනුකළ හැකියි යන්න. නමුත් මෙම අධිකරණයට නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් නැහැ. ඔබට කළ හැකි එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කරන්න”
මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතාද විවෘත අධිකරණයේ කරුණු දැක්විය :
“ස්වාමිනි, නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය අතීශයින්ම ප්‍රශ්න සහගතයි. ස්වාමිණී බන්ධනාගාර ආඥා පනතේ 77 වගන්තිය යටතේ බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි භාවිත කරන්න පුළුවන් සිරකරුවන් පැනයාමට උත්සාහ කළ අවස්ථාවකදී පමණයි. එහෙත් මෙම සිරකරුවන් PCR ඉල්ලා උද්ඝෝෂණ කළා මිස පැනයාමට උත්සාහ කළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. අනික එම පනතට අනුව සිදුවිමක් පාලනය කරන්න වෙඩි තැබුවත්, මරණයක් සිදුකරන්න බැහැ. අනික ගිනිඅවි ක්‍රියාත්මක කරන්න කළින් නීතියට අනුව අහසට වෙඩි තියා සංඥාවක් කළ යුතුයි. මෙහිදී එවැන්නක් සිදුවූ බවටද සාක්ෂි නැහැ. එහෙම තත්ත්වයක කොහොමද ස්වාමිනි මේ නිලධාරින්ගේ ක්‍රියාකලාපය රාජකාරී සීමාවේ සිදුකළ ක්‍රියාවක් වෙන්නේ. මේක නරක පූර්වාදර්ශයක්. ජනතාව පිළිගන්න ඕනේ අධිකරණ නියෝගය ද? නැතිනම් CIDයේ හෝ නීතිපතිගේ මතයද? මෙහිදී නීතිපතිගේ නියෝගයෙන් වින්ධිත පාර්ශ්වයට බරපතළ අගතියක් සිදුවෙනවා. යුක්තිය සහ නීතිය අපගමනය කරන්න නීතිපතිට බැහැ.”
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විසින් නඩුව දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට දින නියම කළේය.
+
‘රටවිරුවන්’ට ලැබෙන විදුලි වාහන බලපත්‍ර දහසකට (1000) අධික සංඛ්‍යාවක් අවභාවිත කරලා
(23.11.2024 – 14:13 +0530 – sinhala.adaderana.lk)
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර දහසකට (1000) අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත වී ඇති බව ‘ජාතික විගණන කාර්යාලය’ පවසයි.
විගණකාධිපති ඩබ්ලිව්.පී .සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් මේ වනවිටත් පාර්ලිමේන්තුවට භාර දී ඇති බවය.
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් එවනු ලබන ප්‍රේෂණ හරහා මෙරට ආර්ථිකයට හිමිවන දායකත්වය අතිමහත් ය.
ඒ අනුව එම සේවාව අගය කරනුවස් ඔවුන් වෙනුවෙන් විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පසුගිය රජය සමයේදී ආරම්භ කළේය.
ඒ අනුව සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් (2) යුත් විද්‍යුත් වාහනයක්ද, අමෙරිකානු ඩොලර් 65,000 ක උපරිමයකට යටත්ව රෝද 4 කින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක්ද ආනයනය කිරීමටද බලපත්‍ර ලබා දී තිබුණි.
කෙසේ වෙතත් මෙතෙක් නිකුත් කර ඇති එවැනි බලපත්‍ර 1,000 කට අධික සංඛ්‍යාවක් අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විශේෂ විගණනයකදී අනාවරණ වී තිබේ.
මෙම පසුබිම හමුවේ එම බලපත්‍ර ලබාගැනීමට සුදුසුකම් ලැබූ විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසකට එම බලපත්‍ර හිමි වී නැති බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි.
එමෙන්ම එම බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේදී තවත් අක්‍රමිකතා රැසක්ද සිදුවී ඇති බව ‘ජාතික විගණන කාර්යාලය’ පෙන්වා දෙයි.
ඒ අනුව සියලු අක්‍රමිකතා ඇතුළත් කර සැකසූ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
ඒ අනුව එම වාර්තාව ඉදිරියේදී සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ හරහා රජයට නිර්දේශ ගණනාවක්ද ‘ජාතික විගණන කාර්යාලය’ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණ වූ කරුණු මත මසකට අධික කාලයක් පුරා සිදුකළ විගණනයක් හරහා මෙම වාර්තාව සම්පාදනය කර තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴